content top

2010-08-31

අසන සින්දුවේ එසැනින් lyrics | Winamp & WMP Plugin

ඔන්න ඔයාලට මැක්සා වැඩක් ගෙනවා. අපි සින්දු අහනවනේ ඒ අහන සින්දුවේ ගී පද එසැනින් වැටෙනවා නම් කොහොමද? මේක Plugin එකක් විදියට ක්‍රියාත්මක වෙන්නේ. Winamp සහ Windows Media Player වලට හරියන Plugin එකක් හදලා තියෙනවා. මේ පහසුකම අපට දෙන්නේ lyricsplugin.com කියන වෙබ් අඩවිය.. මිනිස්සුන්ටත් හිතෙන දේවල්. මේ Plugin එක ඉංග්‍රීසි සින්දු වලට සහ හින්දි සින්දු වලට හොදින් Support කරනවා. කියන්න සතු‍ටුයි සිංහල වලටත් මේ Plugn එක වැඩකරනවා... ඒත් අපි ගී පද මාලා මේ Website එකට Upload කරන්න වෙනවා.. මොකද සිංහල එකම සින්දුවක් වත් මේකට තවම ඇතුලත් කරලා නැති නිසා. කියන්න සතු‍ටුයි ඔන්න මම හා හා පුරා කියලා සින්දුවක් දැම්මා. ආ මේ Plugin එක ක්‍රියාත්මක වෙන්න Internet එකට Log වෙලා ඉන්න ඕනා. මේක නියමයි ‍Rap වගේ අහනකොට හරියටම වචන් වැටෙනවා... මේ තියෙන්නේ මම ගත්ත Screenshot වගයක්

Titanic සින්දුව අහනකොට

Aladin එකේ You Maybe අහනකොට

මම දාපු ගී පද මාලාව සහිත සින්දුව

අපේ සිංහල සින්දුවක් මේකට දාන්නේ

Winamp Plugin Download Here

WMP Plugin Download Here

2010-08-29

SINHALA NONSTOP ULTIMATE COLLECTION

කට්ටිය කොච්චර කොහොම ඉංග්‍රිසී සින්දු අහනවා කිව්වත් මෙව්වටත් කැමති අය ඕන තරම් නේ.. ඉතිං මම සිංහල නන්ස්ටොප් කලෙක්ෂන් එකක් ම දානවා.. තවත් ඕන්නම් කියන්න තව ඕන තරම්,


Gindara Wenasa.............. 68MB

Priya Sooriyasena............ 41MB

Ruhunu Wenasa............. 71MB

Sakura............................. 51MB

Salade.............................. 41MB [Sunflower]

Sangeeta Katayam........... 41MB

Zenith 2000.................... 62MB

Aadarayaka Mihiriyawa... 42MB [Ajith Muthukumarana]

Rahasak Kiyai Ea.............45MB [Ajith Muthukumarana]

Shadow Star..................... [Purple Range]


Ohoma Yan...................... [FlashBack]

Superhits......................... [Flashback]


Marians Unplugged CD01. 39MB

Marians Unplugged CD02.43MB

2010-08-28

Sims 3 මොබයිල් ගේම් එක

මම හුගක් ආසවෙන් සෙල්ලම් කරන ගේමක් තමයි මේක.. මුලින්ම Sims 1 ආවේ. PC ගේම.. ඒක තාමත් හොදයි දැන්නම් Sims 3 ත් ඇවිල්ලා. නියම ගේම් එක. පහල වීඩියෝව බැලුවම ඒක තේරේවි... නොකා නොබී ගහන්න පුළුවන් මේ ගේම.. තනිකරම ජීවිතේනේ තියෙන්නේ.. ගේම ගහන්කොට තමයි තේරෙන්නේ ජීව්ත් වෙන්න තියෙන අමාරුව.. Sims 3 අමාරුයි... ඒත් ඉතිං Cheat තියෙන්නේ ඒකටනේ. මේකේ PC Game නම් 5GB තියෙනවා. හෙන කට්ටක් කාලා ඒකත් Download කරා.. මේකේ Mobile Game එකකුත් තියෙනවා. නිකම් ඉන්නකොට Download කරලා බැලුවා.. නියමෙට ‍Fit උනා... ගෙදරින් පිට ඉන්නකොට කම්මැලි වෙලාවට ඔහේ සෙල්ලම් කරන්න පුළුවන්... PC Game අරන් බලන්න.. එපා වෙන්නේ නැති ගේමක්.... කෙල්ලෙක්ට Kiss කරන්නත් පුළුවන්.. හික්ස්.. ඒකට ඉතිං කොච්චර මහන්සි වෙන්න ඕනද... එක්ස්පීරියන්ස් එකටත් එක්ක අරන් බලන්න... මේ මොබයිල් ගේම.. [1MB]


මෙතනින් අරගන්න.


