දැන් මාස දෙකකට කලින් සෙලින්කෝ එකේ ඉන්ටවිව් ගියා.. කොහොම හරි පාස් වෙලා, විභාගයක් තිබ්බා.. ඒකේ අහුවේ , IQ test එකයි, Grammer Test එකයි, Practical Test එකයි.. IQ එක ඉතිං ගනන්, රූප සටහන්, දීලා තමයි ප්රශ්න ඇහුවා (කඩ්ඩෙන්) Grammer එකට රචනාවක්. ඒකේම තිබුනා IT කොටසක්. එකේ ඇහුවේ ROM, WAN, HTTP කියන වගේ ඒවා. ඒ වගේ 20 ක් තිබුනා... සමහර ඒවා මතකත් නෑ. එතකොට Google mobile search සෑහෙන උදවු වුනා.. (ඌප්ස් බලධාරින් විසි කපා හරින ලදි) දෙන් Practical Test එක, Word Document එකයි, Exel Doc එකයි හදන්න තිබ්බේ. ඕවා ඉතින් එකෙනම් පුලුවන්නේ.. තව ඉදිරිපත් වෙන විදිය, කතා කරන විදිය එහෙම දේවල් වලට ලකුණු දුන්නා. ඔහොම ලකුණු 75 ක් වගේ ගත්තා :D
ඊට පස්සේ තමයි හොදම හරිය, ලොක්කා ලගට ගියා.. මූ විතරයි සිංහලෙන් කතා කරේ.. ඒක ලොකු දෙයක් :D ඊට පස්සේ අහනවා ස්කෝලේ මොනවද කරලා තියෙන්නේ කියලා. ඔය වගේ දේවල් කියලා මම කිව්වා ස්කෝලේ එහෙම ක්රිකට් ගහලා තියනවා කියලා... ඊට ප්ස්සේ මේ යකා විකට් එකක උස අහුවනේ... කට උත්තර නෑ.. තවා වාහනයක් ලියාපදිංචි කරන්නේ කොහෙද කියලා එහෙම ඇහුවා. ඒකත් හරි.. ඊට පස්සේ මෙඩිකල් කෝල කරනවා කිව්වා.. මාස එකහ මාරක් වගේ ගිහින් කෝල් කරා. (එතකම් තව ජොබක් කරන්න තිබුනා) :D.
ඊට පස්සේ Durdans Hospital එකේ මෙඩිකල් ගියා. එතන නර්ස් නෝනලා දැක්කම මේක අත ඇරලා එතන් ජොබක් හොයාගන්න හිතෙනවා.. :D ඔකොකොම චෙක් කරලා දැන් ECG එක. ලස්සන නෝනා කෙනෙක් ඉන්නවා. "ඇතුලට ගිහින් සපත්තු, ෂ්ර්ට්, බැනියම් සපත්තු ගලවන්න කිව්වා. (මම හිතුවා කලිසමත් ගලවන්න කියයි කියලා) විහි ලැජ්ජවේ සන්තොසේ පන යනවා. හොද වෙලාවට එහෙම කිව්වේ නෑ. ඊට පස්සේ මගේ පපුවෙයි, ඇගෙයි මොනාද වයර් වගයක් ගහනවා. අයියෝ කිතිනේ. දැන් හිනා යන්ඩ එනවා.. මොනා කරන්නද යටි තොල හපාගෙන හිටියා.. හි හි. ඔන්න මෙඩිකල් එකට් OK. මොනා උනත් එතන Doctors ලගෙනම් කිසි කරුණාවන්ත පාටක් නෑ (පිරිමි)
දැන් ඉතිං සේරම හරි.. වැඩත් බාර ගත්තා. මම Insurece Underwritter කෙනෙක්.. හෝරණ Branch එකේ වැඩ කරන්නේ.. මට තියන්නේ වාහන Insurence කරන්න. ගොඩක්ම කරන්නේ 3rd Party ඒවා.. ඉතින් එතන ගොඩක්ම වැඩ තියෙන්නේ මට.. ඔන්න කිව්වා අපේ හොරණ කශ්ටිය මං ගාවට වරෙල්ලා අහ්, වාහනයක් insurence කරනවනම්.
ඔක්කොම හරි කළුතර ඉදලා, හොරණ යන එක තමයි එපා වෙන්නේ. පැයා බාගෙන් යන්න පුළුවන් එක, පැය එකහ මාරක් වගේ ලොටනවා.. :D ඒ මදිවට කොන්දගෙන් කන පිරෙනවා.. ඒත් කමක් නෑ. මම මේ ජොබට හුගක්ම ආසයි. Staff ෆට්ට හොදයි... දන්නේ නැති ඕනම දෙයක් කියලා දෙනවා.. ඒත් මම තමයි ඉන්න බාලම එකා.. අනිත් උන් ඔක්කොම අවු 27 ට වැඩියි වගේ... මැනේජර් පොඩ්ඩක් සැර උනත් අපිට හරි ආදරෙයි....
