content top

2010-09-01

ආදරයේ වට්ටෝරුව

මෙන්න මෙහෙමයි අවශ්‍යය ද්‍රව්‍යය-
-ආදරය ග්‍රෑම් 250 යි
-මිරිකා ගත් දයාව කෝප්ප 3යි
-බැගෑපත් කම තේ හැදි 2 යි
-පරිත්‍යාග ගෙඩි 2යි
-ඉවසීම තේ හැදි 3යි
-කරුණාව මේස් හැදි 3යි
-සිනහව මද පමනට
-හොද හිත අවශ්‍යය පමනට



සාදාගන්නා ආකාරය-
1- පළමුව ආදරය හොදට සෝදා එහි ඇතිවෙන වෛරය, පළිගැනීම, ඊරිෂියාව වැනි දෑ ඉවත් කරන්න.
2- සෝදාගත් එම ආදරය භාජනයකට දමා එයට ඉවසීම කරුණාව එකතු කරන්න.
3- එයට පරිත්‍යාග ගෙඩි 2ක්ද සිහින්ව කපා, බැගෑපත් කම තේ හැදි දෙකක්ද එකතු කර, හොද හිත අවශ්‍ය පමනට දමා ලිප මත තබන්න.
4- ටික වේලාවකට පසු හොදට මිරිකාගත් දයාව කෝප්ප දෙක එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
5- දැන් ඊලගට සිනහව ටිකෙන් ටික දමා මද ගින්නේ පිස දමා ආපසු ලිපෙන් බා මේසයට යවන්න.

හික්ස්zzzzz.... හදලා බලලා කියන්නකෝ. අවුලක් උනොත් කොමන්ට් පාරකුත් දානනකෝ.

2 ප්‍රතිචාර:

පිස්සා පලාමල්ල said...

-බැගෑපත්

-ඉවසීම

ඔව්වා තමා හොයා ගන්න අමාරු පිස්සට....

Praba. said...

මගේ ලග තිබුනේ අදරයයි/ හිනාවයි/හොද හිතයි විතරයි.
අනික්වා නැතැයි කියලා ඉන්නේ නැතිව මමත් හැදුවා තමයි බඩගින්න ඉවසගන්න
බැරිතැන... බුදු අම්‍‍ෙමා් තාම විදවනවා.. දිරව ගන්න බැරිව...
අඩුතරමේ ඉවසිම අවුන්සයක් හරි මගේ ලග තිබුනානම්...කියලා දැන් තමා
හිතෙන්නේ...

Post a Comment

content top