කලින් පලවූ MOBILEedit සොෆ්ට්වෙයා එකේ Password සම්බන්ධව

ගොඩක් අය මේ සොෆ්ට්වෙයා එක ගැන උනන්දු වෙලා තිබුනා. බැලුවේ නැත්තම් මෙතනින් යන්න. මේක ගොඩක් අය හරියට දාගෙන තිබුනා.. ඒත් සමහර අයට Rar Password එක දාගන්න බැරි වෙලා. ඒ Password එක Notepad එකකට කොපි කරලා දැම්මා නම් හරි.. ඒත් සමහර අයට ගන්න බැරි වුනානේ. ඉතිං මම අයිමත් අප්ලෝඩ් කරා කිසිම Password එකක් නැතුව.. Patch එක හරියට කරගන්න කලින් පළවුනු ලිපිය බලන්න.. මොනම ප්‍රශ්ණයක් ආවත් මම මූණු පොතේ ඉන්නවා මැසේජ් කරන්න.

http://www.facebook.com/shanzzzent

ගොඩක් අය මේ Software එකේ Password එක සහ Patch කරන විදිය ගැන, මූණු පොතේදී මාත් එක්ක කතා කරා.

කිසිම Password එකක් නැති Rar එක මෙතනින් ගන්න

පහසුවෙන් Funny Shutdown වයිරසයක් හදන විදිය

දැන් කවුරු කවුරුත් කැමතියි නේ වයිරස් හදන්න.. හැබැයි මේවා භාවිතයට ගන්න යන්න එපා. දැනුම සදහා පමණක්.. ඉතිං මම කියා දෙන්නම් Funny Shutdown වයිරස් එකක් හදන විදිය.

01.මුලින්ම Desktop එකේ හිස් තැනක Right Click කරලා, New යටතේ Shortcut එකක් හදාගන්න.

02. ඒකේ ටයිප් කරන්න shutdown -s -t 2000 -c "virus"


2000 විදියට දෙන්නේ කාලයට. "virus" කියලා තියෙනතැන ඔයා කැමති වචනයක් යොදන්න.

03. ඊට පස්සේ Shortcut එකේ නමට My Computer වගේ නමක් දෙන්න. ‍Finish කරන්න.

04. ඊට පස්සේ Shortcut එකේ Right Click කරලා Properties යන්න, ඒකේ තියෙන Change Icon ගන්න. දැන් My Computer දීපු නිසා My Computer Icon එකම දෙන්න.. ඔයාලා දුන්නේ වෙන නමක් නම් ඒ නමට අදාල Icon එක දීලා Apply කරන්න.

05. වැඩේ හරි, බය නැතුව රනRun කරලා බලන්න. මේක Close කරන්නත් බැහැ, ඒ වගේම Task Manager වලින් අයින් කරන්නත් බෑ. හැබැයි අපි මේකට දීපු Comment එක විස්ටා, 7 වලදී වැඩ කරන්නේ නෑ. ඒ වුනාට වයිරස ය වැඩ. xp වලදී ඔය තියෙන විදියටම වැඩ.. ආපහු අයින් කරන්න ඕන නම් අයිකන් එක Delete කරලා දාන්න

මේ වීඩියෝවත් බලන්නකෝ.


ඕක මේ විදියට ලියන්නත් පුළුවන්,
shutdown -s -t 00 කියලා. එතකොට Click කරපු ගමන් Shutdown වෙනවා. 01, 02 , 03 විදියට දෙන්න පුළුවන් ඒ කියන්නේ කාලයට...

2010-08-26

Advanced System Care Pro+ Patch | ඇඩ්වාන්ස් ලෙස මැසිම රකින්න

නමින්ම තේරෙනවනේ ඇඩ්වාන්ස් විදියට මැසිම රකිනවා කියලා.. ඉතිං ඒකෙත් ප්‍රෝ වරිෂන් එක දාගන්න තියෙනවනම් හොදයිනේ. කාලයක් නම් මේක නොමිලේ දුන්නා.. ඉතිං ගත්තේ නැති කට්ටියත් ඉන්නවනේ. දැන් නම් මේක ගන්න ගෙවන්න ඕනා. මටත් ඒ කාලේ මේක ගන්න බැරි උනා. මම කොහොම හරි මේක පැච් එකත් එක්කම හොයාගත්තා. ඉතිං ඔයාලටත් දෙන්නම්කෝ. හැබැයි මම මේ පහල වීඩියෝවේ කියලා දෙන විදියටම කරන්න..











Patch කරන විදිය



මෙන්න මෙතනින් අරගන්න

2010-08-25

Nokia PC Suite 7.1.26

ඔන්න නොකියා PC සයිටට කැමති අයටත් අළුත් එක දෙනවා. කලින් වර්ශන් එකට වඩා නම් මේක හොදයි.. නොකියා පාවිච්චි කරන් අය අරගෙන් බලන්න. කලින් ඒවයි නම් වලට එහෙම කේබල් එකම ඕනා. ඒත් මේකේ බ්ලූටූත් හරහාත් මේවා කරගන්න් පුළුවන්. මේකේ ක්‍රැක් මුකුත් නෑ.. ඉන්ස්ටෝල් කරගන්න විතරයි තියෙන්නේ. හැබැයි මේ මේකේ ඉංග්‍රිසි වර්ශන් එක හොයාගන්න ටිකක් අමාරු වුනා. කොහොම හරි හොයාගත්තා..







