content top

2010-05-31

Vista Sidebar වලින් Google Desktop වලට


කවුරුත් දන්නවනේ Vista වල Sidebar ගැන. Vista ගැනත් ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මාත් පාවිච්චි කරන්නේනම් Vista තමයි.. ඒ ඉතින් XP මේ මගුලට Install කරන්න බැරි නිසා.. අළුතෙන් එන Laptop ගැන දන්නවනේ.

Vista Sidebar ඇති වැඩකුත් නැති නිසා මං Google Desktop වලට මාරු වුනා.. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද. ගොඩක් ගැජට් කෑලිත් තියෙනවා. ‍රැම් එකටත් ගානක් නෑ. ගැජට් ඕන්නම් Download කරගන්නත් පුළුවන්. ඒ වගේම Feed ගැජට් එකකුත් තියෙනවා. කැමතිම සයිට් එකේ Feed Address එක දාලා අළුත් ලිපි ඩෙස්ක්ටොප් එකටම ගන්න පුළුවන්. ඔය වම් පැත්තේ තියෙන්නේ මම සිංහල බ්ලොග් කියවනය ඇඩ් කර ගත්ත හැටි.. එලනේ..? ඒ වගේම Face Book Notification ගැජට් එකකුත් තියෙනවා. තව වැඩ කෑලි ගොඩයි.. ctrl දෙපාරක් Press කරාම Search Bar එකක් එනවා..... අරගෙන බලන්නකෝ.



Google Desktop මෙතනින් ගන්න
Face Book Gadget එක මෙතනින් ගන්න

තව ගැජට් ගොඩයි මෙතනින් ගන්න

Shut Down වීමට වෙලාවක් ලබාදීම



මේක නම් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.. මේකේ අපිට කැමති වෙලාවක් තියලා Shut Down වෙන්න දාන්න පුළුවන්. ටොරන්ට් එහෙම බාගන්නකොට, සින්දුවක් දාලා කොහේ හරි යද්දී, තමයි මේ සොෆ්ට්වෙයා කෑල්ල වටින්නේ. මෙගා බයිට් 1යි තියෙන්නෙත්.. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ.

මෙතනින් ගන්න

2010-05-29

අවවාදයයි ප්‍රවේශම් වන්න ( මෙහෙමත් බ්ලොග් හොරු )


ඔන්න අද නම් යකෙක් ආවේශ වුනා. හර්ර්ර්. අද මම නිකං ඉන්න ගමන් මගේ පෝස්ට් ගූගල් එකේ සර්ච් පාරක් දැම්මා. ඔන්න ඉතිං ලස්සනට සෙට් එක තිබුනා. ඔය අතරේ මගේ පෝස්ට් එකම තවත් බ්ලොග් එකක තියෙනවා. ගෙඩි පිටින් ඔක්කොම කොපි කරගෙන. අනේ මෙහෙමත් යක්කු. ඔයාලගේ බ්ලොග්ස් කොපි කරන්ද කියලා ටිකක් හොයලා බලන්න. සර්ච් පාරක් දාලා බලන්න.

මුන් අර ඇඩ් එකකින් රු.20-30 ක් හොයාගන්න ලැජ්ජාව උගස් කරන හැටි. මම ඉතින් බලුවා. ඇඩ් 10-15 කට කොටන්න තරම්, එහෙම හිතක් නම් නෑ. බ්ලොග් එකේ මුගේ ෆෝන් නම්බර් එක තිබුනා. මම කෝල් කරා. කියන්න හොද වචන සෙට් එකක් ආවත් හොදින් කතා කරා. ඒ පාර මේ උපාසකයා අහනවා තමුසේ කවුද කියලා. මට නේද.... මුන් ඇඩ්සෙන්ස් කරන්න ගිහින් අනුන්ගේ බ්ලොග් කොපි කරන්, අන්තිමට ඇඩ්සෙන්ස්සුත් නෑ. නමත් නෑ. ලැජ්ජාවත් නෑ. තවත් කෙනෙක් ගලපලා හදන බ්ලොග් එකක් අදුම් ඇදගෙන කොපි කරනවනේ.... හිත හදාගන්න තිබුනා බ්ලොග් එක කියවලා වෙනස් ව්දියකටවත් දාලා තිබුනානම්. එහෙමත් නෑ. පෝස්ට් ‍රැකගන්නේ කොහොමද ඉතිං.........

