content top

2010-07-12

සමනළ රෑනක් සේ | සොදුරු පාසල් ජීවිතේ

කට්ටිය බලනවා ඇති මම මේ මොනාද කියන්න යන්නේ කියලා. ඔව් සොදුරු පාසල් ජීවිතේ කිසිම කෙනෙකුට කවදාවත්ම අමතක වෙන්නේ නෑ. පොඩි කාලේ කොල්ලෝ කෙල්ලො එකට සෙල්ලම් කරලා, හරිම හරි නෝටි වැඩ කරලා පහ වසරෙන් පස්සේ ටික්ක ඇඩ්වාන්ස් වෙනවා. එතකොට් කෙල්ලොත් එක්ක වැඩියම නෑ.. හි හී.. ආපහු 10-11 වසරට ආවම ඒ සුන්දර කෙල්ලොත් එක්ක කොච්චර නම් ජොලිද? මේ යාළුකම් ඇත්තටම හරිම සුන්දරයි. ආපහු සාමාන්‍ය පෙළ සමත් වෙලා පොඩි පොඩි කෙල්ලෝ සෙට් එකත් එක්ක ජොලිය පටන් ගන්නවා. ඒ අතරම ආදර සම්බන්ධතාද නැතුවම නෙමෙයි.. ඉස්කෝලෙන් පැනලා ගුටි කාලා, පීරියඩ් කට් කරලා ගුටි කෑවත් දැන් මතක් කරලා බලනකොට හිනා, දුකයි.... මේ කාලේ ජීවිතේ සුන්දරම කාලේ තමයි.

ඔය පහලින් තෙයෙන්නේ අපේ එවුන්ගේ පිස්සු වැඩ ටිකක්.

Photo034

Photo055

Photo061


Photo089

මගෙත් උසස් පෙළ ඉවර වේගෙන එනවා. අද මම ස්කෝලෙන් අස් වුනා.. අඩන්න කදුලු මදි මට. මට උසස් පෙල විභාගෙ කරන්න කලින් අස් වුනේ මම උසස් පෙල පෞද්ගලිකව අයදුම් කරන නිසයි.. ඉතිං අද ස්කෝලෙන් අස් වුනා. ස්කෝලෙ මිස්ලා, සර්ලට හා විදුහල්පති තුමා ටත් වැදලා ආවා.. ස්කෝලේ කැන්ටිමෙන් අන්තිම ආහාරය ගන්නත් අමතක් කරේ නෑ. ඉතිං මගේ පාසල් ජීවිතේ ඉවර වුනා.. අනේ ආයේ මට එකොලහ වසරට යන්න ඇත්නම්. මේ කදුළු පේනවද? තව ටික කලකින් මේ අධ්‍යාපනය ඉවර වෙලා, ජොබක් කරනකොට් ජීවිතේ නීරස වෙයිද මන්දා...

අද ගෙදර ආපු ගමන් සින්දුවක් මතක් වුනා.. ඒ තමයි "සමනළ ‍රැනක් සේ ඉගිලී" කියන සින්දුව.. ඉතිං හොයාගෙන ඩවුන්ලෝඩ් කරගත්තා.. මේ සින්දුව අහනකොටත් හොදටම ඇඩෙනවා.. ඒ තරම් සින්දුවේ තේරුම, කියන විදිය හරි ලස්සනයි.. මේරියන්ස්ලා තමයි කියන්නේ. "ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ". මේ සින්දුව අහද්දී මුළු හිතම හිරි වැටෙනවා.. මේ තියෙන්නේ ඒක තමයි.

සමනළ රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසල් කාලේ
අයේත් එනවා නම් අපේ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ

පාසල් මවු තුරුලට වීලා
අයන්න ආයනු ගලපාලා
නොදැනිම අවුරුදු දොළහක් ගෙවිලා
නිමා වෙලා පාසල් කාලේ

දුව පැන නට තරග කරාලා
ජය ගෙන හිනැහුන ඒ කාලේ
ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
විදු මව් තුරුලේ උන් කාලේ

සුලගට හසුවූ පහන් සිලක් මෙන්
සැගව ගියාදෝ අපේ බාලේ.......

