content top

2010-07-12

Animated Notice Box එකට HTML/Java Script එකක්

කලින් මම කියලා දුන්නනේ Animated Notice Box එකක් බ්ලොගයට දාගන්නේ කොහොමද කියලා. බැලුවේ නැත්තම් මෙන්න මෙතනින් බලන්නකෝ.ඉතින් මේ එකේ ලියන දේ වෙනුවට Java Script එකක් උනත් දාගන්න පුළුවන්. ඔය මම දැන්වීමක් දාගෙන තියෙන්නේ ඒ විදියට තමයි. ඉතින් මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ.

මුලින්ම බ්ලොගේට Log වෙන්නකෝ. ඊට පස්සේ Design>Page Elements>Add Gadget>HTML/Java Script ගන්න. දැන් මේ Code එක දාලා Save කරලා බලන්නකෝ.

<style>
#info{
border: 1px solid;
margin: 10px 0px;
padding:15px 10px 15px 50px;
background-repeat: no-repeat;
background-position: 10px center;
position:relative;
color: #00529B;
background-color: #BDE5F8;
background-image: url('http://i46.tinypic.com/jzf8tk.jpg');
}
</style><script src="http://code.jquery.com/jquery-1.2.3.min.js" type="text/javascript">
</script>

<script type="text/javascript">
$(document).ready(function(){
$(".close").click(function(){
$("#info").animate({left:"+=10px"}).animate({left:"-5000px"});
});
$("#info").fadeOut(800).fadeIn(800).fadeOut(400).fadeIn(400)
.fadeOut(400).fadeIn(400);
});

</script>
<div id="info">
<a class="close" href="#close" style="float: right;"><img border="0" src="http://i48.tinypic.com/3502jif.jpg" /></a>මෙතනට ඔයාගේ html Code හරි Java Script හරි දාන්නකෝ

සමනළ රෑනක් සේ | සොදුරු පාසල් ජීවිතේ

කට්ටිය බලනවා ඇති මම මේ මොනාද කියන්න යන්නේ කියලා. ඔව් සොදුරු පාසල් ජීවිතේ කිසිම කෙනෙකුට කවදාවත්ම අමතක වෙන්නේ නෑ. පොඩි කාලේ කොල්ලෝ කෙල්ලො එකට සෙල්ලම් කරලා, හරිම හරි නෝටි වැඩ කරලා පහ වසරෙන් පස්සේ ටික්ක ඇඩ්වාන්ස් වෙනවා. එතකොට් කෙල්ලොත් එක්ක වැඩියම නෑ.. හි හී.. ආපහු 10-11 වසරට ආවම ඒ සුන්දර කෙල්ලොත් එක්ක කොච්චර නම් ජොලිද? මේ යාළුකම් ඇත්තටම හරිම සුන්දරයි. ආපහු සාමාන්‍ය පෙළ සමත් වෙලා පොඩි පොඩි කෙල්ලෝ සෙට් එකත් එක්ක ජොලිය පටන් ගන්නවා. ඒ අතරම ආදර සම්බන්ධතාද නැතුවම නෙමෙයි.. ඉස්කෝලෙන් පැනලා ගුටි කාලා, පීරියඩ් කට් කරලා ගුටි කෑවත් දැන් මතක් කරලා බලනකොට හිනා, දුකයි.... මේ කාලේ ජීවිතේ සුන්දරම කාලේ තමයි.

ඔය පහලින් තෙයෙන්නේ අපේ එවුන්ගේ පිස්සු වැඩ ටිකක්.

Photo034

Photo055

Photo061


Photo089

මගෙත් උසස් පෙළ ඉවර වේගෙන එනවා. අද මම ස්කෝලෙන් අස් වුනා.. අඩන්න කදුලු මදි මට. මට උසස් පෙල විභාගෙ කරන්න කලින් අස් වුනේ මම උසස් පෙල පෞද්ගලිකව අයදුම් කරන නිසයි.. ඉතිං අද ස්කෝලෙන් අස් වුනා. ස්කෝලෙ මිස්ලා, සර්ලට හා විදුහල්පති තුමා ටත් වැදලා ආවා.. ස්කෝලේ කැන්ටිමෙන් අන්තිම ආහාරය ගන්නත් අමතක් කරේ නෑ. ඉතිං මගේ පාසල් ජීවිතේ ඉවර වුනා.. අනේ ආයේ මට එකොලහ වසරට යන්න ඇත්නම්. මේ කදුළු පේනවද? තව ටික කලකින් මේ අධ්‍යාපනය ඉවර වෙලා, ජොබක් කරනකොට් ජීවිතේ නීරස වෙයිද මන්දා...