2010-05-28

ඩෙස්ක්ටොප් හැඩ වැඩ [ Fence ]


ඉස්සෙල්ලාම කියන්නම් මේ සොෆ්ට්වෙයා කෑල්ල ‍Ram එක කන්නේ නම් නෑ. හරිම ලස්සනයි වැඩේ. නියම භාෂාවෙන් කිව්වොත් ගති. C-Net වල Most Downloads වලත් මේ සොෆ්ට්වෙයා කෑල්ල තියෙනවා.

මේකෙන් සිද්ද වෙන්නේ මෙන්න මේකයි, Desktop එකේ තියෙන Icons හොදට ලස්සනට කළමනාකරණය කරගන්න පුලුවන්. Fence කියන්නේ කො‍ටු කරනවා කියන එකනේ. මේකෙනුත් අපි කැමති කො‍ටු ගානක් අරන් Icons වර්ගීකරණය කරන්න පුලුවන්. ඒ වගේම පොඩි පොඩි මැජික් තියෙනවා. ඩෙස්ක්ටොප් එකේ හිස් තැනක දෙපාරක් කෙ‍ටුවාම Icon සෙට් එක Hide වෙනවා. ආපහු එහෙම කරාම Show වෙනවා.

ඉන්ස්ටෝල් කරගෙන රීස්ටාට් කරන් බලන්නකෝ. ගති කියන්නේ ෆුල් ගති වැඩේ. C-Net වල මෝස්ට් ඩොව්න්ලෝස් වල මේ සොෆ්ට්වයා එක ඇතුලත් කිව්වම තවත් කියන්නේ මොනාද. Download කරගෙනම බල්න්නකෝ.

මෙන්න මෙතනින් බාගන්න.

කාටද ඕනි අයිකන් කලෙක්ෂන් එකක්,? මෙතන අයිකන්ස් 150 කට වඩා තියෙනවා. අයිකන් සෙට් එක මෙතනින් බාගන්න.

2010-05-26

Logon Screen වෙනස් කිරීම දැන් හරි පහසුයිනේ

හැමෝම ඩෙස්ක්ටොප් එක වැඩ කෑලි දාගෙන තියාගන්න ආසයිනේ. ඔන්න තව සොෆ්ට්වෙයා කෑල්ලක් හොයාගත්තා. මේකෙන් නම් ලේසියෙන් Logon Screen වෙනස් කරන්න පුලුවන්. අපි කැමති Photo එකක් දාන්නත් පුළුවන්. මේ සොෆ්ට්වෙයා කෑල්ල දැනට 20000 කට වඩා ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. C-net වලින් විතරක්. මෙන්න මෙතනින් බාගත කරගෙන බලන්නකෝ. හොදයි නම් ප්‍රතිචාරයක් දෙන්නකෝ.

2010-05-23

වින් ඈම්පරේට ලස්සන Skin එකක්


මං ඉතින් ටිකක් කොම්පියුටරේ ටිකක් හැඩ වැඩ දාගෙන තියාගන්න ආසයි. ඉතින් සොෆ්ට්වෙයා කෑලි වලත් තීම්ස් වෙනස් කරන එක තමයි වැඩේ. ඔහොම ඉන්නකොට, වින් ඈම්පරේට අළුත් Skin එකක් ලැබුනා. හිත ගියා, ලස්සනයි.. ගත්තා.

ඔයගොල්ලොත් මේකට කැමති වෙයි.. අනිත් Skin වගේ නෙමෙයි.. ඇත්තටම හොදයි... තනි ෆයිල් එකක් නෙමෙයි තියෙන්නෙත්. මේක මුලින්ම Unzip කරලා ෆොල්ඩර් එකකට කොපි කරගන්න. ඊට පස්සේ වින් ඈම්පරේ Skins ෆෝල්ඩර් එකට කොපි කරගන්න. දැන් Skin එක වෙනස් කරගෙන බලන්නකෝ.

Skin එක මෙන්න මෙතනින් බාගන්න
වින් ඈම්පරේ ඕනනම් මෙතනින් බාගන්න

2010-05-19

මල් සරා බස් එකේ පෙම් අසුන


අද මම කියන්න යන්නේ පිස්සු හැදෙන හොට් හොට් නිව්ස් එකක්. මේක සිද්ද වෙන්නේ නම් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ. මේ රටේ බස් සමාගමක් නියම වැඩක් කරනවා. ඒක තමයි මේ බස් වල විශේෂ ආසනයක් හදුන්වා දීම.

