මම නම් එදත් Firefox අදත් එහෙමම තමයි.. මට මේක තරම් හිතට අල්ලන Browser යක් නැහැ.. හරි මේකට හරියන ඇඩෝන ගොඩක් අපේ සිංහල සහෝදර සහෝදරියෝ හදලා තියෙනවා.. මේකෙන් මට ඇඩෝන තුනක් හිතට ඇල්ලුවා.. ඉතිං මම ඔයාලත් එක්ක ඒ ගැන කතා කරන්නම්...
01. Sinhala Tipsමේකේන් වෙන්නේ අපි English වචනයක් ලගට යනවත් එක්කම, ඒ කිව්වේ ඒ වචනේ උඩ තප්පර දෙකක් වගේ මවුසය තිබ්බම ඒ වචනේ සිංහල තේරුම වැටෙනවා.. ඉතිං මේ ඇඩෝනය හුගක් අයට ප්‍රයෝජ්නවත් වෙයි. පහල් ඉමේජය බලන්නකෝ..
මේ ඇඩෝනයේ නම - Sinhala Tips
හදලා තියෙන සහොදරයගේ නම හොයාගන්න බැරි වුනා.. වෙබ් අඩවියද ක්‍රියාත්මක් නැහැ.
ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්02. Easy Sinhala මේකෙන් වෙන්නේ අපි Browser එකේ සිංග්ලිශ් ටයිප් කරනකොට සිංහලෙන් වැටෙනවා. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.. භාශාව වෙනස් කරගන්න කී බෝඩ් එකේ ctrl+alt+s යි ඔබන එක විතරයි.. හරිම පහසු ඇඩෝනයක්....
මේ ඇඩෝනයේ නම - Easy Sinhala
නිළ වෙබ් අඩවිය -
http://suhothayan.blogspot.com/ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්03. Sinhala SpellChecker නමින්ම තේරෙනවනේ මේකේ අපි සිංහලෙන් ටයිප් කරනකොට වචනය වැරදියි නම් වචනය highlight කරලා rightclick කරලා හරි වචනේ තෝරගන්න එක විතරයි තියෙන්නේ.
මේ ඇඩෝනයේ නම - Sinhala SpellChecker
නිළ වෙබ් අඩවිය -
http://www.sandaru1.com/ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්හරි මේ ගැන දන්න අයත් ඇති. නොදන්න අයත් ඇති. ප්‍රයෝජනයක් ගන්නවානම් අදාල නිළ වෙබ් අඩවියේ හරි, ඇඩෝන පිටුවේ හරි ප්‍රතිචාර දක්වන්නත් අමතක කරන්න එපා. ඒක ඔවුන්ට ශක්තීයක් වෙයි..
අවසාන වශයෙනුත් සිංග්‍රිසි සොෆ්ට්වෙයා එකේ ට්‍රික් එකක් දාන්නම්.. මේක නම් ඔයාලා දන්නවද දන්නෙත් නෑ. අපි සිංහල ටයිප් කරනකොට අතර මැදට ඉංග්‍රීසි දානවනේ. එතකොට |ANYTHINGSHAN|මෙහෙම ලියන්න..
එහෙනම් ජය.. අලුත් ලිපියක් සමගින් එන්නම්..