අද ගෙදර ආපු ගමන් සින්දුවක් මතක් වුනා.. ඒ තමයි "සමනළ ‍රැනක් සේ ඉගිලී" කියන සින්දුව.. ඉතිං හොයාගෙන ඩවුන්ලෝඩ් කරගත්තා.. මේ සින්දුව අහනකොටත් හොදටම ඇඩෙනවා.. ඒ තරම් සින්දුවේ තේරුම, කියන විදිය හරි ලස්සනයි.. මේරියන්ස්ලා තමයි කියන්නේ. "ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ". මේ සින්දුව අහද්දී මුළු හිතම හිරි වැටෙනවා.. මේ තියෙන්නේ ඒක තමයි.

සමනළ රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසල් කාලේ
අයේත් එනවා නම් අපේ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ

පාසල් මවු තුරුලට වීලා
අයන්න ආයනු ගලපාලා
නොදැනිම අවුරුදු දොළහක් ගෙවිලා
නිමා වෙලා පාසල් කාලේ

දුව පැන නට තරග කරාලා
ජය ගෙන හිනැහුන ඒ කාලේ
ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
විදු මව් තුරුලේ උන් කාලේ

සුලගට හසුවූ පහන් සිලක් මෙන්
සැගව ගියාදෝ අපේ බාලේ.......

ඉතිං මේ සින්දුවට ආසනම් ඔයාටත් පුළුවන්
මෙන්න මෙතනින් අරගන්න

GTA Vice City Ultimate කරගන්න. (අර පිස්සු කෙලින ගේම තමා)

ඔන්න කාලෙකට පස්සේ ඒ කාලේ පිස්සු කෙලපු ගේම් එක මතක් උනා. Vice City කිව්වමනම් ඕනම කෙනෙක් දන්නවනේ. පට්ට ගේම කියලා. මේකේ මෙහෙයුම් හුගක් තියෙනවනේ. මම නම් ඔක්කොම ටික ඉවරයක් කරලා දැම්මා. තව කවුද ඉවර කරේ කියලා කියන්න බලන්න්. අමාරු මෙහෙයුමක් එහෙම තියෙනවනම් මට කියන්න... Cheat තමයි හැබැයි.. නැතුව ඕක ගහන්න පුළුවනැයි. ඔක්කොම මෙහෙයුම් ටික ඉවර උනායින් පස්සේ පිස්සු කෙලින් එක තමයි ජොලි වැඩේ. පොලිස් කාරයෙක් යට කරන් ගියාම තරු දෙකයි නොවෑ.. එතන් ඉදන් ඉතිං පිස්සු කෙලින්න තියෙන්නේ... මේ ගේම ඉවරයක් කරලා දාන්නම් මම පට්ට කට්ටක් කෑවේ... නොකා නොබී ගැහුවේ. හික්ස්...

ඉතිං අද ඔය ගේම් එක මතක් වුනා. දැන් නම් ගේම් අත ඇරලා තියෙන්නේ.. ඒත් මේකේ පිස්සු කෙලින්න පුළුවන් නිසා අත අරින්න හිතෙන්නේම නෑ.. දැන් ඉතිං ජංජාලෙත් තියෙන නිසා Vice City Updates එහෙම තියෙනවද බැලුවා. Ultimate Vice city කියලා තිබුනා. Download කරලා බැලුවා. දැන් Install කරලා ගේම දාලා බැලුවා.. හී හී ෆට්ට ඈ.. නියම Cars ටිකකුයි Bike ටිකකුයි තියෙනවා. තව Planes එහෙම තියෙනවා.... තව Player Skin වෙනස් කරන එකකුත් Download කරගත්තා. ඔය පහල ඉන්නේ මම නොවෑ.

ultimate vice city

ඉතිං මේ ගේමේ පිස්සු කෙලපු අය දන්නවා ඇති මේ ගේම් එක ගැන.. ඉතින් Ultimate කරන් බලන්නකො. හැබැයි මේ ෆයිල් එක මෙගා බයිට 160 ක් වගේ තියෙනවා.