දැන අපි බස් එකකට නැග්ගම දකිනවනේ ඉතිං "පූජ්‍ය පක්ෂය වෙනුවෙන්", "ගර්භනී මාතාවන් වෙනුවෙන්", "අබාධිතයන් වෙනුවෙන්" කියලා බස් වල ගහලා තියෙනවා. මේ බස් සමාගම තවත් විශේෂ අසුනක් හදුන්වලා දීලා. මේකේ නම දන්නවද? "පෙම් අසුන" නොහොත් "ලව් සීට්" කොහොමත් මග තොටේදී කෙල්ලෝ, කොල්ලොන්ගේ ආදර කතා ඇතිවෙනවා වැඩියිනේ. ඒ අතරින් පොදු ප්‍රවාහන සේවා මූලික තැනනේ.

අපි ඉතින් බස් වල යන උදවිය හැටියට දැකලා තියෙනවනේ බස් වල කට්ටිය ජෝඩු දාලා යන හැටි. පිටිපස්සේ සීට් එක බලන්න එපැයි. ඇත්තටම ඒ සීට් එකේ වෙනස මොකක්ද? :-) ඉතින් මේ සමාගමේ හැම බස් එකකම "පෙම් අසුන" තියෙනවා. ඒක රතු තිරයකින් ආවරණය කරලා., ඒ මදිවට පෙම් අසුන කියලා බෝඩ් එකකුත් ගහලා. මොකද යන්න හිතෙනවද? ටිකක් ලැජ්ජයි වගේ නේද? කෝපන්හේගන් වටයක් දාලා බලමුද? :) ඇතුලේ මොනවා වෙනවද කියලා ඒ උදවිය නෝවැ දන්නේ. හික්ස්.

ලංකාවෙත් මෙහෙම සිස්ටම් එකක් ආවොත් කොහොමද? පිස්සු කොරයි කිව්වලු. ආෂික්නේ. බලමුකෝ අනාගතේ දවසක. එහෙනම් ඔයාලගේ අදහස් දක්වන්නකෝ බලන්න.

2010-05-17

ඕනෑම Huawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන විදිය.


ඔන්න අළුත් වැඩ කෑල්ලක් හොයාගත්තා. මම පට්ට කට්ටක් කෑවෙ ඇත්තට මගේ හුවාවි මොඩ්ම් එක අන්ලොක් කරගන්න. ඒත් ඔය මොබයිල් ෆෝන් කඩ ගානේ නම් ගියේ නෑ. උන්ගේ ඉතින් පට්ට ගනන්නේ. ඉතින් ඉන්ටනෙට් වැඩ කෑල්ලක්ම හෙව්වා. ඉතිං ඔහොම ඉදලා ඉදලා, කොහොම හරි හොයාගත්තා. එවෙලේ නම් ඉගිලෙන්න හිතුනා. මොනවා කරන්නද ත‍ටු නෑනේ. ඒක නිසා ඉන්න විදියටම හිටියා. උත්සහ වන්තයා ජය ගනී කිව්වලු. හරි එහෙනම් වැඩි කතා ඕනි නෑ. මම මේ ක්‍රමේ ඔයාලටත් කියලා දෙන්නම්කෝ.

මේ ක්‍රමේ නම් හරිම ලේසියි.මේකට කිසිම ගෙවීමක්වත් ඕනා නෑ. විනාඩියක් යන්නේ නෑ වැඩේට. සොෆ්ට්වෙයා කෑලි මුකුත් ඕනි නෑ. URL එකෙන් තමයි ගේම් එක තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙමයි වැඩේ. මුලින්ම අපි මොඩම් එකේ IMEI අංකය හොයාගන්න ඕනා. ඒක මොඩම් එකේ හරි ඇසුරුමේ හරි තියෙනවා. මේකේ අංක 15ක් තියෙනවා. ඉතිං ඒක හොයාගෙන, මෙන්න මේ විදියට

http://bb5.at/huawei.php?imei=***************
(***************වෙනුවට ඔයාලගේ IMEI අංකය ටයිප් කරන්න.)

මේ විදියට ඕනෑම බ්‍රවුසර් එකක,ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න. ර්ට පස්සේ මේ විදියට අන්ලොක් කෝඩ් එක ඒවි.



ඉතින් දැන් හරි නේද? ඊට පස්සේ වෙන සිම් කාඩ් එකක් දාලා මොඩම් එක ගහන්න. එතකොට අන්ලොක් කෝඩ් එක අහනවනේ. දැන් එතනට අර ඉස්සෙල්ලා සයිට් එකේ ආපු අන්ලොක් කෝඩ් එක් ඇතුලත් කරන්න. දැන් අන්ලොක් කිරීම අවසානයි.