මෙතනින් අරගන්න


දුරකථනය සම්පූර්ණයෙන් පරිගණකයට ගැනීම | MOBILEedit Software

මේ සොෆ්ට්වෙයා කෑලල, ජංජාලය පීරනකොට ලැබුන එකක්. සොනි එරික්සන් පාව්ච්චි කරන අයට නම් මයිෆෝන් එක්ස්පෝරර් තියෙනවා. ඒකෙන් ලේසියි.. ඒත් අනික් අයට ලොකු ප්‍රශ්නයක්නේ. නොකියා පාවිච්චි කරන අයට නොකියා පීසී සයිට් තියෙනවා. ඒත් ඒකෙන් දෙන පහසුකම් මදි වගේ.. අනික් ෆෝන්ස් පාවිච්චි කරන අයටත්, හැමෝටමත් මේ සොෆ්ට්වෙයා කෑල්ල හරියනවා. චයිනීස් ඒවා නැතුව හොදේ.. කොහොමද දන්නේ නම් නෑ.. චයිනීස් ෆෝන් වලින් නම් කොහෙත්ම වැඩ දාන්න යන්න එපා. ඒ වගේම මේ සොෆ්ට්වෙයා කෑල්ලේ අනික් ඒවයි වගේ නෙමෙයි හුගක් පහසුකම් දෙනවා.. ඒ නිසා මමම වීඩීයෝවක් කරලා වීඩියෝ බටේට දැම්මා. ඔය පහල තියෙන්නේ ඒක තමයි.





මේක ගෙවලා ගන්න ඕන එකක්.. අපි ඉතිං නොගෙවා ගමුකෝ. මම දෙන්නම්. මේ සොෆ්ට්වෙයා එකේ තියෙන තවත් හොදක් තමයි, කේබල්, බ්ලූටූත්, ඉන්ෆරේඩ් යන ඕනම ආකාරයට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒවගේමයි පහසුකම්.. උඩ තියෙන වීඩීයෝ එකෙන් දැක්කනේ. මේක පැච් කරන්නත් ක්‍රමයක් තියෙනවා. මුලිනම පැච් එක රන් කරන්න.. ඊට පස්සේ සොෆ්ට්වෙයා එක ඕපන් කරලා පැච් එකේ තියෙන නමයි රහස් නම්බරයයි දෙන්න..

එහෙනම් මෙන්න මෙතනින් ගන්න

අර ජැපනීස් බව්වගේ කතාව | Hachiko Movie

මුලින්ම කියන්න ඕන මේක ඇත්තම ඇත්ත කතාවක් ‍ෆිල්ම් එකට අරන් තියෙන්නේ. ඒ දවස් වල අටපට්ටමෙත් මේ ගැන කිව්වා මට මතකයි. හචිකෝ කියන්නේ 1923 ඉපදුනු බව්වෙක්.. මේ බල්ලයි ස්වාමියයි අතර හොද යාළුකමක් තිබිලා තියෙනවා. ‍ෆිල්ම් එක බැලුවම ඒක හොදට තේරේවි. අඩන්න ලෑස්ති වෙලා බලන්න... මෙයාගේ ස්වාමිය එනකම් හැමදාම Shibuya දුම්රිය පොලේදි බලාගෙන ඉන්නවලු.. ඒත් දවසක් මෙයාගේ ස්වාමියා ටෝකියෝ විශ්ව විද්්‍යාලෙදී මැරිලා 1925 දී. ඉතිං එදා ඉදන් අවුරුදු නවයක් හචිකෝ මේ දුම්රියපොල ලග ඉදන් බලාගෙන ඉදලා තියෙනවා. ඉතින් ‍ෆිල්ම් එක අරගෙනම බලන්නකෝ. මීඩියාෆයර් ලින්ක්ස් හොදේ.... බ්ලූ රේ රිප් එකක් නිසා උපරිම කොලිටි එක තියෙනවා.




පෙර දසුන්





මෙතනින් අරගන්න..

2010-08-24

Wake Up Sid Movie

Wake Up Sid. හැමෝම අනිවා බලන්න ඕන ‍ෆිල්ම්ක් මේක. මේකෙ ඉන්න කොල්ලා පිස්සු කෙළ කෙළ නිදහසේ ජීවත් වෙන කොල්ලෙක්. විභාගේ දවසෙත් උදේ නැගිටලා ගානක් හදනවා. බලනකොට චිත්‍රයක් ඇදලා තියෙන්නේ. ඉතිං විභාගෙත් ෆේල් වෙනවා. යාළුවන්ටත් බැනලා මේ කොල්ලා ගෙදරින් යනවා... හැබයි මෙයාට ලස්සන ෆොටොස් ගන්න පුලුවන්.. ඉතුරු ටික බලන්නකෝ.. පෙර දසුන් මෙතනින් බලාගන්න.





මීඩියාෆයර් ලින්ක්ස් හොදේ.( ඩිරෙක්ට් ලින්ක්ස් )

Movie Info:

http://www.imdb.com/title/tt1324059/

මෙතනින් ගන්න

Password:

urgrove.com

2010-08-23

Aao Wish Karein Movie | එන්න පැතුමක් පතන්න

කාලෙකට පස්සේ බලපු ලස්සන හින්දි ‍ෆිල්මක් ගැන තමයි මේ ලිපිය. තනියම රසවින්දනය කරන්න හොද නෑනේ. Hit නොව්නත් කොච්චර හොද ‍ෆිල්ම් තියෙනවද.. මේ කතාව තියෙන්නේ Mediafire Links.. මම කලින් ලිපියක් දැම්මනේ ‍ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන එක ගැන.. බැලුවේ නැත්තම් මෙතනින් යන්න. ගොඩක් අය ඒකේ හොද කිව්වා. මූනූපොතේදිත්.. තැන්කූ හොදේ.. මේක තියෙන්නේ Mediafire Links.. සිම්පල් ප්ලෑන් එකක්නේ. මේ ‍ෆිල්ම තියෙන්නේ 400MB DVDRiP එකක්... කොලිටි එක නියමයි..

