content top

2010-09-03

නැවතත්! ගිනි නරියගේ මැක්සා සිංහල ඇඩෝන තුනක්

මම නම් එදත් Firefox අදත් එහෙමම තමයි.. මට මේක තරම් හිතට අල්ලන Browser යක් නැහැ.. හරි මේකට හරියන ඇඩෝන ගොඩක් අපේ සිංහල සහෝදර සහෝදරියෝ හදලා තියෙනවා.. මේකෙන් මට ඇඩෝන තුනක් හිතට ඇල්ලුවා.. ඉතිං මම ඔයාලත් එක්ක ඒ ගැන කතා කරන්නම්...








01. Sinhala Tips
මේකේන් වෙන්නේ අපි English වචනයක් ලගට යනවත් එක්කම, ඒ කිව්වේ ඒ වචනේ උඩ තප්පර දෙකක් වගේ මවුසය තිබ්බම ඒ වචනේ සිංහල තේරුම වැටෙනවා.. ඉතිං මේ ඇඩෝනය හුගක් අයට ප්‍රයෝජ්නවත් වෙයි. පහල් ඉමේජය බලන්නකෝ..

මේ ඇඩෝනයේ නම - Sinhala Tips
හදලා තියෙන සහොදරයගේ නම හොයාගන්න බැරි වුනා.. වෙබ් අඩවියද ක්‍රියාත්මක් නැහැ.
ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්




02. Easy Sinhala
මේකෙන් වෙන්නේ අපි Browser එකේ සිංග්ලිශ් ටයිප් කරනකොට සිංහලෙන් වැටෙනවා. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.. භාශාව වෙනස් කරගන්න කී බෝඩ් එකේ ctrl+alt+s යි ඔබන එක විතරයි.. හරිම පහසු ඇඩෝනයක්....

මේ ඇඩෝනයේ නම - Easy Sinhala
නිළ වෙබ් අඩවිය - http://suhothayan.blogspot.com/
ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්




03. Sinhala SpellChecker
නමින්ම තේරෙනවනේ මේකේ අපි සිංහලෙන් ටයිප් කරනකොට වචනය වැරදියි නම් වචනය highlight කරලා rightclick කරලා හරි වචනේ ‍තෝරගන්න එක විතරයි තියෙන්නේ.
මේ ඇඩෝනයේ නම - Sinhala SpellChecker
නිළ වෙබ් අඩවිය -http://www.sandaru1.com/
ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්

හරි මේ ගැන දන්න අයත් ඇති. නොදන්න අයත් ඇති. ප්‍රයෝජනයක් ගන්නවානම් අදාල නිළ වෙබ් අඩවියේ හරි, ඇඩෝන පි‍ටුවේ හරි ප්‍රතිචාර දක්වන්නත් අමතක කරන්න එපා. ඒක ඔවුන්ට ශක්තීයක් වෙයි..

අවසාන වශයෙනුත් සිංග්‍රිසි සොෆ්ට්වෙයා එකේ ට්‍රික් එකක් දාන්නම්.. මේක නම් ඔයාලා දන්නවද දන්නෙත් නෑ. අපි සිංහල ටයිප් කරනකොට අතර මැදට ඉංග්‍රීසි දානවනේ. එතකොට |ANYTHINGSHAN|මෙහෙම ලියන්න..

එහෙනම් ජය.. අලුත් ලිපියක් සමගින් එන්නම්..

11 ප්‍රතිචාර:

sumith said...

thanks saho

sumith said...

Sinhala SpellChecker මෙක Not available for Firefox 3.6.8 කියනවනේ.

Anonymous said...

එලම තමයි මමත් ඕන් ගත්තා 1 වෙනි ඇඩෝනය. ස්තූතියි සහෝ.
(www.sindulk.net)

jnuwan said...

නියමයි

ලිට්ල් ජෝන් said...

මරු මම 3නම දාගත්තා

Anonymous said...

@ SUMITH

qs FOX tri karala balanna

Ishara ( DarKneT ) said...

@sumith
සංස්කරන සදහා ඇතිවන ප්‍රශ්නයට පිලිතුරු දෙන්නම් මට පොඩි කාලයක් දෙන්න

Isura Nirmal said...

මමත් ඉතින් කැපුවත් FireFox තමා.බොහොම ස්තුතියි තොරතුරට.මාත් දා ගත්ත.
මම බ්ලොග් එක පටන්ගත්තෙ ලඟදි ඒක බලල Comment එකක් තියන්න පුළුවන්නම් ලොකු උදව්වක්.මෙන්න Link එක
http://staryblogger.blogspot.com/
ස්තුතියි!

Namila said...

mage firefox eka hama welawema crash wenawane?? plugin-central.exe kiyala ekak awilla.firefox aluth eketh ehema wenawa..epaa wela inne..kohoma hari thankz :D:D

AKP Priyal said...

මම හිතන්නේ මට හමුවුන වැදගත්ම software (Sinhala Tips) එක මේක තමයි, මෙය හදපු කෙනා විෂිශ්ඨයි. Thanks,all the best.
Dear shan,
mata sinhala tips wala direct link aka puluwannam mail karanna - akppriyal@gmail.com

vasantha said...

මරුම තමා අඩෝ ටිප්ස් ඇඩොන්ස් එක නම් මාරම වටිනවා. ගොඩක් ස්තූතියි.

Post a Comment

content top