මාත් ඔය විදියටම අන්ලොක් කරගත්තා. හුලං ටෙල් සිම් එකක් දාලා බැලුවා. බලනකොට EDGE විතරයි. හික්ස්. ඩයලොග් නම් එල. එහෙනම් ඔයාලත් බලන්නකෝ. ප්‍රතිචාරයක් දාන්න අමතක කරන්න එපා.

2010-05-15

Web Site ස්නැප් ශොට්


ඉතිං කශ්ටියනේ කොහොමද? මම මේ දවස් වල හොය හොය හිටියේ Web Snapshot සොෆ්ට්වෙයා කෑල්ලක්. හෙව්ව හෙව්ව හැම එකේම ගානක් ගෙවන්න ඕනා. නැත්තන් Trial Version ඒකක් තමයි ගන්න වෙන්නේ. අපිට ඉතින් ඩොලර්ස් දෙන්න ටිකක් ටිකක් අමාරුයි නේ. ඔහොම ඉනනකොට, Easy Website Snapshot කියල සොෆ්ට්වයා කෑලලක් හොයාගත්තා. ඕන මගුලක් වෙන්න කියලා ඒකත් Downlaod කර ගත්තා. මේක නම් හොදයි කියලා තේරුනා.

මම නම් මේකෙන් හොදට වැඩ ගන්නවා. හබැයි මේකෙ ගොඩක් ෆැසිලිටීස් දෙනවා. සමහර ඒවා ගන්න අපි ගානක් ගෙවන්න ඕනා. ඒත් අපිට ඕන හැම වැඩක්ම වගේ කරගන්න පුලුවන්. JPEG Image විදියට Save කරගන්ත් පුලුවන්නේ. වැඩිය කියන්න ඕනි නෑ.. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ. ප්‍රතිචාර දක්වලා යන්න අමතක කරන්න එපා.

Download කරගන්න මෙතන කොටන්න



2010-05-14

ගුරු පාර 01


ලෝකය එන්න එන්නම සංකීරණ වීගෙන එනවා. හැමෝම ‍රැල්ලේ දුවන්නේ ඩිජිටල් ජීවිතයක් හොයාගෙන. ආධ්‍යාත්මයෙන් ස්විකත්වයෙන් සහ මානුෂිකත්වයෙන් පිට පැනපු ජීවිත සීග්‍රයෙන් සරල විනාඩි දෙකේ නූඩ්ලස් Format එකට වැටිලා. එහෙව් ලෝකෙක නොවෙනස් වන එකම දෙය ආදරය පමණයි කියලා ඇතමුන් කියාවි. මේ කතාව ඇත්තක්ද?

ඉස්සර දම්මිලා ඇවිත් සුගත්ලාට වෙරලු අහුර දික් කලා. 'අම්මා කැමතියි නම් මාත් කැමතියි' කියලා නන්දා පියල්ට කිව්වා. කෙල්ලෝ කොල්ලෝ සමන් මලින් පවන් සැලේ කියලා පටන් අරගෙන මානෙල් වගේ දිග පෙම්පත් ලිව්වා. අද වෙරලු වෙනුවට චොක්ලට් ආදේශ වෙලා. අම්මලා කැමති උනත් ටික කාලයක් ආශ්‍රය කරලා හොද නැත්තන් වෙන එකක් බලමු ගෑනු දරුවෝ කියලා කියනවා. කවුරුත් ලියුම් ලියන්නේ නෑ. කෙල්ලෝ කොල්ලන්ට Text කරනවා. Wts goin on? එහෙමයි අහන්නේ. කොල්ලෝ Nothing කියලා Reply කරනවා.

