content top

2010-07-07

Face Book හි සිංහල බ්ලොග්ස් ගෘප් එක තවත් ඉදිරියට.... (ඔබ සදහාමයි)

හැමෝම දන්නවනේ මූණු පොතට වෙන් වුන සිංහල බ්ලොග්ස් ගෘප් එකක් තියෙන බව. ඉතින් අප තීරණය කලා සිංහල බ්ලොග්ස් වලට තව තවත් සප් කරන්න.. මෙන්න මෙහෙමයි වැඩේ සිද්ධවෙන්නේ. ඔබ සිංහල ගෘප් එකේ ලිපි පල කරනවනේ. අප එම ලිපි සිංහල බ්ලොග්ස් ගෘප් එකේ සාමජිකයන් හට කර Message එකක් වශයෙන් යවනු ලබනවා.


සැ.යු- ඔබ පල කරන ලිපි වෙන වෙනම මැසේජ් කරනු නොලැබේ. මෙයට පැය 72 ඇතුලත මෙම ගෘප් එකෙහි පල වන ලිපි සියල්ලම එකතු කොට සාමාජිකයන් හට පණිවිඩකයක් යවනු ලැබේ. එනම් ඔබේ ලිපියේ මාතෘකාව, එහි විස්තරයද යවනු ලැබේ.එමෙන්ම අනෙකුත් ලිපිද මේ සමග යවනු ලැබේ.




පහල ඇති ඉමේජය බැලීමෙන් මෙය වඩාත් හොදින් වටහා ගත හැක. හොදින් දර්ශනය නොවේ නම් එහි ක්ලික් කරන්න.

දැන් පැහැදිලියිනේ. මෙහි ක්‍රියාවලිය මෙහෙමයි..
01. සිංහල බ්ලොග්ස් ගෘප් එකේ ඔබේ ලිපිය පල කිරීම ( එය ඔබ විසින් කල යුතුය )
02. අප අපගේ සාමජිකයන්ගේ පැය 48-72 ක් ඇතුලත පලවන ලිපි සියල්ල එකතු කොට එක් පණිවිඩයක් ලෙස සියළුම සාමාජිකයන්ට යැවිම. මෙහිදී ඔබේ ලිපියේ නම, URL එක සහ ඔබේ ලිපියේ විස්තරය අන්තර්ගත කරනු ලැබේ. එය ඔබට වාසියක් වේ.

සැ.යු- ලිපියේ හරය සලකා බලනු ලැබේ.

දැන ඔබට ගැටළුවක් අති වෙයි ඇයි මෙහෙම පැය 72 ක් ඇතුලත සියළු ලිපි එකතු කොට පණිවිඩයක් යවන්නේ කියලා. ඒ අපගේ සාමජිකයන්ට නිතරම පණිවිඩ යැවීමෙන් අපහසුතාවයකට ලක් වීමයි.. අප ඔබ ගැනත්, සාමජිකයන් ගැනත් හිතලා මේ විදියට මෙම ආකාරයට කරනු ලබන්නේ.. එසේ නම් අප සමග එක්වන්න සිංහල බ්ලොග් කලාවේ අනාගතයට.


මූණුපොතේ සිංහල බ්ලොග්ස් ගෘප් එකට මෙතනින් එන්න

4 ප්‍රතිචාර:

පිස්සා පලාමල්ල said...
This comment has been removed by the author.
පිස්සා පලාමල්ල said...

හොඳ වැඩක් කොල්ලා... දිගටම කරන් යමු.

C0de BlUe said...

අඩේ දිගටම කරගෙන යමු වැඩේ , එල එල !!!

Geekhunter said...

බොහොම ස්තූතියි.... මචන්ස්ලා. අයියලගේ සප් එක තමයි මට.. තැන්කූ.!!!

Post a Comment

content top