මට ඉතිං ටොරන්ට් පේන්න බැහැනේ.. ඉතිං මම මේ විදියට දෙන්නම්. මේ කතාවේ වෙන්නේ එක පොඩි කොල්ලෙක් ඉන්නවා, ලොකු කෙල්ලෙක්ට හිත යනවා. මොනා කරන්නද මේ කොල්ලා පොඩියිනේ.. ඉතිං පැතුමක් පතනවා මම ඉක්මනට ලොකු වෙන්න කියලා.. පහු වෙනිදා ඇහැරිලා බලනකොට කොල්ලා ලොකු වෙලා.. එතන ඉදන් කතාව හරි ලස්සනට ගලාගෙන යනවා.. හිනා වෙන්න ඕන තරම් තැන්.. කොල්ලා ලොකු උනත් වැඩ පොඩි එකෙක්ගේ වගේ.. සින්දු එහෙම හරි ලස්සනයි.. සරලයි.. අනං මනං මුකුත් නෑ. ඕනම කෙනෙකුට බලන්න පුළුවන්. ලස්සන කෙල්ලෙක් රංගනයෙන් දායක වෙන නිසා ‍ෆිල්ම් තවත් හොදින් හැඩවෙලා. ඉතිං හොදින් රසවිදින්න පුළුවන් ‍ෆිල්ම් එකක් මේක... අන්තිමට දුකත් හිතෙනවා.. අරගෙනම බලන්නකෝ..


PASSWORD : moviesnhacks


http://www.mediafire.com/?tctayvyches

http://www.mediafire.com/?mqyyxgtjpjm

http://www.mediafire.com/?zox4lwmjebz

Any Video Converter Professional 2.7.9 + Crack

ගොඩක් අය මේ සොෆ්ට්වෙයා කෑල්ල ගැන දන්නවා ඇති. නමින්ම තේරෙනවනේ ඕනම වීඩියෝ එකක්ට ඔට්‍ටුයි කියලා. ඒත් මේකේ Free දෙන එකේ Convert කරන්න දෙන්නේ Format ටිකකට විතරයි.. ගෙවලා ගන්න එකේ නම් හෙන Format ගොඩක් තියෙනවා. අහලත් නැති Format තියෙනවා. ඔව්වට ඉතිං ගෙවන්න පුළුවනැයි. ඉතිං මම මේක Free දෙන්නම්කෝ. Crack කරගන්න එක විතරයි තියෙනනේ.. හැමතැනම නෑ...

මෙන්න මෙතනින් අරගන්න

Mortal Kombat 4 The Game

අද මම දාන්නේ ටිකක් පරණ ඒ වගේම පට්ට ගේමක් ගැන.. දැන් අවුරුදු 4කට විතර කලින් මේ ගේම ගහලා තියෙනවා.. ඊට පස්සේ කොහොම හරි නැති වුනා.. දැන් ජංජාලේ තියෙන නිසා ටිකක් හොයලා බැලුවා.. ඔන්න අහුවුනා... නියම ෆන් ගේම.. දෙන්නක්ටත් සෙල්ලම් කරන්න පුළුවන්. නම තමයි Mortal Kombat 4. ගොඩක් අය මේකේ ‍ෆිල්මත් බලලා ඇති.. ෆයිටින් ගේම්ස් වලට ආස අය මේකට කැමති වෙයි අනිවා...


මේ ගේමේ Keys තියෙන විදිය ටිකක් අමාරුයි.. ඒක නිසා ඒක ටිකක් වෙනස් කරගන්න කීබෝඩ් එකේ F2 ඔබන්න. ඊට පස්සේ කැමති විදියකට නෙලන එකයි ඇත්තේ.. පට්ට පවර්ස් එහෙම තියෙනවා. අරගෙනම බලන්නකෝ. මෙගාබයිට් 12 යි තියෙන්නේ.. අරගෙනම බලන්නකෝ. ආ මේක දානකොට වයිරස් ගාඩ් එකෙන වයිරස් එකක් විදියට අල්ලයි.. ඒ වයිරස් එකක් නම් නෙමෙයි.. හුගක් සොෆ්ට්වෙයා, ගේම්ස් ඉන්ස්ටෝල් කරනකොට, විශේෂෙන්ම් Crack, Keygen වගේ ඒවා වයිරස් ගාඩ් එකට පේන්න බෑ.. මම කලින් දීපු සොෆ්ට්වෙයා වගයකට වයිරස් කියලා තිබුනා... ඇත්තට ඒවයි ඇති වයිරස් එකක් නෑ.. මේකෙ Extract කරලා, Setup Run කරන්න ඕනා නෑ. කෙලින්ම Application එක Run කරන්න.