කොහොම උනත් කමක් නෑ. ලෝකෙත් එක්ක හැමදේම වෙනස් වෙද්දී ආදරේට එක තැන පල් වෙන පොල්ලෙලි වගේ වෙන්න බෑ කියලා මාත් පිළිගන්නවා. ඒත් අද තියෙන සරල ඩිජිටල් බැදීම් හරහා ආදරයේ සදාතනික ආධ්‍යාත්මික හැගීම් වෙනදා වගේ ගලනවද? ඒක දන්නේ ඔබම තමයි. ඉස්සර කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් පුදුමාකාර දේවල් ටිකක් බලාපොරොත්තු උනා. කෙල්ලෙක් කියන්නේ හැමදාම ලව් කර කර ඉන්න බෝනික්කි පැට්ටෙක් නොවේ. අද දාංගලේට නටන, පිස්සු සමයං කරන කෙල්ල ජීවිතේ පරිණත වෙනවා. කවදා හරි ආදරණීය අම්මෙක් වෙන්න ඕනා. ඒත් අද ඉන්න කෙල්ලන්ට ඒවා පුලුවන්ද? කොණ්ඩේ ටින්ට් කරලා, ෆෙදර් කට් කපලා, ඩෙනීම් ජීන්ස් එක තදට ඇදලා හායි හූයි කියලා තොදොල් වෙනවා ඇරෙන්න ගොඩක් අයට වෙන මුකුත් බෑ.

කොල්ලොත් ඒහෙමයි. ජීවිතය ගැන කිසි බරක් පතලක් නෑ. අරූට මූට හැම එකාටම ඕන ඕන විදියට කොණ්ඩෙ හදාගන්නවා. පස්සෙන් බාගයක් එළියේ හිටින්න ලොකු කලිසම් බම්බුවක් ඇද ගන්නවා. හිප් හොප් සිංදු අහනවා. පොර ටෝක්ස් දෙනවා. ඊට එහාට උන්ට මොනවද පුලුවන්?. මම මේ කියන්නේ හැමෝම ගැනනම් නෙමෙයි. ගොඩක් අය ගැන. හයක් හතරක් නොතේරෙන බබ්බු වගේ, හීන අස්සේ අවසිහියෙන් ජීවත් උනාට උබලා ජීවත් වෙන්නේ බොහොම බරපතල සංකීරණ සමාජ වටා පිටාවක. යාලුවෝ පස්සේ දුවලා, මීඩියා දේවල් පස්සේ දුවලා, දේශපාලනේට පෝස්ටර් ගහලා උබලගේ ජීවිතේට ජීවිත වලට ලැබෙන මගුලක් නෑ කියලා දැන්ම තේරෙන් නෑ. ජීවිතේ යථර්තය උබලගේම ඔලුවට කඩාගෙන වැටෙන්නේ ටික ටික හෙමිහිට. දත කට පූට්‍ටු වෙන ගානට හිර උනාම තමයි තේරෙන්නේ.

රුපියල් තිස් හතලිස් දාහක් අරගෙනත් ජීවිත් වෙන්න අමාරු රටක තරම දැන දැනම පහළොස්දාහට වැඩ කරන තරුණ තරුණියන් ලක්ශ ගානක් ලංකාවේ ඉන්නවා. අද ඔබ යැපෙන්නේ ඔබේ මව්පියන්ගෙන්, කන්න ටික, ලයිට් බිල, ෆෝන් බිල, ගෙවල් කුලී හැමදේම ඔවුන් දරන්නේ.ඔබට ඔබේ පඩියෙන් කරන්න තියේන්නේ අදුමක් දෙකක් අරන් යලුවොත් එක්ක පිස්සුවක් කෙළින්න විතරයි. ඇත්තටම ජීවිතේ පටන් ගත්ත දවසක තේරේවි ජීවිතේ කොයිතරම් නීරසද කියලා. ඔබ හිතයි මම ඔබව බය කරනවා කියලා.ඔව් මම ඔබව බය කරනවා තමයි. ඒ වගේම ඔබ පුංචිත් නෑ. තමන්ගේ අම්මට තාත්තට ඔබව තාම චූටි පැටියෙක් වෙන්න ඇති.. ඒත් තරුණයෙක් වුන ඔබ මේ රටේ සම්පූර්ණ පුරවැසියෙක්. බස් වල ඔබට බාග ටිකට් කඩන්නේ නෑ. ඔබ ඡන්ද අයිතිය තියෙන වැඩිහිටියෙක් වෙන්නේ.හෙට අනිද්දට තාත්තලා අම්මලා වේවි.

හැමදේම බෙල්ල මුලටම හිරවෙන්න කළින් අපිට පුලුවන් එක දෙයක් කරන්න. ඒ ඔබට මතක් කරල දෙන්න.
කවදත් වගේ අදත් කියන්නම්, ජීවිතය 20/20 මැච් එකක්. හැම පන්දුවක්ම තීරණාත්මකයි. අතපසු වීමකට අත්වැරදීමකට දශමයක් ඉඩක් නෑ. පරාජයකට හුස්මකටවත් ඉඩක් නෑ. මොකද කරන්න ඕනා කියලා අපෙන් අහන්න එපා. අපි දන්නෑ ඔබේ හීන මොනවද කියලා. එකම එක දෙයක්. හිස ගිනි නිවන්නෙකු සේ වැඩ කරන්න. වෙහෙස වන්න. පිස්සු නටන එක කොන්දේසි විරහිතව නතර කරන්න. එච්චරයි.