Vice City Ultimate 2.0 මෙතනින් අරගන්න (166.37MB)

Player Skins මෙතනින් අරගන්න (3MB)

2010-07-11

Windows Live Writer මගින් බ්ලොගින් (Offline වුනත්)

අද මම කියන්න යන Software එකට නම් හැමෝම කැමති වෙයි.ඔව් අපිට මේ Software එකෙන් Blog ලියන්න පුළුවන්.. මේ Software එකෙන් Offline ඉන්නකොටත් Blog ලියලා Save කරලා තියාගන්න පුළුවන්. ඉතින් හොදයිනේ.. මේ Software එක මගින් හුගක් පහසුකම් දීලා තියෙනවා.  මේ Software එක Installa කරගන්න Internet වලට Log වෙලා ඉන්න ඕනා. පොඩි File එකක් මුලින් Download  කරන්  පස්සේ Internet එකේ ඉන්දෙද්දීම Run කරන්න තියෙන්නේ. ඒ File එක මම දෙන්නම්කෝ. (1MB)

මේ සොෆ්ට්වෙයා එක Install කරගන්න මෙගා බයිට 25ක් වගේ යන්නේ. හැබැයි Install කරද්දී අහනවා වෙන Software වගයකුත් Install කරන්නද කියලා. Mail සොෆ්ට්වෙයාස් වගේ.  ඉතින් මේ Widows Live Writer ට විතරක් හරියක් දාන්න අමතක කරන්න එපා. මොකද මේ ඔක්කෝම Software ටික දාගන්න ගියෝතින් මෙගා බයිට 100 කට වඩා යන නිසා. Install  කරායින් පස්සේ අහයි Live Mail Account එකක් හදාගන්නවද කියලා. ඒවා මුකුත් ඕනේ නෑ. ඒක Close කරලා දැන් Writer රන් කරන්න. ඊට පස්සේ Blogging Click කරලා ඔයා Blog එකට Log වෙන Email Address එකයි Password  එකයි ලබා දෙන්න. Blog එකේ U.R.L එකත් ලබාදෙන්න. දැන් තප්පරයකින් Load වෙලා බ්ලොගින් කරන්න පුළුවන්.  Offline වුනත් පුළුවන්. ඔය පහලින් තියෙන්නේ මම බ්ලොගින් කරපු විදිය. පැහැදිලි නැත්තම් ලොකු කරලා බලන්නකෝ.

 

LIVE WRITER

ඒ වගේම මේ Software එක WordPress වලට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම හොද Software එකක්. හුගක් පහසුකම් දීලා තියෙනවා. අරගෙනම බලන්නකෝ.

මෙන්න මෙතනින් අරගන්න

2010-07-09

Phoonk | බය වෙන්න මෙන්න ‍ෆිල්ම


මම දැන් දවස් දෙකකට කලින් ලස්සන ආදර කතාවක් දුන්නානේ. අද මම දෙනවා හොදට බය වෙන්න පුළුවන් ‍ෆිල්මක්. මම කොහොමත්ම කැමති හොදට බය වෙන්න පුළුවන් කතා, ලස්සන ආදර කතා වලට තමයි. ඉතින් හිතුවා හොදට බය වෙන්න පුළුවන් ‍ෆිල්මක් හොයන්න. ගියා වීඩියෝ බටේ පැත්තේ. සර්ච් එකක් දැම්මා Hindi Horror Movies කියලා. තිබුනා Phoonk කියලා ‍ෆිල්මක්. මුලින්ම් ට්‍රෑලක් බැලුවා. පට්ට. ඉතින් වීඩියෝ බටෙන්ම පාට්ස් ටික ඩවුන්ලෝඩ් කරා. නියම කොලිටි තියෙනවා.

