content top

2010-06-20

FaceBook Chat එකට Chit Chat


ඔන්න ඉන්ටනෙට් එක පැත්තේ ඉන්නකොට සොෆ්ට්වෙයා කෑලලක් ලැබුනා.. ඒ තමයි Chit Chat. මේක නම් හිතට ඇල්ලුවා. වැඩ කෑලි එහෙම තියෙනවා. තවත් සොෆ්ට්වෙයා කෑලි තියෙනවා. ඒත් ඒ හැම එකකටම වඩා මේක හොදයි කියලා කියන්න පුළුවන්.

දැන් අනිත් සොෆ්ට්වෙයා වලට Log උනාම මූනූ පොතට වෙනම Browser එකෙන් Log වෙන්න බැහැනේ. ඒත් මේකේ එහෙම නෑ. ගොඩක් වැඩ කෑලි තියෙනවා. FaceBook Chat එකට කියාපු භාණ්ඩය. අපි ඉතිං මූණු පොතට බැන බැන ඒකෙම ඉන්නවනේ.. දවස පුරාම ඒකේ. කොටින්ම කිව්ව්තින් මාත් එහෙම තමයි. මේ අගෝස්තු වල විභාගේ.. දවල්ට ඹුණු පොතේම ඉන්නවා. රෑට නිදි මරාගෙන පාඩම් කරනවා.. මොනා උනත් මූණු පොත නියම ස්පොට් එක.. ඉතින් චැට් එකට සෙට් වෙන්න මේ සොෆ්ට්වෙයා එක ගන්නකෝ. හොද නරකත් මතක ඇතුව කියන්නකෝ. 1.74MB File එකක් තියෙන්නේ.

මෙන්න මෙතනින් ගන්න

2010-06-19

රස්තියාදු ගහන Couple පොලීසියෙන් අල්ලන් යනවලුනේ

මාරම වැඩක් මෙහෙ වෙන්නේ.. මෙහේ තමයි කළුතර. ඔන්න ඊයේ පංතියේ ඉන්නකොට හොල්මන් වෙන ආරංචියක් ආවේ. පංතිය ලග තියෙන පාරක හිටපු කපල් එකක් පොලීසියෙන් අල්ලන් ගිහින්.. අපේ සෑර්ට ආරංචිය ඇවිත් අපිටත් කිව්වා.. හී හී මාරම වැඩේ. අපිත් හොයලා බැලුවා. සිරා කතාව. දැන් ඉතින් එකට පාරේ යන්න බැරි තත්වයක්නේ උදා වෙලා තියෙන්නේ. අපේ එවුන් ඉතින් පාරවල් ගානේ මල් කඩන්න ගියාම කෙලවරක් නෑනේ. ආපෝ ආපහු නම් ඇවිදින්නවත් යන්නේ නෑ. අනිත් එක පොලිසියට මෙහෙම කරන්න තියෙන අයිතිය මොකද්ද? ඔය ගැන කතා කරන්න ගියොත් පිස්සු හැදෙනවා.

කාලයක් මෙහෙම නීතියකුත් තිබුනා. ස්කොලේ යන කොල්ලොන්ගේ බැජ් එක තියෙන්වද බලනවා. කලිසම ඉන ලගට තියෙනවද බලනවා. හි හි දවසක් මාවත් අල්ලගත්තා.. මහ ටවුන් එකේ කෙල්ලෝ ගොඩක් මැද්දේ. වස නෝන්ඩිය. මොනා කරන්නද ශේප් එකේ කලිසම උස්සගත්තා. තව කෙල්ලොන්ගේ ඉන පටිය, බැජ් එක එහෙම බලනවා.