මෙන්න මෙතනින් අරගන්න

2010-08-08

විභාගයට තව පැය කිහිපයකින් සහ උණුසුම් සුභපැතුම්

ඔන්න ඉතිං හෙට මම හෙන කට්ටක් කාලා විභගය ලියනවා. මම පුද්ගලික අයදුම්කරුවෙක්නේ. හැමෝම පළවෙනි සැරේ ප්‍රයිවට් කරන්න බෑ කියපු විභාගේ මම හෙට කරනවා. හුගක් සතු‍ටුයි.. ඒත් ,මට මේ සැරේ හුගක් හොද රිසාල්ට් එකක් ගන්න බැරි වෙයි. මොකද මම හරි විදියට 2011 උසස් පෙළ කරන්න ඉන්නේ. පංති යන්නේත් ඉතිං 2011. මගේ උසස් පෙළ ගැන ජීවිතේ බලාගන්න ඕන්නම් මෙන්න මෙතන ලියලා ඇති.. පිස්සු හැදිලා අපහු හැදෙනවා. කවුරුත් මෙහෙම ක‍ටු කාලා නැතු ඇති.

ඉතිං කොහොමහරි හෙට මම විභගේ ලියනවා. හුගාක් සතුටින්.. මේ හැමදේම මම ආදරේ කරන පැංචි නිසයි. අපි දෙන්නා එකතු වුන හැටිත් පුදුමාකරයි. මෙතනින් බලන්නකෝ. එයා නිසයි මම මේ විදියට මහන්සි වුනේ. හෙට පස්වරු 12.30 ට මම උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා.. ඉතිං මේ මාසෙට ලියන අවසාන ලිපිය මෙයයි. අනිතිම මොහොතෙත් මගේ බ්ලොග් යළුවන්ට කියලා යන්න ආවා. හුග දෙනක් මගේ ඉන්ටනෙට් ජීවිතෙත් එක්ක සෙට් වෙලා හිටියනේ. විශේෂෙන්ම සමීර ( සෑම්) , පිස්සා පලාමල්ල ( අයේෂ්), හිගන්නා ( අශාන්), මහසෝනා (උත්පල) ලසිදු , ප්‍රමෝද් මගේ බ්ලොග් ලයිෆ් එකත් එක්ක හිටියා. නම් කියවුනේ නැත්නම් ඒ ගැනත් සමාවෙන්න. ඒ නිසා මේ පැය ගානට කලින් බ්ලොගයට ගොඩ වැදිලා යන්වා. ඒ වගේම මූණු පොතටත්. මාත් එක්ක හිටපු හැමෝටම ස්තුතියි.

හෙට තියෙන්නේ ආර්ථික විද්්‍යාව. ඉතින් උසස් පෙළ කරන, යාළුවන්ටත් මගේ උණුසුම් සුබ පැතුම්. එහෙනම් මගේ යාළුවනේ සැප්තැම්බර් මසදී යළි හමුවෙමු..

2010-08-07

ස්කෝලයක් පාලනය කරන්න ඕනෙද | School Tycoon

පාසල් කාලේ මතක් වෙන්නත් එක්ක, අපි ප්‍රින්සිපල් කෙනෙක් වුනොත් කොහොමද? ඒකට තමයි මේ ගේම තියෙන්නේ. ස්කෝලයක් පාලනය කරනවා කියන එකත් එච්චර ලේසි වැඩක් නෙමෙයි.මේක හැබැයි රජයේ පාසලක් නම් නෙමෙයි. ඒ හින්දා හොද ගුරුවරු, පහසුකම් සහිත බිල්ඩින් හදන්න වෙයි. පංති කාමරයත් අපිට බලන්න පුළුවන්. ටොයිලට් හැර. හික්ස්.

මේකට මැසිමේ ලොකු පහසුකමක් ඕනා නෑ. පොඩි ගේමක්.. ඒ උනාට ලස්සන ගේමක්. මෙගාබයිට 400ක් වගේ තියෙනවා. මම පාට්ස් විදියට දෙන්නම්. මේ පාට්ස් ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙලා ISO එක Extract කරගන්න. ඇල්කොහොල් සොෆ්ට්වෙයා කෑලල පාවිච්චි කරන්න දන්න අය විතරක් ගන්න. මොකද ISO එක Run කරන්න ඕනා ඇල්කොහොල් හරහා නිසා. ඇල්කොහොල් ගැන දන්නේ නැත්නම් කොම්න්ට් එකක් දාන්නකො. මම කියලා දෙන්නම්. ඊට පස්සේ ගේම ඉන්ස්ටෝල් කරලා Crack කරගන්න එකයි තියෙන්නේ..



මෙන්න මෙතනින් අරගන්න
school tycoon.part1.rar
school tycoon.part2.rar
school tycoon.part3.rar
school tycoon.part4.rar

මම ‍ෆිල්ම් අරගන්න ක්‍රම පහක්

ඔන්න අද කට්ටියටම කියන්න යන්නේ මම ‍Films අරගන්න ක්‍රම පහක් ගැන. කොටින්ම කිව්වොතින් මම ‍Film පිස්සෙක්. නොබලපු ‍Film එකක් නැති තරම්. ගොඩක්ම ආස Romance Films තමයි... කොරියන්, ජැපනීස් ‍ෆිල්ම් වලට කැමතියි. ගොඩක් විස්තර අරගන්න බයිස්කෝප් වෙබ් අඩවියෙන්. ඒකේ සේවාව නම් කියලා නිම කරන්න බෑ. ඉතින් මම කියන්නම් මම ‍ෆිල්ම් අරගන්න ක්‍රම පහ.