මේක හින්දි ‍ෆිල්මක්. මේකේ කතාව කෙටියෙන් කිව්වොතින් එක්තරා මනුස්සයෙක් මායාකාර ගැහැනියක් එක්ක අවුලක් ඇති කරගන්නවා. ඉතිං ඊට පස්සේ මායාකාරිය කරන්න පුළුවන් හැම වැඩේම කරනවා. මේකේ ගොදුරක් වෙන්නේ අර මනුස්සයගේ දුව. ඉතිං මේ පුංචි කෙල්ලව බේරගන්න පුළුවන් වෙයිද.? මේ තියෙන්නේ ට්‍රේලක්.






Phoonk Trailer




මම මේකYoutube Parts විදියටම දෙන්නම්කෝ. මේකේ කොලිටි එක ගොඩක්ම හොදයි. You Tube Vedios I.D.M හරහා ඉක්මනින් හිර වීම් නැතුව ඩවුන්ලෝඩ් කරන හැටි කිව්වනේ. බැලුවේ නැත්තම් බලන්නකෝ. "ඔව්! ඔව්! කොරියානු ලස්සනම ලස්සන ආදර කතාවක් තමයි". මෙන්න එහෙනම් මේ ‍ෆිල්මේ කොටස් ටික.

Phoonk [Hindi 2008] *HQ* Part 1

Phoonk [Hindi 2008] *HQ* Part 2
Phoonk [ Hindi 2008] *HQ* Part 3
Phoonk [Hindi 2008] *HQ* Part 4
Phoonk [Hindi 2008] *HQ* Part 5
Phoonk [Hindi 2008] *HQ* Part 6
Phoonk [Hindi 2008] *HQ* Part 7
Phoonk [Hindi 2008] *HQ* Part 8
Phoonk [Hindi 2008] *HQ* Part 9
Phoonk [Hindi 2008] *HQ* Part 10
Phoonk [Hindi 2008] *HQ* Part 11

එහෙනම් බයවෙන්නකෝ. හොදට සද්දේ එහෙම වැඩි කරන් රෑටම බලන්නකෝ. හොදයි නම් මොනා හරි දාලම යන්න අමතක කරන්න එපා.

2010-07-08

SharpReader ගැන දන්නවද? (හැමෝටම වැදගත්)

අද මම කියන්න යන්නේ හැමෝටම වැදගත් වෙන සොෆ්ට්වෙයා එකක් ගැන. මේක නමින් SharpReader. මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩයි. මම නම් දැන් මේකෙන් උපරිම ප්‍රයොජන ගන්නවා. මෙන්න මෙහෙමයි වැඩේ සිද්ද වෙන්නේ. මේ සොෆ්ට්වෙයා එක Open කරලා අපි ආසම කරන WebSite වල Feeds වල URL එක දාන්න ඕනා. ඊට පස්සේ අපේ Desktop එකටම අපි ආස කරන WebSite වල ලිපි ලබාගන්න පුළුවන්.. අළුත් ලිපි එසැනින් Notification එකක් මගින් එනවා. ඊට පස්සේ සොෆ්ට්වෙයා එකට ගිහින් බලන්න පුළුවන් මුළු ලිපියම. කැමති නම් මේ සොෆ්ට්වෙයා එක මගින්ම වෙබ් සයිට් එකට යන්නත් පුළුවන්. ගොඩක් පහසුකම් දෙනවා. ෆීඩ්සFeeds 200 කට වඩා ADD කරගන්නත් පුළුවන්. Feeds මගින් ලිපි ලබාගන්න නිසා, Internet Slow අයට, මෙගා බයිට ප්‍රමාණය ‍රැක ගන්න ඕනා අයට හුගක්ම ප්‍රයෝජනවත් වේවි. ඔය පහල පිංතූරයෙන් තියෙන්නේ මම තවම දාගත්ත විදිය. තව ගොඩක් දාන්න තියෙනවා. පේන්නේ නැත්තම් ලොකු කරලා බලන්නකෝ.

