content top

2010-06-16

෴..ශාන්ගේ අඩවිය..෴ on Facebook සහ මගේ බ්ලොග් Life එක

ඔන්න මගේ අඩවියටත් මූනු පොතේ ඉඩක් වෙන් කරා. මම ලියන කර දේවල් දැන් මූනු පොතේ SET එකත් එක්ක බෙදාගන්න සූදානම්. මේ ඉතින් මගේ බ්ලොග් ජීවිතයේ පළමු අදියරයන් ටික..

තව හොද ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. තාම ඉතිං මං පොඩි එකානේ. ඇත්තට සිංහලෙන් බ්ලොග්ස් ලියන මෙපමන මානසික් තෘප්තියක් කියලා දැනගෙන උන්නේ නෑ.. අපිට තේරෙන භාෂවෙන් කෂ්ටියත් එක්ක හිතට දැනෙන දේත්, දන්නා කියන හැම දේත් කියන්න තියෙනකොට නියම භාෂාවෙන් කිව්වොත් මරු.

තව ඉතිං වැඩ කෑලි හොයාගෙන ඉදිරියට යන්න බලොපොරොත්තු වෙනවා. ඒ අතරින් සින්ඩියනම් හුගක් වැදගත් වෙනවා. සින්ඩිය නිසා තමයි, බ්ලොග් ලියන්න හිතෙන්නෙත්.


මගේ බ්ලොග් ජීවිතය ගැන කිව්වොතින්,
මම මුලින්ම කරේ ඉංගිරීසි සයිට් එකක්.. කට්ටියට හිතාගන්න පුළුවන්නේ ඒ මොකටද ඒ කියලා. වෙන මොකටද ඇඩ්සෙන්ස් කරන්න මිසක්. ඒත් ඇඩ්සෙන්ස් ගුරාලගේ පිහිට පැතුවේ නෑ. සාමාන්‍ය දැනීම තමයි. පළවෙනි චෙක් එක ගත්තා හොරට. Yahoo Cha, FB Chat tවගේ දේවල් හුගක් උදවු වුනා. 10 imps, 1 add 20 imps 1 add 3 bps හික්ස්. දෙවෙනි චෙක් එකත් ගත්තා. 50% අසාධාරණව. 50% සාධාරණව. adsense revenue sharing සයිට්ස් ඒ අතරින් විශේෂයි. ඒත් එක පාරක් වත් ඇඩ්සෙන්ස් බැන් කරගත්තේ නම් නෑ. ගානට මිම්මට කරා. ඔන්න ඔහොමයි ඇඩ්සෙන්ස් ජීවිතේ. දැන් නම් කරන්නේ නෑ. ඒත් ඇඩ්සෙන්ස් ගිණුම තවම තියෙනවා. ඒ අතරේ තව ගිණුමක් හදාගත්තා. හදාගෙන තියාගන්න එක හොදයි නේ. නැත්තම් ඉස්සරහට දුන්නේ නැත්නම්..

ඊට පස්සේ තමයි සිංහලෙන් බ්ලොග් එකක් පටන් ගත්තේ. ඒ සින්ඩියේ තියෙන සිංහල බ්ලොග්ස් දැකලා. ඉතින් පටන් ගත්තා, එතකොට සින්ඩියට මම ඇවිත් නෑ. ඔය අතරේ හිතුන මාත් සින්ඩි යනවා කියලා. සින්ඩියේ මේල් එක ආවම මාර හැපි. ඉතින් එදා ඉදන් අද වෙනකම් මම ලිපි ලියනවා. හුගක් ආසවෙන් වගේම, සෑහෙන මානසික් තෘප්තියක් ලබමින්.

ඉතින් මගේ මූනු පොතේ ෆෑන් පේජ් එකට මෙන්න මෙතනින් වෙන්න.

6 ප්‍රතිචාර:

C0de BlUe said...

එල එල දිගටම ලියපන් , ජය !!

Geekhunter said...

අනිවා මචන්. බොහොම ස්තූති.

Anonymous said...

adsense revenue sharing සයිඩ් වලින් ඇඩ්සෙනස් කරන විදිහ ගෙන පොඩ්ඩක් කියන්නකෝ

Anonymous said...

දිගටම ලියන්න,, සුබ පැතුම්,,

පිස්සා පලාමල්ල said...

දිගටම ලියපන් මචන්

Geekhunter said...

@Anonymous
මෙහෙමයි මචන් මට නම් ඇල්ලුව සයිට තමයි FLIXYA. මේකට Photos, Vedios අප්ලොඩ් කරන ගමන් අපේ ඇඩ්සෙන්ස් ඇඩ් ADD කරන්න පුළුවන්. එතකොට අපේ Photos, Vedios බලන අය අපේ ඇඩ් වල කොටනවා සමහර වෙලාවට.. Photos හරි Vedios හරි ප්‍රසිද්ධ වෙන විදියට තමයි ඉතින්...


@හිතුවක්කාර සිත & අයේෂ්
බොහොම ස්තූතියි මචන්ලා

Post a Comment

content top