අනේ මන්දා මෙයාලට වැඩක් නැද්ද කොහෙද. අපේ තියෙන මානව අයිතිවාසිකම් කඩ කරන්නේ ඇයි මෙහෙම? ඒකට ජර්මනිය, පෙම්වෙතුන්ට වෙන්වුනු Red City කියලා නගරයකුත් තියෙනවා. කොහොම උනත් ලංකාවේ මේ නීති ටික කාලෙකින් නැති වෙලා යනවා. එතකම් පරිස්සම් වෙලා ඉන්න ඕනා. ඉතිං ඔයාලගේ පැත්තෙත් මෙහෙම නීතියක් එහෙම තියෙනවද?

2010-06-18

෴අදුරු ‍රැයකට සද එළිය සේ෴

බ්ලොග් පෝස්ට් වල පිංතූර ක්ලික් වීම ඉවත් කිරීම.

දන්නවනේ අපේ ලිපි වලට පිංතූර දැම්මම ඒවා කිලික් වෙනවා. ඊට පස්සේ යන්නේ http://4.bp.blogspot.com/### වැනි URL එකකට. මේක ඇත්තට කරදරයක්නේ. විශේෂයෙන්ම බලන කෙනාට. නිකම් තියෙන ඉමේජ් එකක් ක්ලික් වෙන්න දෙන්නේ මොකටද? මේක ඉවත් කරන එක හරිම ලේසියි.







මුලින්ම අපේ ලිපි ලියනකොට පින්තූර දානවනේ. මෙන්න මේ විදියට පිංතූරය දාලා, පිංතූරය ක්ලික් කරලා








ලින්ක් බොත්තම ක්ලික් කරලා එහි http කොටස ඉවත් කරන්න. දාපු ලිපියක මේ දේ කරගන්න ඕනි නම් Edit Posts ගිහින් අවශ්‍ය ලිපියට ගිහින් මේ වගේම කරගන්න පුළුවන්.

YouTube Downloader 3000 ගැන දන්නවද?

මේක නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. ගොඩක් අය You Tube Vedios බලනවනේ. ඒවා ගන්නවනේ. මේකට ගොඩක් අය පාවිච්චි කරන සොෆ්ට්වෙයා එක තමයි, YouTube Downloader . මේ ඒ සොෆ්ට්වෙයා එක නම් නෙමෙයි. මම ලගත් ඒ සොෆ්ට්වෙයා එක තියෙනවා. ඒත් පොඩි ලෙඩක්, වීඩියෝ එක බානකොට සමහර වෙලාවට හිර වෙනවා. ඒ ඇයි කියලා නම් දන්නේ නෑ. Weekly Delight පාවිච්චි කරන අයට මේක උනාම එපා වෙනවනේ. මොකද ගිය Mega Byte ආපහු ගන්නයැ.

ඉතින් මම YouTube Downlaoder 3000 සොෆ්ට්වෙයා කෑල්ලට මාරු උනා. මේක ගොඩක් වේගවත්. ඒ වගේම මෙත්නදිම ව්විද Format (FLV, MP4(ipod), HD MP4, 3G ) වලට Convert කරගන්න පුළුවන්. වේගය නම් නියමයි. අරගෙනම බලලා කියන්නකෝ.

මෙන්න මෙතනින් අරගන්න. ( 738 KB )

සැ.යු -මේ සොෆ්ට්වෙයා එක වින්ඩොස් 7 වලට වැඩකරන්නේ නෑ.

2010-06-17

Weekly Delight පිහිටට ආ Super Anti Spyware


කට්ටිය බලනවා ඇති මම මේ මොනාද කියන්නේ කියලා. මේ දවස් ටිකේ මට නියම වැඩක් වුනේ. මම ඉතින් පාවිච්චි කරන්න මොබිටෙල් Weekly Delight නේ. සිද්දිය කෙටියෙන් කියන්නම්කෝ. මම දැන් Active කරලා පැයක් යන්න නෑ. 200MB ම අප්ලෝඩ් වෙනවා. ආයේමත් Active කරලා බැලුවා. Browsing කරන්නේ නැතුව. ඒත් ඒ විදියටම වෙනවා. මාර වැඩේනේ මෙහෙම උනොත් ආපහු Format කරන්නයැ.