Screenshot SharpReader



Screenshot Notification


මම දැනට දාගත්තේ මගේ අඩවියයි, සිංහල බ්ලොග් කියවනයයි විතරයි. තව ඉතින් හුගක් Feeds දාන්න තියෙනවා. ඊට කලින් කට්ටියටම මේ ගැන කියන්න එපැයි. ඒකයි ඉක්මනින් ලිව්වේ. ආපහු කියන්නම් මේ සොෆ්ට්වෙයා එකේ ගොඩක් පහසුකම් දෙනවා. Setup File තියෙන්නේ 800KB යි. ඉතින් මම කියනවට අරගෙනම බලන්නකෝ. හොදයි නම මොනා හරි කියලම යන්න හොදේ..

මෙන්න මෙතනින් අරගන්න

2010-07-07

Face Book හි සිංහල බ්ලොග්ස් ගෘප් එක තවත් ඉදිරියට.... (ඔබ සදහාමයි)

හැමෝම දන්නවනේ මූණු පොතට වෙන් වුන සිංහල බ්ලොග්ස් ගෘප් එකක් තියෙන බව. ඉතින් අප තීරණය කලා සිංහල බ්ලොග්ස් වලට තව තවත් සප් කරන්න.. මෙන්න මෙහෙමයි වැඩේ සිද්ධවෙන්නේ. ඔබ සිංහල ගෘප් එකේ ලිපි පල කරනවනේ. අප එම ලිපි සිංහල බ්ලොග්ස් ගෘප් එකේ සාමජිකයන් හට කර Message එකක් වශයෙන් යවනු ලබනවා.


සැ.යු- ඔබ පල කරන ලිපි වෙන වෙනම මැසේජ් කරනු නොලැබේ. මෙයට පැය 72 ඇතුලත මෙම ගෘප් එකෙහි පල වන ලිපි සියල්ලම එකතු කොට සාමාජිකයන් හට පණිවිඩකයක් යවනු ලැබේ. එනම් ඔබේ ලිපියේ මාතෘකාව, එහි විස්තරයද යවනු ලැබේ.එමෙන්ම අනෙකුත් ලිපිද මේ සමග යවනු ලැබේ.




පහල ඇති ඉමේජය බැලීමෙන් මෙය වඩාත් හොදින් වටහා ගත හැක. හොදින් දර්ශනය නොවේ නම් එහි ක්ලික් කරන්න.

දැන් පැහැදිලියිනේ. මෙහි ක්‍රියාවලිය මෙහෙමයි..
01. සිංහල බ්ලොග්ස් ගෘප් එකේ ඔබේ ලිපිය පල කිරීම ( එය ඔබ විසින් කල යුතුය )
02. අප අපගේ සාමජිකයන්ගේ පැය 48-72 ක් ඇතුලත පලවන ලිපි සියල්ල එකතු කොට එක් පණිවිඩයක් ලෙස සියළුම සාමාජිකයන්ට යැවිම. මෙහිදී ඔබේ ලිපියේ නම, URL එක සහ ඔබේ ලිපියේ විස්තරය අන්තර්ගත කරනු ලැබේ. එය ඔබට වාසියක් වේ.

සැ.යු- ලිපියේ හරය සලකා බලනු ලැබේ.

දැන ඔබට ගැටළුවක් අති වෙයි ඇයි මෙහෙම පැය 72 ක් ඇතුලත සියළු ලිපි එකතු කොට පණිවිඩයක් යවන්නේ කියලා. ඒ අපගේ සාමජිකයන්ට නිතරම පණිවිඩ යැවීමෙන් අපහසුතාවයකට ලක් වීමයි.. අප ඔබ ගැනත්, සාමජිකයන් ගැනත් හිතලා මේ විදියට මෙම ආකාරයට කරනු ලබන්නේ.. එසේ නම් අප සමග එක්වන්න සිංහල බ්ලොග් කලාවේ අනාගතයට.


මූණුපොතේ සිංහල බ්ලොග්ස් ගෘප් එකට මෙතනින් එන්න

2010-07-06

ඔව්! ඔව්! කොරියානු ලස්සනම ලස්සන ආදර කතාවක් තමයි (Koizora)


ෆුහ් ඉතින් කට්ටියටම කොහොමද? හුග කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවා. මේ දවස් වල කොල්ලා ටිකක් උසස් පෙළ විභාගෙට ලෑසිති වෙනවා.. ඉතිං ජංජාලයේ වැඩිය සැරිසරන්නේ නෑ. ඒත් මේ ‍ෆිල්ම් බැලිල්ලැයි, බ්ලොග් එක පැත්තෙයි එන්නේ නැතුව ඉන්නම බෑ.. අඩුම තරමේ මුණු පොතට වත් ඇවිල්ලා යනවා.