උපුටා ගැනීම තරුණයා පුවත් පත

2010-05-13

මගේ A/L ජීවිතේ


මගේ සයිට් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ම්ම්ම් මම බ්ලොග් කලාවට නම් ටිකක් අලුත්. ඒත් ඔයාලට ලියන්න හිතුනා මගේ A/L ජීවිතේ ගැන. පිස්සු හැදෙනවා ඇඩ්සෙන්ස් කරලා එපා වෙලා මානසික තෘප්තියටයි දැන් සිංහල බ්ලොග් ලියන්නේ. . කතා ඕනා නෑ. එහෙනම් මම පටන් ගන්නම්කො.

මම මුලින්ම O/L කරන කාලේ පිස්සු කෙලපු, නිදහසේ ජීවත් උන, කාටවත් කරදරයක් නැති අහිංසක කොල්ලෙක්. ඒ කාලේ ඉතිං යලුවොත් එක්ක ෆන් එකක් ගත්තා ඇරෙන්න වෙන දෙයක් නෑ. හික්ස්. O/L වෙන්න වුවමනාවක් තිබුනෙත් නෑ. ඔහොම කාලේ ගෙවිලා යනකොට විභාගෙත් ලං වුනා. යංතං හරි පාස් වෙන්න කියලා සාපෙළ දවස් වල උදේ 2ට විතර නැගිටල 6 වෙනකම් පාඩම් කරා. ලිව්වා. හික්ස්. රිසාල්ට් ආවා කියමුකෝ. B 2යි, C 4 යි , S 2 යි තිබුනා. W 3කුත් තිබුනා. ඒ අතරේ ගණිතය විශයත් ඇතුලත්. හික්ස්. මොනවා කරන්නද.?

ඉතිං දෙන්නම් කාසි වලට ART කරන්න පටන් ගත්තා. ඒත් මම COMMERCE කරන්න හිටියේ. ඒත් ඉතිං ස්කෝලේ යන්නත් එපැයි. අනිත් එක මම හද පුරා ආදරේ කරපු කෙල්ල කරෙත් ARTනේ.. ඉතිං ඔයාලට හිතාගන්න පුලුවන්නේ. ART කරා කිසිම බලාපොරොත්තුවක් නැතිව. නොහිතපු විදියට මම ආදරේ කරපු සුරංගනාවිය එක්ක යාලුවෙන්න මට පින තිබුනා. ඒත් ඉතිං ART නම් තිත්තයි. සිංහල ආපෝ.!!! හික්ස්.

ඉතිං ඔහොම යනකොට ගණනුත් කොහොම හරි පාස් උනා කියමුකෝ. ඔය අතරේ COMMERCE කරන උණ ඇගට ගහලා තිබුනේ. JOB එකක් ගැන හිතන්නත් එපැයි. ඉතිං කිසිම හෙවිල්ලක් බැලිලක් නැතුව ART කරන එක නැවැත්තුවා. ඒත් මම ආදරේ කරන කෙල්ල හැමදාම මාත් එක්ක. ඉතිං මම ඕන දෙයක් වෙන්න කියලා ඊලග අවුරුද්දේ ඉදලා COMMERCE කරන්න හිතාගත්තා. ඒ කියන්නේ 2011. කාගෙන්වත් ඇහුවේවත් නෑ. මිස්ලත් කිව්වා හා පුලුවන් කියලා.

ඉතින් ඔහොම යනකොට ස්කෝලෙට APP එකකුත් දැම්මා. ලියුමකුත් ගෙදරට ආවා. INTERVIEW එකට එන්න කියලා. ගියා කියමුකෝ. ඔහොම ඉන්නකොට කිව්වා කලාප අධ්‍යාපන කාර්්‍යාලයෙන් ලියුමක් ගෙන්න කියලා. ඒ මම පණ්ඩිත කමට මාස 6ක් ආට් කරපු නිසා. ඉතිං මාත් ගියා. එතන හිටපු ප්‍රධනියා මතක් වෙනකොට............. මේ යකා කිව්වනේ දැන් මාස 6ක් ආට් කරපු නිසා දැන් කොමස් කරන්න අලුත් BATCH එකට යන්න බෑලු. ඒත් පරණ BATCH එකට යන්න පුලුවන්ලු.. ඒ කියන්නේ 2010 සෙට් එකට. හැබැයි ඒ ගැන නම් උනන්දුවක් තිබුනේ නෑ.