ඉතින් දන්න හැම වැඩ කෑල්ලම දාලා බැලුවා. කැස්පා ඇන්ටි දාලා බැලුවා. කිසිම Visru එකක් නෑ. Update කරලා තියෙන්නේ. දැන් ඉතින් මාරම අෆ්සෙට්. අපේ සෙට් එකේ එකෙක් ලග තිබුනා කියලා සොෆ්ට්වෙයා කෑලලක්. දාලා බැලුවා. බලනකොට Adware දෙකයි Spyware එකයි තියෙනවා. හි හී.. ඔන්න ඉතින් ඔය තුන් කශ්ටිය අයින් කරා.. දැන් නම් එල.. කොච්චර දවස් මෙහෙම පාවිච්චි කරාද දන්නේත් නෑ. කොහොම උනත් රු.100ට 200MB ක් මදි වගේ. අනේ මන්දා. හි හී.

ඉතින් මේ සොෆ්ට්වෙයා කෑල්ල ඕනි වෙයි කියලා හිතෙනවා නම් මෙන්න මෙතනින් ගන්න. කවදා හරි ඕනි වෙයි.

Firefox වලට FB Toolbar එකක් සහ Fox Tab

FireFox ToolBar
ගොඩක් අය මූන පොතේ ඉන්නවනේ. ඉතිං මේ තියෙන්නේ Fire Fox වලට හරියන ToolBar එකක්. මේකේ ගොඩක් වැඩ කෑලි එහෙම තියෙනවා. අරගෙනම බලන්නකෝ..

මෙන්න මෙතනින් අරගන්න





Fox Tab


තවත් Addon එකක් ලැබුනා. මේක හරියට Vista වල තියෙන Switch Between Windows වගේ. නම තමයි Fox Tab. මේකෙන් Fire Fox වල වැඩ Easy වෙනවා. ඒ වගේම 3D ලෝකයක්. ඒකත් අරගෙනම බලන්නකෝ.

මෙන්න මෙතනින් අරගන්න


මාත් Browser හතරක් විතර ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ. ඒත් Fire Fox තරම් හරි යන එකක් නම් මට තවම ලැබුනේ නෑ. ඉතින් ඔයගොල්ලොන්ට කොහොමද?

ඔබේ දැන්වීමට 125*125 ක ඉඩක්


ඔන්න මගේ බ්ලොගයෙන් ඔබේ දැන්වීමට ඉඩක් වෙන් කරා. පහත ෆෝමය නිසියාකාරව පුරවා එවීමෙන් ඔබේ දැන්වීමට ඉඩක් ලබා ගත හැකිය. මේ සම්බන්ධව කිසිදු අය කිරිමක් නොමැත.


දැන්වීමක් පළ කිරීම

ඔබේ නම
*
ඔබේ ඊමේල් ලිපිනය
*
ඔබේ බ්ලොගයේ URL එක
*
ඔබේ දැන්වීම
*
125*125 ප්‍රමාණයේ දැන්වීමක් එවන්න
මේ සම්බන්ධව ඔබේ
පණිවිඩය
කේත ඇතුලත් කිරීම
captcha
රූපයේ ඇති සංකේත නිවැරදිව ඇතුලත් කරන්න:
[අලුත් කේතයක් සදහා][]

2010-06-16

෴..ශාන්ගේ අඩවිය..෴ on Facebook සහ මගේ බ්ලොග් Life එක

ඔන්න මගේ අඩවියටත් මූනු පොතේ ඉඩක් වෙන් කරා. මම ලියන කර දේවල් දැන් මූනු පොතේ SET එකත් එක්ක බෙදාගන්න සූදානම්. මේ ඉතින් මගේ බ්ලොග් ජීවිතයේ පළමු අදියරයන් ටික..