ආ කියන්න ආපු දේ අමතක වුනා. මේ දවස් ටිකේ ඒකාකරී පාඩම් කිරීමෙන් ඉන්නකොට ‍ෆිල්මක් බලන්න හිතුනා. ඉතිං හොද රොමෑන්ස් කොරියන් ‍ෆිල්මක් ජංජාලයේ හෙව්වා. මං කොහොමත් කොරියන් ‍ෆිල්ම් වලට ටිකක් ඇබ්බැහි වෙලා. මේ ‍ෆිල්ම්ස් වල තියෙන හොද තමයි හරිම තාත්විකයි. සැබෑ ජීවිතය හොදින් නිරූපනය වෙනවා. ඉතිං හොද ‍ෆිල්ම් එකක් හොයාගත්තා.. නමින් තමයි Koizora... ඒත් හොද Torrent එකක් නම් හොයාගන්න බැරි වුනා. ඩිරෙක්ට් ලින්ක්ස් තිබුනා. ඒත් මම ගත්තේ නෑ. ඉතිං වීඩියෝ බටේ පැත්තේ සර්ච් එකක් දැම්මා. කොටස් වශයෙන් තිබුනා. දුක් වෙන්න එපා... මේවයි කොලිටි එක නියමයි.. D.V.D කොලිටියම තියෙනවා. ‍ෆිල්ම් එකම මෙගා බයිට 500 යි. ඉතින් තවත් හොදයිනේ.

‍ෆිල්ම් එක නම් පට්ට රොමැන්ටික්. ඇඩෙනවා කතාව අන්තිමට.. ඇත්තටම හුගක් ලස්සනයි.

පෙර දසුන්


හොදයිද? මම කියනවට ආදර කතා බලන්න කැමති හැමෝම බලන්න. බලලම කොමන්ට් කරන්නකෝ.මම දෙන්නම් මේකේ කොටස් වල ලින්ක්ස් ටික.. ආ කියන්න බැරි උනා. වීඩියෝ බටේ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරන්න හරිම ලේසියි. IDM 5.19 හරහා තමයි. නැත්තම් මෙන්න මෙතනින් ගන්න. පට්ට වේගවත්. වීඩියෝ බටේ පේජ් එකට ගියම මෙන්න මෙහෙම පෙන්වනවා.

ඔන්න ඔය බොත්තම එබුවම ඉක්මනටම ඩවුන්ලෝඩ් වෙනවා. හිර වීම් මුකුත් නෑ. මෙන්න එහෙනම් මේ රොමෑන්ස් මූවි එකේ කොටස් ටික. කොලිටි එක බලන්න එක කොටසක් අරගෙන බලන්නකෝ.. එහෙනම් ඔක්කොම කොටස් ටික අරගෙන හොදින් ‍ෆිල්ම රසවිදින්නකෝ. ඉවර වෙනකොට අඩන්නත් ලෑස්ති වෙන්න....... ඔන්න එහෙනම්.....

Koizora Movie Part-1(1/9)
Koizora Movie Part-1(2/9)
Koizora Movie Part-1(3/9)
Koizora Movie Part-1(4/9)
Koizora Movie Part-1(5/9)
Koizora Movie Part-1(6/9)
Koizora Movie Part-1(7/9)
Koizora Movie Part-1(8/9)
Koizora Movie Part-1(9/9)


Koizora Movie Part-2(1/8)
Koizora Movie Part-2(2/8)
Koizora Movie Part-2(3/8)
Koizora Movie Part-2(4/8)
Koizora Movie Part-2(5/8)
Koizora Movie Part-2(6/8)
Koizora Movie Part-2(7/8)
Koizora Movie Part-2(8/8) END


ආ හොදනම් මොනා හරි කියලම යන්න හොදේ... නැත්තම් මට නින්ද යන්නේ නෑ..

content top