01. බයිස්කෝප් වෙබ් අඩවියෙන් ටොරන්ට් වශයෙන්
බයිස්කෝප් වෙබ් අඩවිය ගැන මම කිව්වනේ.. ගොඩක්ම ආස කරන සයිට් එකක්. ඒත් Torrent මට වැඩිය අල්ලන්නේ නෑ. Seed කරන්නයි පිස්සු හැදෙනවා. 1GB ඩවුන්ලෝඩ් කරොත් 1GB අප්ලෝඩ් වෙලා. ඒක නිසා Torrent නම් අල්ලන්නේ නැහැ.ලංකාවේ තියෙන Data Plan එක්ක මේ දේවල් කරන්න ගියොත් මාසෙට හොද බිලක් එනවා. Unlimited Data Plan එකක් නම් අන්න හරි. ඒ මොනා වුනත් බයිස්කෝප් අඩවියේ වටිනාකම නම් හුගක්. මේ ක්‍රමයට මම ඩවුන්ලෝඩ් කරපු ‍ෆිල්ම්ස්, 2012, American Pie, Forbidden Kingdom, Mirrors, Paranormal Activity, Romeo Juliet, The Final Destination, Untraceble,....


02. Direct Links [MediaFire Links]
මේ ක්‍රමේ ගොඩක් අය පාවිච්චි කරන්න ගොඩක් අය දන්නේ නැහැ. මොකද කිව්වොතින් මේ File තියෙන්නේ MKV ෆයිල් එකක් විදියට. ගොඩක් Players වල මේ Format එක වැඩ කරන්නේ නෑ. Gom Player, Media Player Classic වගේ Players වල වැඩ කරනවා. ඒත් නැත්නම් Matroska Pack එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනා. ඒ වගේම මේ ෆයිල් තියෙන්නේ පාට්ස් වශයෙන්.පාට්ස් 3-4 ක් වගේ තියෙන්වා. ‍ෆිල්ම් එකම 300MB-400MB ක් වගේ තියෙන්නේ. ඉතිං Data පාවිච්චි කරන හැමෝම මේ ක්‍රමයට කැමති වෙයි. ඒ වගේම මේ තනි ‍ෆිල්ම් එක කොටස් වලට කඩලා තියෙන්නේ 3ක් 4 ක් වශයෙන්. මොකද මීඩියෆයර් වෙබ් අඩවියේ 200MB යි එක පාර අප්ලෝඩ් කරන්න පුළුවන්. මීඩියාෆයර් වෙබ් අඩවිය ගැන් කිව්වොතින් අප්ලෝඩ්ස් වලට හොද සයිට් එකක්. ඩවුන්ලෝඩ් කරද්දි හිර වීම් නෑ., වෙලාවක් බලන් ඉන්න ඕනා නෑ. වේගයත් හොදයි. ඉතිං මේ පාට්ස් විදියට කඩලා තියෙන්නේ, hjsplit කියන මෘදුකාංගයෙන්. මම කලින් ඒ ගැන ලිපියක් ලිව්වා. මෙතනින් බලන්න. ඉතින් මේ පාට්ස් එක් කරගන්න මේ මෘදුකාංගය ඕනා වෙනවා. ඊට පස්සේ ‍ෆිල්ම් එක බලන්න පුළුවන්.. පට්ට කොලිටි. මම මේ විදියට ‍ෆිලිම් ගන්න ප්‍රධානම් සයිට් එක, www.urgrove.com . තව සයිට්ස් තියෙනවා. මේ ක්‍රමයට අරගත්ත ‍ෆිල්ම්ස්, 17 Again, A Perfect Getway, After.Life, Badmaash Company, Chanse Pe Dance, Dear Jhon, Final Fantasy, Grown Ups, Hot Tun Time Machine, How to Train Your Dragon, Hush, Kama Sutra, Land Of the Lost, Mouse Hunt, Next, Shorts, The Eye, Speed, The Book Of Eli, The Crazies, The Toy Story, Unthinkble,....................


03. Online බලන්න පුළුවන් ‍Films Download කිරීම
මේකට නම් ගොඩක් වෙබ් සයිට්ස් තියෙනවා. මේකෙන් ඩවුන්ලෝඩ් කරනකොට IDM වගේ සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්න වෙනවා. Grab කරලා ගන්න පුළුවන්. මේ ක්‍රමයෙන් ඩවුන්ලෝඩ් කරද්දී ‍ෆිල්ම් එක 400MB-700MB වගේ වෙනවා.


04. You Tube එකෙන්
මේකත් හොද ක්‍රමයක්. හැබැයි ටිකක් කරදරයි. මම ලිපි ලියලා තියෙනවා මේ ගැන. පාට්ස් 9-15 වගේ තියෙනවා. IDM හරහා තමයි මේවත් ඩවුන්ලෝඩ් කරගන්නේ. හොද කොලිටි එකකුත් තියෙනවා. මේ ක්‍රමයට ඩවුන්ලෝඩ් කරපු ‍ෆිල්ම්ස්,Phoonk 1, 2, Kaal, Jab We Met, A Moment To Remeber, The Classic, The Invisible Man . ඔතනින් Koizora, Phoonk පට්ටයි. මම ඒ ගැන ලිපි ලියලා ඇති. ආ සුවද දැනුනා ජීවිතේ ‍ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම ‍Jab We Met ෆිල්ම් එකේ කොපියක්. මට ඕක කිව්වේ කෙල්ලෙක්. ඒක නිසාම බැලුවා. ඇත්ත නේන්නම් ෆට්ට කොපියක්. ලංකාවේ අය නම් කොපි වලට උපන් හපන්... හික්ස්.