තව හොද ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. තාම ඉතිං මං පොඩි එකානේ. ඇත්තට සිංහලෙන් බ්ලොග්ස් ලියන මෙපමන මානසික් තෘප්තියක් කියලා දැනගෙන උන්නේ නෑ.. අපිට තේරෙන භාෂවෙන් කෂ්ටියත් එක්ක හිතට දැනෙන දේත්, දන්නා කියන හැම දේත් කියන්න තියෙනකොට නියම භාෂාවෙන් කිව්වොත් මරු.

තව ඉතිං වැඩ කෑලි හොයාගෙන ඉදිරියට යන්න බලොපොරොත්තු වෙනවා. ඒ අතරින් සින්ඩියනම් හුගක් වැදගත් වෙනවා. සින්ඩිය නිසා තමයි, බ්ලොග් ලියන්න හිතෙන්නෙත්.


මගේ බ්ලොග් ජීවිතය ගැන කිව්වොතින්,
මම මුලින්ම කරේ ඉංගිරීසි සයිට් එකක්.. කට්ටියට හිතාගන්න පුළුවන්නේ ඒ මොකටද ඒ කියලා. වෙන මොකටද ඇඩ්සෙන්ස් කරන්න මිසක්. ඒත් ඇඩ්සෙන්ස් ගුරාලගේ පිහිට පැතුවේ නෑ. සාමාන්‍ය දැනීම තමයි. පළවෙනි චෙක් එක ගත්තා හොරට. Yahoo Cha, FB Chat tවගේ දේවල් හුගක් උදවු වුනා. 10 imps, 1 add 20 imps 1 add 3 bps හික්ස්. දෙවෙනි චෙක් එකත් ගත්තා. 50% අසාධාරණව. 50% සාධාරණව. adsense revenue sharing සයිට්ස් ඒ අතරින් විශේෂයි. ඒත් එක පාරක් වත් ඇඩ්සෙන්ස් බැන් කරගත්තේ නම් නෑ. ගානට මිම්මට කරා. ඔන්න ඔහොමයි ඇඩ්සෙන්ස් ජීවිතේ. දැන් නම් කරන්නේ නෑ. ඒත් ඇඩ්සෙන්ස් ගිණුම තවම තියෙනවා. ඒ අතරේ තව ගිණුමක් හදාගත්තා. හදාගෙන තියාගන්න එක හොදයි නේ. නැත්තම් ඉස්සරහට දුන්නේ නැත්නම්..

ඊට පස්සේ තමයි සිංහලෙන් බ්ලොග් එකක් පටන් ගත්තේ. ඒ සින්ඩියේ තියෙන සිංහල බ්ලොග්ස් දැකලා. ඉතින් පටන් ගත්තා, එතකොට සින්ඩියට මම ඇවිත් නෑ. ඔය අතරේ හිතුන මාත් සින්ඩි යනවා කියලා. සින්ඩියේ මේල් එක ආවම මාර හැපි. ඉතින් එදා ඉදන් අද වෙනකම් මම ලිපි ලියනවා. හුගක් ආසවෙන් වගේම, සෑහෙන මානසික් තෘප්තියක් ලබමින්.

ඉතින් මගේ මූනු පොතේ ෆෑන් පේජ් එකට මෙන්න මෙතනින් වෙන්න.

2010-06-15

Perfect Utilities 2.0 ගැන දන්නවාද?


අද මම කියන්න යන්නේ හැමෝටම වටින මෘදුකාංගයක් ගැන. මේක මමත් හුගක් භාවිතා කරනවා. System Cleaners, Auto Shutdown, Uninstall Manager, Startup Manager වැනි මෘදුකාංග හුගක් දාගෙන ඉන්නවට වඩා හැමදේම එක තැනකින් කරගන්න පුළුවන් මෘදුකාංගයක් ලැබුනොත් හොදයිද?

මේ මෘදුකාංගය ඇතුලේ මෘදුකාංග 21 ක් තියෙනවා. ඇත්තටම හුගක් වටින සොෆ්ට්වෙයා කෑල්ලක් මේ. මෙන්න මෙහෙමයි මෘදුකාංග 21.