ඔන්න ඔහොම තමයි ඉතිං මගේ රැකියා අතදැකීම් අහ් හොරණ ලස්සන ගෑනු ලමයිතුත් ඉන්නවා :D
16 ප්රතිචාර:
කොහොමහරි උබට හරිගියානේ මචං අපිට හරි සතුටුයි..හැමොමත් එක්කම සතුටින් සමගියෙන් අවංකව වැඩටික කරගෙන යන්න කවදාවත් උබට වරදින්නේ නෑ..
ජොබ් එකේ සාර්ථකව කරගන්න මගෙන් සුභ පැතුම් ...
ජොබ් එකේ සාර්ථකව කරගන්න මගෙන් සුභ පැතුම් ...
සුභ පැතුම්! ...
එල එල ඔක්කෝම ඉවර වෙලා ජොබ් එක හරි ගිය එක මදෑ . . .
ට්රැවල් කරන්න අමාරුයි නම් කිට්ටුව පාතකින් බෝඩ් වුනා නම් මොකෝ . .
අපේ බ්ලොගර්ස්ලා ගොඩක් ඉන්නවා මම හිතන්නේ හොරණ කිට්ටුව . .
රැකියාවට සුභ පැතුම් . . . .
@මලියා - බොහොම ස්තූතියි මචන්
@බුවා - බොහොම ස්තූතියි
@විසිතුරු - බොහොම ස්තූතියි
@හික් හික් ඔව් මෙයින් ගියා මදැයි.
කළුතර දාලා යන්න බැරි එක්කෙනෙක් ඉන්නවනේ අයියේ.. අනික බෝඩ් වෙලා කෑම වියදම දරන්න අමාරුයි වගේ..
මෙහෙම ගිහින් මාරුවක් හදාගන්නවා. බොහොම ස්තූතියි අයියේ.
adoooo mama inne horana tamaiii TAXILA gawa ge tiyenne uba yane etain tamaii hikzzzzz
අපිත් ඉතින් හොරණ කිට්ටුව තමයි... බලමුකො ඉස්සරහට රෝද 2 ඉන්සූර් කරගන්න...
සුභපැතුම් මචං.. මාත් මේ දවස්වල පලවෙනි ජොබ් එක කරනව :)
එහෙනම් ඔන්න මගෙනුත් සුබ පැතුම් !!!
මාත් මෙ දවස්වල මගේ පලවෙනි ජොබ් එකේ අත්දැකීම විඳිනවා.
congrat machan! hodata wada karahan! mmm! athule thiyana xams gana ehema louwa dagena idahan! ubata ikmanata protion ganna cna wei! gud luck! :)
සුභ පැතුම්.......අවංකව මහන්සි වෙලා වැඩ කරන්න ..කවදාවත් වරදින්නේ නෑ.....
අළුත් ජොබ් එකට ඔන්න අපෙනුත් සුභ පැතුම් ! හොරණ කෙල්ලන්ට පැණි හැලුවට කමක් නෑ. බ්ලොග් එකත් ලියන්න ඕනේ හරිද ? ජයවේවා !!!
@Hitman එල එල ඉන්සූර් එකක් ගන්න තිබ්බොත් එහෙම එන්න.
@නදුන් - එල එල එන්න එන්න... කෙලින්ම මම ලගට තමයි එවන්නේ..
@ගීත් බොහොම ස්තූතියි මචන්.. උබටත් සුභ පැතුම් සහ සුභ අනාගතයක්
@මදුරංග බොහොම ස්තූතියි මචන්.. උබටත් සුභ පැතුම් සහ සුභ අනාගතයක්
@මාදව තෑන්ක්ස් මචන්.. ඔව් ඔව් ඒ ගැන හොයලා බලනවා..
@ඔබ නුදුටු ලොවක් තැන්ක්ස් මචන්..
@Chathuranga බොහොම ස්තූතියි,,, ඔව් හෆ්ෆා ලියන්න දේවල් ගොඩයි.. ඒත් ඉංගිරීසි බ්ලොග නිසා මුකුත් කරගන්න බැරි වෙනවා...
සුභම සුභ පැතුම් මචන් (බ්ලොග් පොස්ට් එක දැක්කෙ දැන්) ජොබ් එක සර්තකත්වයෙන් සාර්තකත්වයට පත්වේවා කියල ප්රාර්ථනා කරනව :)
elakiri machan job ekak hondin karagena yanna
www.cinelanka.net
Post a Comment