05. D.V.D වලින්
මේ ක්‍රමය තමයි ඉතිං හුගක්ම. මගේ කාමරේ CD Shop එකක් වගේ තමයි. හික්ස්. අපේ අම්ම කියන්නේ මේක ඉලෙක්සිටි බෝඩ් එකක් කියලනේ.. මම යාළුවෙලා ඉන්න පැංචි කියන්නේ රෙකෝඩ් බාර් එකක් කියලා. හික්ස්.. ඇත්ත තමයි. මේ ක්‍රමයට ගත්ත ‍ෆිලිම්ස් නම් ලියන්න බෑ. මොකද බ්ලොග් එකේ ඉඩත් මදි..

ඔන්න ඔහොමයි මම ‍ෆිල්ම් අරගන්න ක්‍රම.. එහෙනම් ගිහිං එන්නම්....

පහසුවෙන් ෆයිල් කැඩීම සහ එක් කිරීම | hjsplit

මේ මෘදුකාංගය ඉතාම කුඩා ඒ වගේම වටින මෘදුකාංගයක්. ජංජාලය පාවිච්චි කරන හුගක් දෙනා මේක පාවිච්චි කරනවා. විශේෂෙන්ම අප්ලෝඩ් කිරීම් වලදී මේක භාවිතා වෙනවා. මේක 95/98... කියලා තිබුනට වින්ඩෝස් 7 වලත් වැඩ. මම පාවිච්චි කරන්නෙත් 7 තමයි. ගොඩක් සයිට්ස් වල ‍ෆිල්ම්ස්, සොෆ්ට්වෙයා, ගේම්ස් වගේ දේවල් අප්ලෝඩ් කරද්දී මේක තමයි පාවිච්චි කරන්නේ. ඉතිං ඒ ගොල්ලො එහෙම දෙන ෆයිල් එක් කරගන්න මේ සොෆ්ට්වෙයා කෑල්ල ඕනා වෙනවා. ඉතිං වැදගත් වෙන එකක් කියලා හිතෙනවා නම් ගන්නකෝ. ආ මේකෙන් ෆයිල් කඩන හැටි එක් කරන හැටි කියලා දෙන්න දෙයක් නැහැ. දැක්ක ගමන් තේරෙනවා.

මෙන්න මෙතනින් අරගන්න [332KB]

2010-08-06

බ්ලොගයේ Shout Box එක Hide වන ලෙස සකසන විදිය

මේ ක්‍රමයට නම් කවුරුත් කැමති වෙයි.. මම හිතන විදියට සිංහල බ්ලොග්ස් ලියන අය මේ ගැන දන්නේ නැහැ. මම දැක්කා ගොඩක් අය Shout Box එකක් දාගෙන ඉන්නවා. කොහොමද මේ Box එක Hide වීමට සහ Show වෙන ආකාරයට දැම්මොතින්. ලස්සනයිනේ වැඩේ. ඉඩත් ඉතුරුයිනේ. මේක දාගත්තයින් පස්සේ Shout Box කියන බොත්තම් කොටන් එක විතරයි තියෙන්නේ. එක පාරක් කෙ‍ටුවම Show වෙනවා. ආපහු කෙ‍ටුවම Hide වෙනවා. ඉතිං මම කියලා දෙන්නම් මේක කරන විදිය. එකක් හදාගත්තේ නැත්තම් මෙන්න මෙතනින් හදාගන්න. මම දාගත්ත එකත් බලන්නකෝ.


මුලින්ම බ්ලොගේට Log වෙන්නකෝ. ඊට පස්සේ Design>Page Elements>Add Gadget>HTML/Java Script ගන්න. දැන් මේ Code එක දාලා Save කරලා බලන්නකෝ.


<style type="text/css">
#gb{
position:fixed;
top:50px;
z-index:+1000;
}
* html #gb{position:relative;}


.gbtab{
height:100px;
width:30px;
float:left;
cursor:pointer;
background:url('https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4js2DuVU9oarJIFxZWVqDKM1njN-2v7ksChNBiitVnBOd_9tdBFUn0ZvfhFGYhKqR54tyfMVVMgrHHbU6XFjFe3uOA5vYn3XaMG_cV_1xsyiy5XUWRNY8qAmdsAravu6mXDddnJ5kjaSb/s320/tabs.png') no-repeat;
}
.gbcontent{
float:left;
border:2px solid #666666;
background:#F5F5F5;
padding:10px;
}
</style>


<script type="text/javascript">
function showHideGB(){
var gb = document.getElementById("gb");
var w = gb.offsetWidth;
gb.opened ? moveGB(0, 30-w) : moveGB(20-w, 0);
gb.opened = !gb.opened;
}
function moveGB(x0, xf){
var gb = document.getElementById("gb");
var dx = Math.abs(x0-xf) > 10 ? 5 : 1;
var dir = xf>x0 ? 1 : -1;
var x = x0 + dx * dir;
gb.style.right = x.toString() + "px";
if(x0!=xf){setTimeout("moveGB("+x+", "+xf+")", 10);}
}
</script>
<div id="gb">
<div class="gbtab" onclick="showHideGB()"> </div>
<div class="gbcontent">

