content top

2010-08-08

විභාගයට තව පැය කිහිපයකින් සහ උණුසුම් සුභපැතුම්

ඔන්න ඉතිං හෙට මම හෙන කට්ටක් කාලා විභගය ලියනවා. මම පුද්ගලික අයදුම්කරුවෙක්නේ. හැමෝම පළවෙනි සැරේ ප්‍රයිවට් කරන්න බෑ කියපු විභාගේ මම හෙට කරනවා. හුගක් සතු‍ටුයි.. ඒත් ,මට මේ සැරේ හුගක් හොද රිසාල්ට් එකක් ගන්න බැරි වෙයි. මොකද මම හරි විදියට 2011 උසස් පෙළ කරන්න ඉන්නේ. පංති යන්නේත් ඉතිං 2011. මගේ උසස් පෙළ ගැන ජීවිතේ බලාගන්න ඕන්නම් මෙන්න මෙතන ලියලා ඇති.. පිස්සු හැදිලා අපහු හැදෙනවා. කවුරුත් මෙහෙම ක‍ටු කාලා නැතු ඇති.

ඉතිං කොහොමහරි හෙට මම විභගේ ලියනවා. හුගාක් සතුටින්.. මේ හැමදේම මම ආදරේ කරන පැංචි නිසයි. අපි දෙන්නා එකතු වුන හැටිත් පුදුමාකරයි. මෙතනින් බලන්නකෝ. එයා නිසයි මම මේ විදියට මහන්සි වුනේ. හෙට පස්වරු 12.30 ට මම උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා.. ඉතිං මේ මාසෙට ලියන අවසාන ලිපිය මෙයයි. අනිතිම මොහොතෙත් මගේ බ්ලොග් යළුවන්ට කියලා යන්න ආවා. හුග දෙනක් මගේ ඉන්ටනෙට් ජීවිතෙත් එක්ක සෙට් වෙලා හිටියනේ. විශේෂෙන්ම සමීර ( සෑම්) , පිස්සා පලාමල්ල ( අයේෂ්), හිගන්නා ( අශාන්), මහසෝනා (උත්පල) ලසිදු , ප්‍රමෝද් මගේ බ්ලොග් ලයිෆ් එකත් එක්ක හිටියා. නම් කියවුනේ නැත්නම් ඒ ගැනත් සමාවෙන්න. ඒ නිසා මේ පැය ගානට කලින් බ්ලොගයට ගොඩ වැදිලා යන්වා. ඒ වගේම මූණු පොතටත්. මාත් එක්ක හිටපු හැමෝටම ස්තුතියි.

හෙට තියෙන්නේ ආර්ථික විද්්‍යාව. ඉතින් උසස් පෙළ කරන, යාළුවන්ටත් මගේ උණුසුම් සුබ පැතුම්. එහෙනම් මගේ යාළුවනේ සැප්තැම්බර් මසදී යළි හමුවෙමු..

7 ප්‍රතිචාර:

සෑම් said...

අනිවා මචෝ කොහොම හරි අපි Exam ගොඩ දා ගමු...ඒ වගෙම අපි අනීවා සැප්තැම්බර් අයේ හම්බෙමු.. මගෙනුත් මචො උබට උනුසුම් සුභ පැතුම්...සැම්..

පිස්සා පලාමල්ල said...

අඩේ මලේ මගෙනුත් උබට සුබ පැතුම්.... හොඳින් කරපන් කොල්ලො... ඕනිවට වඩා ස්ට්‍රෙස් වෙන්න නැතිව ශේප් එකේ ලියපන්. ඕක ලොකු ගේමක් නෙමෙයි බන්.... ඒක තේරෙන්නෙ පස්සේ... හි හි පිස්සා අයියා හැමදාම විකාර නොවැ කියන්නේ... ඒත් ඇත්ත.

උබ ලියපන් හොඳට. ගොඩ යයි උබ ජය.

Anonymous said...

ශාන් අයියා ඹයාට උනුසුම් සුභ පැතුම් ගොඩාක්‍ හොදින් විභාගය කරගන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අයියා අනිවා ඹයාට හොදට විභාගය කරලන්න පුළුවනි

විභාගය හොදින් සමත් වෙන්න
සතුටින් වැඩ ටික කරන්න
සියළු පැතුම් සඵල වෙන්න
පතමි ජයෙන් ජය ලබන්න

ශාන් අයියා ඇතුළු සියළුම සිංහල බ්ලොග් කරන සහොදරයන් ටත් උසස් පෙල විභාගය හොදින් කරගන්න ලබෙවඉ ප්‍රර්තනා

Amila Chathuranga said...

අපි දිනින්න ඕනි විභාගෙ නෙමෙයි හිතේ තියෙන නිර්මාණශීලීත්වය...2 පාස් මර්විය ආචාර්ය උපාදිය ගැහුවෙ උගෙ තිබුන කපටි නිර්මානාත්මක හැකියාවනිසා....ඔයා ආචාර්ය උපාධිය කටපාඩම් කරල ගත්ත කියල මීට වැඩිය හොඳ පොරක් වෙන්න ඌට බෑ,,...

C0de BlUe said...

උනුසුම් සුභ පැතුම් මචෝ විභාගයට , එලටම දෙමු ගේම ....

Anonymous said...

එල එල එලටම ගොඩ දාහන් අයියෙ

Unknown said...

මලයා උබට සුබ පැතුම් ....!!
ඔයල අවුරුද්දක් ඉස්සෙල්ල A/L කොරනවා...!!


එල එල... සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව පතනවා...!!!

එක පාරින් ගොඩ යන්න වැඩේ කර ගන්න.....!!!

Post a Comment

content top