content top

2010-08-07

මම ‍ෆිල්ම් අරගන්න ක්‍රම පහක්

ඔන්න අද කට්ටියටම කියන්න යන්නේ මම ‍Films අරගන්න ක්‍රම පහක් ගැන. කොටින්ම කිව්වොතින් මම ‍Film පිස්සෙක්. නොබලපු ‍Film එකක් නැති තරම්. ගොඩක්ම ආස Romance Films තමයි... කොරියන්, ජැපනීස් ‍ෆිල්ම් වලට කැමතියි. ගොඩක් විස්තර අරගන්න බයිස්කෝප් වෙබ් අඩවියෙන්. ඒකේ සේවාව නම් කියලා නිම කරන්න බෑ. ඉතින් මම කියන්නම් මම ‍ෆිල්ම් අරගන්න ක්‍රම පහ.

01. බයිස්කෝප් වෙබ් අඩවියෙන් ටොරන්ට් වශයෙන්
බයිස්කෝප් වෙබ් අඩවිය ගැන මම කිව්වනේ.. ගොඩක්ම ආස කරන සයිට් එකක්. ඒත් Torrent මට වැඩිය අල්ලන්නේ නෑ. Seed කරන්නයි පිස්සු හැදෙනවා. 1GB ඩවුන්ලෝඩ් කරොත් 1GB අප්ලෝඩ් වෙලා. ඒක නිසා Torrent නම් අල්ලන්නේ නැහැ.ලංකාවේ තියෙන Data Plan එක්ක මේ දේවල් කරන්න ගියොත් මාසෙට හොද බිලක් එනවා. Unlimited Data Plan එකක් නම් අන්න හරි. ඒ මොනා වුනත් බයිස්කෝප් අඩවියේ වටිනාකම නම් හුගක්. මේ ක්‍රමයට මම ඩවුන්ලෝඩ් කරපු ‍ෆිල්ම්ස්, 2012, American Pie, Forbidden Kingdom, Mirrors, Paranormal Activity, Romeo Juliet, The Final Destination, Untraceble,....


02. Direct Links [MediaFire Links]
මේ ක්‍රමේ ගොඩක් අය පාවිච්චි කරන්න ගොඩක් අය දන්නේ නැහැ. මොකද කිව්වොතින් මේ File තියෙන්නේ MKV ෆයිල් එකක් විදියට. ගොඩක් Players වල මේ Format එක වැඩ කරන්නේ නෑ. Gom Player, Media Player Classic වගේ Players වල වැඩ කරනවා. ඒත් නැත්නම් Matroska Pack එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනා. ඒ වගේම මේ ෆයිල් තියෙන්නේ පාට්ස් වශයෙන්.පාට්ස් 3-4 ක් වගේ තියෙන්වා. ‍ෆිල්ම් එකම 300MB-400MB ක් වගේ තියෙන්නේ. ඉතිං Data පාවිච්චි කරන හැමෝම මේ ක්‍රමයට කැමති වෙයි. ඒ වගේම මේ තනි ‍ෆිල්ම් එක කොටස් වලට කඩලා තියෙන්නේ 3ක් 4 ක් වශයෙන්. මොකද මීඩියෆයර් වෙබ් අඩවියේ 200MB යි එක පාර අප්ලෝඩ් කරන්න පුළුවන්. මීඩියාෆයර් වෙබ් අඩවිය ගැන් කිව්වොතින් අප්ලෝඩ්ස් වලට හොද සයිට් එකක්. ඩවුන්ලෝඩ් කරද්දි හිර වීම් නෑ., වෙලාවක් බලන් ඉන්න ඕනා නෑ. වේගයත් හොදයි. ඉතිං මේ පාට්ස් විදියට කඩලා තියෙන්නේ, hjsplit කියන මෘදුකාංගයෙන්. මම කලින් ඒ ගැන ලිපියක් ලිව්වා. මෙතනින් බලන්න. ඉතින් මේ පාට්ස් එක් කරගන්න මේ මෘදුකාංගය ඕනා වෙනවා. ඊට පස්සේ ‍ෆිල්ම් එක බලන්න පුළුවන්.. පට්ට කොලිටි. මම මේ විදියට ‍ෆිලිම් ගන්න ප්‍රධානම් සයිට් එක, www.urgrove.com . තව සයිට්ස් තියෙනවා. මේ ක්‍රමයට අරගත්ත ‍ෆිල්ම්ස්, 17 Again, A Perfect Getway, After.Life, Badmaash Company, Chanse Pe Dance, Dear Jhon, Final Fantasy, Grown Ups, Hot Tun Time Machine, How to Train Your Dragon, Hush, Kama Sutra, Land Of the Lost, Mouse Hunt, Next, Shorts, The Eye, Speed, The Book Of Eli, The Crazies, The Toy Story, Unthinkble,....................