ඉතිං මේ සින්දුවට ආසනම් ඔයාටත් පුළුවන්
මෙන්න මෙතනින් අරගන්න

9 ප්‍රතිචාර:

Shadow/හේමලයා said...

සුන්දර අතීතය මතක් කොරන ලියමනක්...ආයෙත් එක තත්පරයකට හරි ගොහින් එන්න ඇත්නම් කියලා හිතෙනවෝ.......:D......

Sameera (සමීර) said...

අපිටත් තව අවුරුදු 2 ක කින් ඔහොම්මම හිතේයි. එත් ඉතින් හැමදාම ඉස්කොලෙ ඉන්න බෑනේ.

ඒ කොහොම උනත් A/L වලට සුභ පැතුම්!

සෑම් said...

පාසල් කාලේ තරම් ආතල් එකක් ආයේ එන්නේ නැ කවදාවත් ..මාත් තව දින කිහිපයකින් ...A\L විභාගෙට වාඩි වෙනවා....මොන්ව උනත් පසාල් කාලේ තරම් ආතල් එකක් අපේ ජීවිත්ට ආයෙ එන්නේ නැ..

සද මඩල said...

මටත් මගේ A/L කාලේ මතක් වුණා.ඇත්තටම ජීවිතේ අමතක නොවනම කාලයක් නේද?

පිස්සා පලාමල්ල said...

හපොයි මලේ ඒ කාලෙ වගේ කාලයක්.... ඒ කාලෙට ආයෙ යන්න ඇත්තම් මගේ සබ්බ සකල මනාවම දෙනවා... දැන් ගෙවන ජීවිතෙත් එක්ක බැලුවම ඒ කාලෙ මොන තරම් ලස්සනද.....

හ්ම්ම්.....

සුලගේ ලෙලෙනා... මල්සේ දගපා.... අපි පාසල් ගිය කාලයේ...
යාලුවො අද නැත ..... වෙන අය එහි ඇත... කාලය මැවු වෙනසක අරුමේ...


ඔහොම තමා බන්..

සුබ පතනව විබාගෙට... හොඳට කරපන් කොල්ලො.

Unknown said...

මටත් මගේ පසාල් කාලය මත්ක උනා........
මාත් අසයි අයෙත් පාසල් යන්න

Geekhunter said...

අනේ කට්ටියම සොරි වෙන්න ඕනා මට කොමන්ට් කරන්න බැරි උනාට.

@Shadow/හේමලයා
තප්පරයකට විතරක් නෙමෙයි නවතින්නම යන්න ඇත්නම්.. හි හී..

@Sameera (සමීර)
බොහොම ස්තූතියි මලයා.

@සෑම්
සෑමා විභාගෙට සුභ පැතුම් ආ. යප් යප්.. මේ ආතල් එක ෆ්ට්ටයිනේ.

@සද මඩල
අනිවා

@පිස්සා පලාමල්ල
හ්ම්ම් අයියා එහෙම කියනකොට තවත් බය හිතෙනවා නොවැ. ඒ කාලේ හිතුවේ ලොකු උනාම කොච්චර ශෝයිද කියලා. ඒත් දැන් තමා තේරෙන්නේ.. මොනා උනත් පාසල් ජිවිතේ අමතක වෙන්නේ නෑ..

@Lahiru Chandima Senarathna
හික්ස්.. කට්ටියත් එක්ක එකතුවෙලා වැඩිහිටි පාසලක් දාමු. කට්ටියත් එක්කම යමු.

wasu rukshan karunarathne said...

මෙ අවුරුදු 2කටත් වඩා පරන ෆොටො දැක්කම දුක හිතුනා බොල.. උබට පිං ඔවා තියන් හිටියට... :(

මුදිත ඒකනායක said...

ඔබ විසින් මෙම type කරණ ලද ගීතය මම මගේ blog එකට copy paste කලා. කතෘ අයිතිය උදුරා ගැනීමට නොවේ.

helageepada.blogspot.com

Post a Comment

content top