content top

2010-05-29

අවවාදයයි ප්‍රවේශම් වන්න ( මෙහෙමත් බ්ලොග් හොරු )


ඔන්න අද නම් යකෙක් ආවේශ වුනා. හර්ර්ර්. අද මම නිකං ඉන්න ගමන් මගේ පෝස්ට් ගූගල් එකේ සර්ච් පාරක් දැම්මා. ඔන්න ඉතිං ලස්සනට සෙට් එක තිබුනා. ඔය අතරේ මගේ පෝස්ට් එකම තවත් බ්ලොග් එකක තියෙනවා. ගෙඩි පිටින් ඔක්කොම කොපි කරගෙන. අනේ මෙහෙමත් යක්කු. ඔයාලගේ බ්ලොග්ස් කොපි කරන්ද කියලා ටිකක් හොයලා බලන්න. සර්ච් පාරක් දාලා බලන්න.

මුන් අර ඇඩ් එකකින් රු.20-30 ක් හොයාගන්න ලැජ්ජාව උගස් කරන හැටි. මම ඉතින් බලුවා. ඇඩ් 10-15 කට කොටන්න තරම්, එහෙම හිතක් නම් නෑ. බ්ලොග් එකේ මුගේ ෆෝන් නම්බර් එක තිබුනා. මම කෝල් කරා. කියන්න හොද වචන සෙට් එකක් ආවත් හොදින් කතා කරා. ඒ පාර මේ උපාසකයා අහනවා තමුසේ කවුද කියලා. මට නේද.... මුන් ඇඩ්සෙන්ස් කරන්න ගිහින් අනුන්ගේ බ්ලොග් කොපි කරන්, අන්තිමට ඇඩ්සෙන්ස්සුත් නෑ. නමත් නෑ. ලැජ්ජාවත් නෑ. තවත් කෙනෙක් ගලපලා හදන බ්ලොග් එකක් අදුම් ඇදගෙන කොපි කරනවනේ.... හිත හදාගන්න තිබුනා බ්ලොග් එක කියවලා වෙනස් ව්දියකටවත් දාලා තිබුනානම්. එහෙමත් නෑ. පෝස්ට් ‍රැකගන්නේ කොහොමද ඉතිං.........

18 ප්‍රතිචාර:

Kanishka said...

අපෝ ඕවා නං අපිටත් වෙලා තියෙනවා බං.. ගනන් ගන්න එපා.. :)

Geekhunter said...

කණියා මේ පැත්තේ. එල එල.
එහෙමවත් කියලා හිත හදාගන්නවා මචං...

NUWAN said...

මේ ඉතින් ශ්‍රීලංකාව නොවෑ.

රවා said...

පුංචි පුංචි හොරු අපි මුන්ට ආදරෙ කරන්න ඔනා.. මුන් සල්ලි පස්සෙන්නෙ යන්නෙ, ඔන්න ඔහෙ කොපි කරන්න දෙන්න ඔයාට එහෙම අරමුණක් නැත්තම්... මු හොද වෙලාවට තමුන්ගෙ එකෙක්ගෙන්නෙ කොපි කරන්නෙ.. පිට එකෙක් ගෙන් කොපි කරලා අහුවුනොත් රටට ලැජ්ජාව.. අපි හිමිට යද්දි මෙ වගෙ මිනිස්සු ඉක්මනට ඉස්සරාහට යනවා නමුත් ඉක්මනට වැටෙනවා.. මෙව්වට තරහා අරන් ලේ ටික අපිරිසිඳු කරගන්න එපා..මිත්‍රයා.. එ සයිට් ගැන අපිටත් දන්වන්න..

Meeya said...

oyage blog eke java script wenas karanna copy karanna bari widhihata!!! mamath mage blog copy karanna bari widihata hadala thiyenne¬¬

Geekhunter said...

@ NUWAN, කියලා වැඩක් නෑ මිත්‍රයා.......

@ රවා, ඔවු මුන් සල්ලි පස්සෙන් ගිහිල්ලා ඇනගන්නවා. අවුලක් නෑ ඉතිං ඔය හැමදේම ටික කාලයයි මිත්‍රයා. එහෙම හිත හදා ගන්නවා. අනික් එක කවුරු හරි ලියපු පෝස්ට් එකකින් ප්‍රයෝජනයක් ගන්නවනම් ලොකු දෙයක්. ඒ උනාට කොපි කරන එක කැතම වැඩක්.... අවුලක් නෑ. ඔහොම යමුකෝ.

@ Meeya, කොහොමද එහෙම කරන්නේ,? කට්ටිය දැනුවත් කරන්න වටින කාරණයක්නේ

GNS said...

ඇඩ්සෙන්ස් පංතියෙ කියල දුන්්න විදිහට එපැයි කරන්න.. :D

Geekhunter said...

@ Gayantha
අය්යෝ අඩ්සෙන්ස කරන්න පංති ඕනයෑ. ඔව්වා සාමාන්‍ය දැනීමනේ මිත්‍රයා...

Geekhunter said...