Shout Box එකේ Code එක මෙතනට දාන්න

<div style="text-align:right">
<a href="javascript:showHideGB()">
[close]
</a>
</div>
</div>
</div>
<script type="text/javascript">
var gb = document.getElementById("gb");
gb.style.right = (30-gb.offsetWidth).toString() + "px";
</script>


දැන් Save කරගෙන බලන්නකෝ. හොදයි නම් කොමන්ට් එකක් දාලම යන්න හොදේ. දවස් දෙකකින් උසස් පෙළ තියාගෙනයි මේ ලියන්නේ.. කම්මැලියි වගේ නම් Shout Box එකේ වත් මොනා හරි කොටලා යන්නකෝ.

වේගයෙන් ඩවුන්ලෝඩ් | IDM 5.19 Build 3 Full Version


මාත් හුග දවසක් හෙව්ව සොෆ්ට්වෙයා එකක් තමයි මේක. ඇයි ඉතිං මේකේ පට්ට වේගෙනේ.. අනිත් Version හැම එකකටම වඩා මේකේ Speed... මෙකේ තාම Full Version හොයාගන්න අමාරුයි.. Carck තිබුනත් හුගක් ඒවා වැඩ කරන්නේ නෑ. දන්න අය දන්නවා IDM කොච්චර වටින සොෆ්ට්වෙයා කෑල්ලක්ද කියලා. Flash Vedios එහෙමත් පහසුවෙන් Download කරගන්න පුළුවන්නේ. 6MB යි තියෙන්නේ. අරගෙනම බලන්නකෝ.

මෙන්න මෙතනින් අරගන්නකෝ

Pool ගහන්න කැමති අයට මෙන්න ගේම | Real Pool

Pool වලට කැමති අය මේ ගේමට කැමති වෙයි.. ලයිව් බ්ලියඩ්ස් ගේම් එක ඉතිං ‍Free දෙන්නේ නැහැනේ.. ඉතිං මේ ගේමත් ඒ වගේම තමයි.. ඉන්ටනෙට් ඕනේ නෑ හොදේ. ෆට්ට ගේම.. අරගෙනම බලන්නකො.. 5MB යි තියෙන්නේ.

මෙන්න මෙතනින් අරගන්න

සද්දෙට කැමති අයට | DFX Audio Enhancer 9.211 Full Version

මේ සොෆ්ට්වෙයා එක ගැන කිව්වොතින් මේක Players වලට දාන්න පුළුවන් Plugin එකක්. කැමති Player එක ‍තෝරලා මේ සොෆ්ට්වෙයා එක Install කරාම, Player එක Open කරනකොට මේ Plugin එකත් Open වෙනවා. ඊට පස්සේ සද්දේ අපි කැමති විදියට හදාගන්න පුළුවන්.. ෆට්ටයි... ලස්සන් විදියට හදාගන්න පුළුවන් මේක. Sounds වලට ආස කරන අය මේ සොෆ්ට්වෙයා එකට කැමති වෙනවා අනිවා.. ඉතිං මේ සොෆ්ට්වෙයා එකේ Full Version මම දෙන්නම්..

මේ තියෙන්නේ වැඩ කරන Player List එක
Real Player
Win Amp
Windows Media Player,.....

මෙන්න මෙතනින් අරගන්න

ලස්සන මාළු ටැංකියක් | Dream Aquarium Screensaver Full Version

ඉතින් කශ්ටියනේ කොහොමද? මේ දවස් ටිකේම මම Blog ලියන් නැතුව හිටියා.. තව දවස් දෙකකින් විභාගෙනේ.. ඒත් ලිපි ටිකක් ලියලම යනවා. හැබැයි ටිකක් කෙටියෙන්.. ඒ ගැන සමාවෙන්න ඕන.. කට්ටිය බලලා තිබුනා මම කෝ කියලා. ඒ හැමෝටම බොහොම ස්තූතියි.. සිංහල බ්ලොග්ස් ගෘප් එකේ සිදුවුනු ප්‍රමාද දෝෂයටත් සමාවෙන්න ඕනා... අප්ඩේට් දෙන්නම්කෝ.

අද මම දෙනවා දෙනවා ලස්සන් Screen Saver එකක්..මේක හැමතැනදීම ගනිද්දී ගෙවන්න ඕනා... ඒත් මම දෙන්නම් Full Vertion එකම. මේක් හුගක් ලස්සනයි. හැමෝම අරන් බල්න්න. මේකේ Crack+Tanks+Fish ඔක්කොම එක්ක මම දෙන්නේ. මේකේ species ෆෝල්ඩර් එකේ තියෙන ෆෝල්ඩර් ටික, Dream Aquarium ඉන්ස්ටොල් වුන තැන තියෙන species ෆෝල්ඩර් එක අතුලට Copy කරගන්න. ඊට පස්සේ Crack කරගන්න. Run Me එකත් කොටන්න. ඔය පහල තියෙන වීඩියෝවෙන් බලාගන්න මේකේ ලස්සන. 8MB යි තියෙන්නේ.



මෙන්න මෙතනින් අරගන්න

content top