System Cleaners


System Optimizers
System Control
System Tools

Registry Tools

File Tools
මේ සොෆ්ට්වෙයා කෑල්ලෙන් මෙමරියට නම් ගානක් වත් නෑ. ඒත් වැඩ නම් ගොඩයි. මේකේ වැඩි ධාරිතාවයකුත් නෑ. 5MB තියෙන්නෙත්. අරගෙනම බලන්නකෝ.


මෙන්න මෙතනින් අරගන්න

2010-06-14

ඔබේ අඩවියට Animated Notice Box එකක්

බ්ලොගට එකක් Animated Notice Box දැම්මොත් කොහොමද? මේ මගින් බ්ලොගේට පිලිගැනීමක් හරි, ඉදිරියේදී කරන්න තියෙන දෙයක්, නැත්තම් බ්ලොග ගැන ලියලා තියන්න පුළුවන්. ඉතින් මං කියලා දෙන්නම් මේ Gadget එක දාගන්න විදිය.. හරිම ලේසියි..

මුලින්ම බ්ලොගේට Log වෙන්නකෝ. ඊට පස්සේ Design>Page Elements>Add Gadget>HTML/Java Script ගන්න. දැන් මේ Code එක දාලා Save කරලා බලන්නකෝ.

<style>
#info{
border: 1px solid;
margin: 10px 0px;
padding:15px 10px 15px 50px;
background-repeat: no-repeat;
background-position: 10px center;
position:relative;
color: #00529B;
background-color: #BDE5F8;
background-image: url('http://i46.tinypic.com/jzf8tk.jpg');
}
</style><script src="http://code.jquery.com/jquery-1.2.3.min.js" type="text/javascript">
</script>

<script type="text/javascript">
$(document).ready(function(){
$(".close").click(function(){
$("#info").animate({left:"+=10px"}).animate({left:"-5000px"});
});
$("#info").fadeOut(800).fadeIn(800).fadeOut(400).fadeIn(400)
.fadeOut(400).fadeIn(400);
});

</script>
<div id="info">
<a class="close" href="#close" style="float: right;"><img border="0" src="http://i48.tinypic.com/3502jif.jpg" /></a> ඔබේ සටහන


"ඔබේ සටහන" මේ වෙනුවට ඔයාගේ Note එක ලියන්න.

Background Color
වෙනස් කරගන්න ඕනි නම්
background-Color: #BDE5F8;
මෙයට අදාල Color Code එක ලබාදෙන්න.

Border Line Color වෙනස් කරගන්න ඕනි නම්
color: #00529B; මෙයට අදාල Color Code එක ලබාදෙන්න.

හොදයිද කියලා බලලා කියන්නකෝ. මාත් ඔය දාගෙන තියෙන්නේ ඔය ගැජ්ට් එක තමයි.

2010-06-13

ඔබේ ලිපි වලට Read More බොත්තම ලබා දීම ( ලස්සනයි වැඩේ )

මේක නම් ඇත්තටම ලස්සන වැඩක්. මේකෙන් අපේ මුල් පි‍ටුවේ තියෙන ලිපි කෙටි වෙලා Read More බොත්තම වැටෙනවා. මට නම් මාර විදියට හිතට ඇල්ලුවා මේක. මේකෙන් බ්ලොග් එකේ ඉඩත් ඉතුරු වෙනවා. අනික අපේ ලිපි කාණ්ඩයකට ගියාම මේ විදියටම ලිපි කෙටි වෙලා Read More බොත්තම වැටෙනවා. ලිපි කෙටි වීම අපිට ඕනි විදියට හරිගස්සන්න පුළුවන්. ඉතින් මං කියලා දෙන්නම් මේක කරන විදිය.