ඉතිං මේ වෙනකොට මගේ මානසිකත්වය හිතාගන්න පුලුවන්නේ. ඉතිං ඔහොම ඉන්නකොට මගෙයි මගේ සුරංගනාවියගෙයි 1st year anniversary එක ලං වුනා. ස්කොලෙට ගිහිල්ලා කේක් එහෙම දීලා, ස්කෝලෙන් අස් වෙලත් නෑනේ. කාටවත් මුකුත් කියන්නත් බෑනේ. හික්ස්. ඔය අතරේ මිස් කෙනෙක් අඩගහල ඇහුවා 2010 COMMERCE සෙට් එකට එන්න කැමතිද කියලා. ඉතිං මාත් කැමතියි කිව්වා.. එහෙනම් ඒකටත් කලාප රෙද්දෙන් ලියුමක් ගෙන්න කිව්වා. කාපි යකා කිව්වලු..

දැන් ඉතිං ගියා. මේ යකා මගෙන් O/L රිසාල්ට් අහපි. මම ඉතින් ගණන් දෙවෙනි සැරේනේ දාගත්තේ. මේ යකා කිව්වා අලුත් රිසාල්ට්ස් වලින් පරණ BATCH එකට යන්න බෑ කියල. ඉතින් ඒ වෙලාවේ මට ඇති වුන දුක, තරහා, කේන්තිය මට ලියාගන්නවත් බෑ. මට මැරෙන්න හිතුන තරම්. ඒ පාර මම ඇහුවා පුද්ගලිකව අයදුම් කරන්න පුලුවන්ද කියලා. මේ යකා ඒකත් බෑ කිව්වනේ. හිතාගන්න පුලුවන්නේ. හර්ර්ර්ර්ර්.

ඔහොම ඉන්නකොට මගේ ආදරේ දේව්දුව (වරූ) මට පිහිට වුනා. හොද කෙල්ලො ටිකක් ඉන්න මේ ලොකේ මටත් හොද කෙල්ලෙක් ඉනනවා. ගොඩක්ම හොද. එයා මට කිව්වා ඔයා බය නැතුව පන්ති යන්න. A/L පුද්ගලිකව අයදුම් කරන්න පුලුවන් කියලා. ඒක මට ලොකු ශක්තියක් වුනා.

ඉතිං මම අලුත් සිලබස් වලට පන්ති ගියේ. ඒත් හිතේ තියෙන බය, සැකය.. පාඩම් කරන්න හිතෙන හැම වෙලාවකම අනෙක් පැත්තෙන් හිතෙනවා අනෙ මට විභාගේ කරන්න පුලුවන් වෙයිද කියලා. සුදුසුකම් තිබිලත් මිනිහෙක්ට දෙයක් නැති වෙනවා කියන්නේ ලොකු පවක්.. ඉතිං මට හැමදේම එපා වෙනවා. ඔහොම කරගෙන යනකොට වරූට එයාලගේ බිසී සර් කියලා උසස් පෙළ අලුත් සිලබස් 1st shai පුද්ගලිකව අයදුම් කරන්න බෑලූ... එල නේඩ? ඒත් ඉතිං පරණ සිලබස් 1st shai පුද්ගලිකව අයදුම් කරන්න පුලුවන්ලු. ඉතින් මම ඒ ගැන හොයලා බැලුවා. ඒකේ විස්තර මෙහෙමයි.

පළාත් අධ්‍යාපන දෙපර්තුමේන්තුවේ රෙජිස්ටර් වෙලා, එහෙන් දෙනව ලියුමක්. අපිට ස්කෝලයක් දෙනවා. අපි ස්කොලෙට ඒ ලියුම දීලා ප්‍රොජෙක්ට්, ඇගයීම් බාර දෙන්න ඕනා.ඒ අතර විභාග දෙපාවට APP එකක් දාන්නත් ඕනා. ඊට පස්සේ අපි ප්‍රොජෙක්ට්, ඇගයීම් කරා කියලා දෙනවා සහතිකයක්. ඒකේ ෆොටෝ කොපියක් විභාග දෙපාවටයි, පළා දෙපාපටයි යවන්න ඕනා. ඔන්න ඔහොමයි වැඩේ. ඊට පස්සේ විභාගේ කරන ඒකයි තියෙන්නේ.


