content top

2011-10-29

මගේ පලමු ‍රැකියා අත්දැකීම.... LOL

හ්ම් ඔන්න මම හා හා පුරා කියලා කාලෙකට පස්සේ මගේ බ්ලොග පැත්තේ ආවා. ඉස්සර වගේ ලිපි ලියවෙන්නේ නැති එක ගැන මාත් කනගා‍ටු වෙනවා.. අද ඉතිං කියන්න යන්නේ මං ගැන.. කට්ටිය බනීද දන්නේත් නෑ, පිස්සු ***වල් ලියන් නැතිව ඉදපන් කියලා... දැන් මාස දෙකකට කලින් සෙලින්කෝ එකේ ඉන්ටවිව් ගියා.. කොහොම හරි පාස් වෙලා, විභාගයක් තිබ්බා.. ඒකේ අහුවේ , IQ test එකයි, Grammer Test එකයි, Practical Test එකයි.. IQ එක ඉතිං ගනන්, රූප සටහන්, දීලා තමයි ප්‍රශ්න ඇහුවා (කඩ්ඩෙන්) Grammer එකට රචනාවක්.  ඒකේම තිබුනා IT කොටසක්. එකේ ඇහුවේ  ROM, WAN, HTTP කියන වගේ ඒවා. ඒ වගේ 20 ක් තිබුනා......

content top