මුලින්ම බ්ලොගේට Log වෙන්නකෝ. Design ඊට පස්සේ ගිහින් Edit HTML ගන්න. ඊට පස්සේ Expand Widget Templates ගන්න. හැමදේම කරගන්න කලින් ඔයාගේ Template එක Download කරගන්න අමතක කරන්න එපා. දැන් Key Board එකේ ctrl බොත්තම සමග F Press කරන්න. </head> කියන කොටස හොයාගන්න. දැන් ඊට ඉහලින් මේ Code ටික Paste කරන්න. ඒ කිව්වෙ </head> කොටස මේ Code එකට පහලින් තියෙන විදියට.

<script type='text/javascript'>var thumbnail_mode = "no-float" ;
summary_noimg = 430;
summary_img = 340;
img_thumb_height = 100;
img_thumb_width = 120;
</script>
<script type='text/javascript'>
//<![CDATA[
function removeHtmlTag(strx,chop){
if(strx.indexOf("<")!=-1)
{
var s = strx.split("<");
for(var i=0;i<s.length;i++){
if(s[i].indexOf(">")!=-1){
s[i] = s[i].substring(s[i].indexOf(">")+1,s[i].length);
}
}
strx = s.join("");
}
chop = (chop < strx.length-1) ? chop : strx.length-2;
while(strx.charAt(chop-1)!=' ' && strx.indexOf(' ',chop)!=-1) chop++;
strx = strx.substring(0,chop-1);
return strx+'...';
}
function createSummaryAndThumb(pID){
var div = document.getElementById(pID);
var imgtag = "";
var img = div.getElementsByTagName("img");
var summ = summary_noimg;
if(img.length>=1) {
imgtag = '<span style="float:left; padding:0px 10px 5px 0px;"><img src="'+img[0].src+'" width="'+img_thumb_width+'px" height="'+img_thumb_height+'px"/></span>';
summ = summary_img;
}
var summary = imgtag + '<div>' + removeHtmlTag(div.innerHTML,summ) + '</div>';
div.innerHTML = summary;
}
//]]>
</script>


දැන් මෙන්න <data:post.body/> මේ Code එක හොයාගන්න. දැන් මේ Code එක ඉවත් කරලා, එතනටම මේ Code ටික Paste කරන්න. Replace කරන්න.

<b:if cond='data:blog.pageType != "item"'>
<div expr:id='"summary" + data:post.id'><data:post.body/></div>
<script type='text/javascript'>createSummaryAndThumb("summary<data:post.id/>");
</script> <span class='rmlink' style='float:right;padding-top:20px;'><a expr:href='data:post.url'><img src='http://i37.tinypic.com/351icqx.jpg'/></a></span>
</b:if>
<b:if cond='data:blog.pageType == "item"'><data:post.body/></b:if>

දැන් http://i37.tinypic.com/351icqx.jpg වෙනුවට ඔබේ Image URL එක ලබා දෙන්න. නැත්තම් පහල එකකින් කැමති එකක් ලබා දෙන්න. නැත්තම් ඔබ කැමති Image එකක් හදාගන්න පුළුවන්. හදාගෙන Photobucket වලට Upload කරලා, ඒ URL එක http://i37.tinypic.com/351icqx.jpg වෙනුවට ලබදෙන්න.


http://i643.photobucket.com/albums/uu153/nirav07/black-1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/black.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/black1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/blue-dark.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/blue-1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/blue.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/blue1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/bluish.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/brown.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/dark-bluish.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/dark-grey.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/dark-orange.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/dark-purple.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/green.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/green1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/greenish.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/grey-1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/grey.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/grey1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/light-blue.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/light-orange.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/orange.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/original.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/pink.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/purple-1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/purple.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/purple1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/red-dark.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/red-1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/red.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/red1.gif



ලිපි කෙටි වීම අඩු වැඩි කරන්න ඕනි නම් මෙහි වෙනස්කම් කරගන්න.
summary_noimg = 430;
summary_img = 340;


මේ තියෙන්නේ ශාන්ගේ අඩවිය මං දාගත්ත විදිය.
එහෙනම් දාලා බලන්නකෝ. හොදයි නම් ප්‍රතිචාර දක්වන්නකෝ..


content top