ඇඩ්සෙන්ස් ගුරාලගෙන් ඉගෙනගෙන අන්තිමට ලංකාවේ හෙන සෙට් එකක් ඇඩ්සෙන්ස් බැන් කරගත්තේ...... දැන් ඉතිං ගීගේන් පිහිට තමයි... හික්ස්....

ඇඩ්සෙන්ස් වලට වඩා තෘප්තියක් තියෙනවා කාටත් වැදගත් වෙන සයිට් එකක් කරන එක.... දාපු දේකට කවුරු හරි කොමන්ට් කරන කොට දැනෙන සතුට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ යාළුවනේ.....

පිස්සා පලාමල්ල said...

ඕක අමුතු දෙයක් නෙමෙයි බන්... අපේ මිනිස්සු දන්නවනේ. ඉහලම තැන ඉදන්ම කොපි තමා.

උබ ලියපු දේ හොද නිසානේ උන් එහෙම කරන්නේ... සතුතු වෙයන් මචන්

ශාන් සඳරුවන් said...

ඇඩෝ
තෝත් මගෙන් කොපි කරල.
උඹ මගෙ නම කොපි කරල :P

Geekhunter said...

@ පිස්සා,
ඔව් බං අමුතු දෙයක් නම් නෙමෙයි... මේ ඉතින් මම සිංහල බ්ලොග්කරණයට ආවා විතරයි..මරු වැඩ තමයි වෙන්නේ.... ඔවු බං තවත් හොදට ලියනවා මිසක් වෙන මොනා කරන්නද? ලස්සනට ඇග පුරා දුවන ලේ සෙට් එක නරක් කරගන්නේ මොකටද?
"හිතට දැනෙන දේත්, දන්නා කියන හැම දේත්" ලියනවා අනිවා.....

@ ශාන් සදරුවන්...
හී හී.... අවුලක් නෑ බං..... අපි යාළුවොනේ........ කොහෙද නම දාන්න කලින් පත්තරේට දැන්වීමක් දාන්න අමතක වෙලා බං...

Kasun Nadeeshana said...

ගණන් ගන්න එපා කොපි කරන කෙනාට දෙයක් කරන්න බැරි නිසානේ කොපි කරන්නේ. අනික ඔය JAVA-SCRIPT දැම්මට වැඩක් නෑ. කොපි කරන්න පුළුවන්. ඕවා ගණන් ගන්න එපා.

Geekhunter said...

@ Kasun
ආ කස්සා මේ පැත්තේ, ඔව් Java Script දැම්මම Pop Up එනවලු.. ඒක නම් හරිම කරදරයක්නේ... ඉතින් බලන අයට කරදර වෙන විදියේ වැඩ කරන් නෑ... නිදහසේ බලන්න ඉඩ දෙන්න එපැයි.

♠GaŋGster♠™ said...

අනිවා කථාව ඇත්ත..ඒ වගේම වෙනත් කෙනෙක්ගේ බ්ලොග් එකක ටෙම්ප්ලීට් එකක් හොයාගෙන අනිත් බ්ලොග් එක වගේම තමන්ගේ බ්ලොග් එකත් හදාගෙන පාඨකයෝ රවට්ටන්න හදන බ්ලොග් කරුවොත් කොච්චර ඉන්නවද...අනේමන්දා මුන්ට ලැජ්ජාවක් නැති හැටි..

Anonymous said...

මිත්‍රයා ඔබේ පෝස්ටය කොපි කර තිබූ බ්ලොගය මම සොයාගත්තා ගුග්ල් සෙවීමක් මඟින්.ඉතාම දුරුවල මට්ටමක ඇති එය බ්ලොගයක් කියා හැඳින්වීමටත් මම අකමැතියි. කෙසේ නමුත් මම අදාල පුදුගලයාට කමෙන්ටුවක් මඟින් කෙටි දැනුවත් කිරීමක් කලා.(අනතුරු අඟවීමක්)
ඔහු එම ලිපිය මේ වනවිට ඉවත්කර තිබෙනවා.

Geekhunter said...

බොහොම ස්තූතියි වටිනා කාලය මේ වෙනුවෙන් කැප කරාට... මම ඒ Site එකේ නම නම් ප්‍රසිද්දියේ කිව්වේ නෑ.... කොපි කරලා තිබුනේ නම්, ඕනෑම Huawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන විදිය සහ මොබිටෙල් වලින් ‍FREE නෙට් එන ක්‍රමේ.යන පෝස්ට්.

වැඩේ කියන්නේ දැන් එහෙම මොබිටෙල් වලින් ‍ෆ්‍රී නෙට් එන්න බෑ. ඉස්සර පුළුවන් වුනාට. මං ඒක ඒක නිසා ඩීලීට් කරා. ඒත් ඒකේ තාම තියෙනවා.. හී හී..

Ishan sankalpa said...

මේ මොකක්ද ඒ ..බ්ලොගය අපිත්ගේහුන් බයිට් පාරක දීල එන්නම්

Post a Comment

content top