content top

2010-07-06

ඔව්! ඔව්! කොරියානු ලස්සනම ලස්සන ආදර කතාවක් තමයි (Koizora)


ෆුහ් ඉතින් කට්ටියටම කොහොමද? හුග කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවා. මේ දවස් වල කොල්ලා ටිකක් උසස් පෙළ විභාගෙට ලෑසිති වෙනවා.. ඉතිං ජංජාලයේ වැඩිය සැරිසරන්නේ නෑ. ඒත් මේ ‍ෆිල්ම් බැලිල්ලැයි, බ්ලොග් එක පැත්තෙයි එන්නේ නැතුව ඉන්නම බෑ.. අඩුම තරමේ මුණු පොතට වත් ඇවිල්ලා යනවා.

ආ කියන්න ආපු දේ අමතක වුනා. මේ දවස් ටිකේ ඒකාකරී පාඩම් කිරීමෙන් ඉන්නකොට ‍ෆිල්මක් බලන්න හිතුනා. ඉතිං හොද රොමෑන්ස් කොරියන් ‍ෆිල්මක් ජංජාලයේ හෙව්වා. මං කොහොමත් කොරියන් ‍ෆිල්ම් වලට ටිකක් ඇබ්බැහි වෙලා. මේ ‍ෆිල්ම්ස් වල තියෙන හොද තමයි හරිම තාත්විකයි. සැබෑ ජීවිතය හොදින් නිරූපනය වෙනවා. ඉතිං හොද ‍ෆිල්ම් එකක් හොයාගත්තා.. නමින් තමයි Koizora... ඒත් හොද Torrent එකක් නම් හොයාගන්න බැරි වුනා. ඩිරෙක්ට් ලින්ක්ස් තිබුනා. ඒත් මම ගත්තේ නෑ. ඉතිං වීඩියෝ බටේ පැත්තේ සර්ච් එකක් දැම්මා. කොටස් වශයෙන් තිබුනා. දුක් වෙන්න එපා... මේවයි කොලිටි එක නියමයි.. D.V.D කොලිටියම තියෙනවා. ‍ෆිල්ම් එකම මෙගා බයිට 500 යි. ඉතින් තවත් හොදයිනේ.

‍ෆිල්ම් එක නම් පට්ට රොමැන්ටික්. ඇඩෙනවා කතාව අන්තිමට.. ඇත්තටම හුගක් ලස්සනයි.

පෙර දසුන්


හොදයිද? මම කියනවට ආදර කතා බලන්න කැමති හැමෝම බලන්න. බලලම කොමන්ට් කරන්නකෝ.මම දෙන්නම් මේකේ කොටස් වල ලින්ක්ස් ටික.. ආ කියන්න බැරි උනා. වීඩියෝ බටේ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරන්න හරිම ලේසියි. IDM 5.19 හරහා තමයි. නැත්තම් මෙන්න මෙතනින් ගන්න. පට්ට වේගවත්. වීඩියෝ බටේ පේජ් එකට ගියම මෙන්න මෙහෙම පෙන්වනවා.

ඔන්න ඔය බොත්තම එබුවම ඉක්මනටම ඩවුන්ලෝඩ් වෙනවා. හිර වීම් මුකුත් නෑ. මෙන්න එහෙනම් මේ රොමෑන්ස් මූවි එකේ කොටස් ටික. කොලිටි එක බලන්න එක කොටසක් අරගෙන බලන්නකෝ.. එහෙනම් ඔක්කොම කොටස් ටික අරගෙන හොදින් ‍ෆිල්ම රසවිදින්නකෝ. ඉවර වෙනකොට අඩන්නත් ලෑස්ති වෙන්න....... ඔන්න එහෙනම්.....

Koizora Movie Part-1(1/9)
Koizora Movie Part-1(2/9)
Koizora Movie Part-1(3/9)
Koizora Movie Part-1(4/9)
Koizora Movie Part-1(5/9)
Koizora Movie Part-1(6/9)
Koizora Movie Part-1(7/9)
Koizora Movie Part-1(8/9)
Koizora Movie Part-1(9/9)


Koizora Movie Part-2(1/8)
Koizora Movie Part-2(2/8)
Koizora Movie Part-2(3/8)
Koizora Movie Part-2(4/8)
Koizora Movie Part-2(5/8)
Koizora Movie Part-2(6/8)
Koizora Movie Part-2(7/8)
Koizora Movie Part-2(8/8) END


ආ හොදනම් මොනා හරි කියලම යන්න හොදේ... නැත්තම් මට නින්ද යන්නේ නෑ..

3 ප්‍රතිචාර:

Aravinda Prasanna said...

‍ෆිල්ම් එක නම් හොඳයි
මචෝ ඩිරෙක්ට් ලින්ක් ටික දෙන්න බැරිද?

Anonymous said...

direct link danna

Geekhunter said...

මචන් ඩිරෙක්ට් ලින්ක්ස් වල තියෙන්නේ MKV Format එකට.. ඉතිං මට නම් පොඩි පොඩි අවුල් ආවා. මේ විදියට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්නේ. කොහොමත් ඩිරෙක්ට් ලින්ක්ස් වලත් තියෙන්නේ පාට්ස් විදියට තමයි.. පාට්ස් 6ක් 7ක් තියෙනවා..

Post a Comment

content top