පස්සේ කාලෙක ආරංචි උනා ඉතිං මම 2010 COMMERCE සෙට් එකට සෙට් වෙන්න යද්දී, COMMERCE අංශය භාර මිස්ට ප්‍රින්සිපල් කියලා කැමති නම් ගන්න කියලා. කලාපෙන් ලියුමක් නැතුවත්.. ඒ පාර ඒ මිස් කියලා දැන් මෙයට විශය කරුණු අල්ලගන්න බැරි වෙයි කියලා. බලන්න මේ සමාජයේ තරම. ඔන්න ඔහොමයි මට ස්කෝලෙන් උසස් පෙල කරන්න තිබුන චාන්ස් එක ඒ මිස් නැති කරේ.. කමක නෑනේ.. මං දැන් හිත හදාගෙන ඉවරයි.

දැන් ඉතින් මගේ වැඩ ඉවරයි. දැන් මට තියෙන්නේ විභාගේ ලියන්න විතරයි. හැබැයි මම අවුරුද්දක් කලින් කරන්නේ. (2010) මම 2011 නේ කරන්න හිටියේ. දැන් ඉතින් 2010 ත් කරලා, 2011 ත් කරනවා. හැබැයි හොදට මහන්සි වෙනවා. මේක ලියනකොටත් මම LIBRY එකේ. 2010 කරන්නේ, අත්දැකීමක් ගන්නත් එක්ක. 2011 කරන්නෙත් මම පරණ සිලබස්. ඒත් අලුත් සිලබස් වලට පන්ති යන්නේ. හික්ස්. ඉතිං මේ වෙච්ච දේවල් එක්ක මම කොහොම හරි ජිවිතේ ජයගන්නවා. එච්චරයි. මගේ පුංචි සුරංගනාවිය හැමදාම මාත් එක්ක. එයයි මගේ ශක්තිය. ජීවය.

ඉතිං මම මේ දේවල් ඔයාලට කිව්වේ ඔයාලගේ ජීවිතේට දෙයක් ගන්න. මතක තියාගන්න. අපි හැම දෙයක්ම දැනගන්න ඕනා. රජයේ ආයතන හැම එකක්ම එකයි. ඒ ගොල්ලෝ දන්නෑ. අපි දැන ගන්න ඕනා. ව්‍යවස්ථා, චක්‍රලේඛණ හැමදේයක්ම. රජයේ මහත්වරුන්ට බැනල වැඩක් නෑ. ඒක රටේ වැරද්ද, ආණ්ඩුවේ වැරද්ද. උන්ගේ වැඩ උන්. අපි තමයි හැම පැත්තෙන්ම තැලෙන්නේ.

මම ඉතිං දැන් මේක ඉවර කරනවා.මොකද ඉතිං දිගත් වැඩියිනේ. තවනම් ලියන්න දේවල් ඕන තරම්. ඉස්සරහට ලියන්නම්කෝ. විභගෙට පාඩම් කරන්නත් ඕනනේ. ඔයාලා එක දෙයක් මතක තියාගන්න ජීවිතේ වැරදීම් තියාගන්න එපා. විදවන්න වෙනවා හැමදාම. ජීවිතේ හරියට 20 යි 20 Match එකක් වගේ. හැම පන්දුවක්ම හුගක් වැදගත්. ජීවිතෙත් හැමදෙයක්ම වැදගත්. හුගක්ම වැදගත්. ඒ දේවල් ‍රැකගන්න.


ඔයාට ජය...

2010-05-03

ඩෙස්ක්ටොප් එක අංශක 360කට


ඩෙස්ක්ටොප් එක අංශක 360කට කරකවන්න කැමති අයට මෙන්න.... තව තව ගැජට් දාගන්නත් පුලුවන්.. theme වෙනස් කරන්නත් පුලුවන්..


භාගත කරගන්න

2010-05-02

Image Converter

Pictures ටික එක සැරේම කරගත්තොත්... මේ සොෆ්ට්වෙයා කෑල්ලෙන් ෆොල්ඩර් එකේ තියෙන Pictures ටික එක සැරේම Resize කරගන්න පුලුවන්. වැඩි ගානක් ඇත්තෙත් නෑ. බයිට් 300 ගානක්.. වැඩෙත් ලේසියිනේ..

බාගන්න

content top