03. Online බලන්න පුළුවන් ‍Films Download කිරීම
මේකට නම් ගොඩක් වෙබ් සයිට්ස් තියෙනවා. මේකෙන් ඩවුන්ලෝඩ් කරනකොට IDM වගේ සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්න වෙනවා. Grab කරලා ගන්න පුළුවන්. මේ ක්‍රමයෙන් ඩවුන්ලෝඩ් කරද්දී ‍ෆිල්ම් එක 400MB-700MB වගේ වෙනවා.


04. You Tube එකෙන්
මේකත් හොද ක්‍රමයක්. හැබැයි ටිකක් කරදරයි. මම ලිපි ලියලා තියෙනවා මේ ගැන. පාට්ස් 9-15 වගේ තියෙනවා. IDM හරහා තමයි මේවත් ඩවුන්ලෝඩ් කරගන්නේ. හොද කොලිටි එකකුත් තියෙනවා. මේ ක්‍රමයට ඩවුන්ලෝඩ් කරපු ‍ෆිල්ම්ස්,Phoonk 1, 2, Kaal, Jab We Met, A Moment To Remeber, The Classic, The Invisible Man . ඔතනින් Koizora, Phoonk පට්ටයි. මම ඒ ගැන ලිපි ලියලා ඇති. ආ සුවද දැනුනා ජීවිතේ ‍ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම ‍Jab We Met ෆිල්ම් එකේ කොපියක්. මට ඕක කිව්වේ කෙල්ලෙක්. ඒක නිසාම බැලුවා. ඇත්ත නේන්නම් ෆට්ට කොපියක්. ලංකාවේ අය නම් කොපි වලට උපන් හපන්... හික්ස්.

05. D.V.D වලින්
මේ ක්‍රමය තමයි ඉතිං හුගක්ම. මගේ කාමරේ CD Shop එකක් වගේ තමයි. හික්ස්. අපේ අම්ම කියන්නේ මේක ඉලෙක්සිටි බෝඩ් එකක් කියලනේ.. මම යාළුවෙලා ඉන්න පැංචි කියන්නේ රෙකෝඩ් බාර් එකක් කියලා. හික්ස්.. ඇත්ත තමයි. මේ ක්‍රමයට ගත්ත ‍ෆිලිම්ස් නම් ලියන්න බෑ. මොකද බ්ලොග් එකේ ඉඩත් මදි..

ඔන්න ඔහොමයි මම ‍ෆිල්ම් අරගන්න ක්‍රම.. එහෙනම් ගිහිං එන්නම්....

10 ප්‍රතිචාර:

hem said...

thanks macho..

පිස්සා පලාමල්ල said...

මේක නම් පට්ටම වටිනවා කිව්ව හික් හික්.

dissa said...

එලකිරි මචන්එලකිරි තෑන්ක්ස්.මම මචන්ගොඩක් පාවිච්චිකරන්නෙ megaupload. mediafireත් හොදයි කිසි වදයක් නෑ.මම download වලටනම් ලින්ක් ගන්නෙ filecrop එකෙන්

h said...

ඇයි http://www.300mbmovie.com/ එකත් හොඳයි..

Mr.Ekenma said...

MediaFire Links වලින් ගන්න එක තමා හොඳම වැඩේ.. unlimited connection තියන අයට Torrent :)

Anonymous said...
This comment has been removed by a blog administrator.
Isuru said...

අනම් මනම් තියෙන ලින්ක්ස් ගන්නෙ කොමද

Ravinrosh said...

පට්ටම වටිනවා එලම තමා mediafire link එක දුන්නට
thanq හොඳේ ....!!!!

Anonymous said...

ටොරන්ට්ස් වලින් ෆිල්ම් බානකොට අප්ලෝඩ් වෙන වේගය හදන්න පුළුවන්. එතකොට ඩවුන්ලෝඩ් වෙන තරමට අප්ලෝඩ්‍ වෙන්නෙ නෑ. utorrent භාවිතා කරනවනම් ටොරන්ට් ෆයිල් එක ඒකෙන් ඕපන් කලාට පස්සෙ ඒක උඩ ඩබල් ක්ලික් කරන්න. එතකොට එන වින්ඩෝ ‍එකේ බෑන්ඩ්විත් සෙටින්ස් වල මැක්සිමම් අප්ලෝඩ් ස්පීඩ් රේට් එකේ තියෙන 0 වෙනුවට 1 දාලා ඕකේ කරන්න. එතකොට අප්ලොඩ් වෙන්නෙ ගොඩාක් හෙමින්. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ගොඩක් වැඩි වෙනවා. බයිස්කෝප් අඩවියෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන අයටයි මේ උදව්ව.

Anonymous said...

****මේ ක්‍රමයට ගත්ත ‍ෆිලිම්ස් නම් ලියන්න බෑ*** අපි නොදන්නවෑ ඹ්ව බ්ලොග් එකේ ලියන්න බෑනෙ...

Post a Comment

content top