content top

2010-07-12

GTA Vice City Ultimate කරගන්න. (අර පිස්සු කෙලින ගේම තමා)

ඔන්න කාලෙකට පස්සේ ඒ කාලේ පිස්සු කෙලපු ගේම් එක මතක් උනා. Vice City කිව්වමනම් ඕනම කෙනෙක් දන්නවනේ. පට්ට ගේම කියලා. මේකේ මෙහෙයුම් හුගක් තියෙනවනේ. මම නම් ඔක්කොම ටික ඉවරයක් කරලා දැම්මා. තව කවුද ඉවර කරේ කියලා කියන්න බලන්න්. අමාරු මෙහෙයුමක් එහෙම තියෙනවනම් මට කියන්න... Cheat තමයි හැබැයි.. නැතුව ඕක ගහන්න පුළුවනැයි. ඔක්කොම මෙහෙයුම් ටික ඉවර උනායින් පස්සේ පිස්සු කෙලින් එක තමයි ජොලි වැඩේ. පොලිස් කාරයෙක් යට කරන් ගියාම තරු දෙකයි නොවෑ.. එතන් ඉදන් ඉතිං පිස්සු කෙලින්න තියෙන්නේ... මේ ගේම ඉවරයක් කරලා දාන්නම් මම පට්ට කට්ටක් කෑවේ... නොකා නොබී ගැහුවේ. හික්ස්...

ඉතිං අද ඔය ගේම් එක මතක් වුනා. දැන් නම් ගේම් අත ඇරලා තියෙන්නේ.. ඒත් මේකේ පිස්සු කෙලින්න පුළුවන් නිසා අත අරින්න හිතෙන්නේම නෑ.. දැන් ඉතිං ජංජාලෙත් තියෙන නිසා Vice City Updates එහෙම තියෙනවද බැලුවා. Ultimate Vice city කියලා තිබුනා. Download කරලා බැලුවා. දැන් Install කරලා ගේම දාලා බැලුවා.. හී හී ෆට්ට ඈ.. නියම Cars ටිකකුයි Bike ටිකකුයි තියෙනවා. තව Planes එහෙම තියෙනවා.... තව Player Skin වෙනස් කරන එකකුත් Download කරගත්තා. ඔය පහල ඉන්නේ මම නොවෑ.

ultimate vice city

ඉතිං මේ ගේමේ පිස්සු කෙලපු අය දන්නවා ඇති මේ ගේම් එක ගැන.. ඉතින් Ultimate කරන් බලන්නකො. හැබැයි මේ ෆයිල් එක මෙගා බයිට 160 ක් වගේ තියෙනවා.

Vice City Ultimate 2.0 මෙතනින් අරගන්න (166.37MB)

Player Skins මෙතනින් අරගන්න (3MB)

8 ප්‍රතිචාර:

සෑම් said...

maxxa

Anonymous said...

gta vice city ultimate ekanam very good
(platinum k)

Anonymous said...

උඹ මගේ පරණ මතකය ඇවිස්සුවා.... මරාගන්න ගේම් කොයිතරං තිබුණත් Vice City තරං හිතට අල්ලපු එකක් තවත් නෑ... '80 දශකයේ යුරෝපීය විලාසිතාව සහ සංගීතය ඒකට ගොඩක් හේතු වෙන්න ඇති කියල මට හිතෙනවා.

මම ඕක දහපාරකට වඩා ඉවර කරල ඇති. හැබැයි Cheat Code නැතුව. Cheat Code නැතුව සෙල්ලං කරනකොට තමා ඒකෙ නියම ආතල් එක තියෙන්නෙ. ඒ වගේම Cheats නැතුව සෙල්ලං කරන එක පේන තරං අමාරු දේකුත් නෙමෙයි.

තව තව මරු දේවල් තියනව ඕකේ... ශරීර සෞඛ්‍ය සඳහා හොඳ පුරුද්දක් ගැනත් කියවෙනවා.. :D :D ගේම් එකේ හැටියට නං සල්ලි ටිකක් වියදං වුණාට ෆිට්නස් එක 125% වෙනකං වැඩි කරගන්න පුළුවං... :P

Vice City ගැන කියන්න නං කතා ගොඩයි.. ඒත් මම ප්‍රතිපත්තියක් වශයෙන් අනවසර මෘදුකාංග භාවිතයෙන් වැළකුණු දා ඉඳලා Vice City නැත!

මෙන්න මේ පෝස්ට් දෙකත් බලන්නකෝ...
http://blog.shaakunthala.com/2010/03/blog-post.html
http://portal.shaakunthala.com/2009/05/rip-gta-vice-city-radio-stations.html

Geekhunter said...

@සෑම් & ඇනිමොනිස්
බොහොම ස්තූතියි මචන්ස්ලා.

@Shaakunthala
ඒක නම් ඇත්ත මරා ගන්න මේක තමයි ගේම. Cheat නැතුව Health හොය හොය ඉන්න ගියාම එපා වෙනවනේ. හික්ස්. හැබැයි මචන් ඔය ප්‍රතිපත්තිය තියාගන්නකම් උබව විකිණෙයි. මම ඔය පෝස්ට් වලින් එකක් නම් බැලුවා. එල!

Anonymous said...

හික්... :D
මං දැං පූර්ණකාලීනව free and open source.
වින්ඩෝස් 7 විතරක් තෑග්ගකට ලැබුණු එකක් තියෙනවා. ඉතිරි ඔක්කොම නිදහස් මෘදුකාංග.

ඒ නිසා කවදාවත් විකිණෙන්නෙ නෑ.. ;)

Unknown said...

ViceCity නම් ඉතින් Fun තමයි. ඕකත් දාගෙන බලන්න ඕනේ... තැන්ක්ස්!!!
cheat නැතිව ගහන්න නම් ඕකටම කැප වෙලා ඉන්න ඕනේ... :D

Sadisha said...

Hari wadene.. meka mage gaawa thiyena vice city game ekata work koranne nahane :(

RuwanDj said...

මම කලින් ගහලා තිවුනා මදෑ ඒකේ පළවෙනි මිෂන් එකේම බග් එකක් මේ කටත් ට්‍රයි එකක් දාලා බලමු.

Post a Comment

content top