content top

2010-05-13

මගේ A/L ජීවිතේ


මගේ සයිට් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ම්ම්ම් මම බ්ලොග් කලාවට නම් ටිකක් අලුත්. ඒත් ඔයාලට ලියන්න හිතුනා මගේ A/L ජීවිතේ ගැන. පිස්සු හැදෙනවා ඇඩ්සෙන්ස් කරලා එපා වෙලා මානසික තෘප්තියටයි දැන් සිංහල බ්ලොග් ලියන්නේ. . කතා ඕනා නෑ. එහෙනම් මම පටන් ගන්නම්කො.

මම මුලින්ම O/L කරන කාලේ පිස්සු කෙලපු, නිදහසේ ජීවත් උන, කාටවත් කරදරයක් නැති අහිංසක කොල්ලෙක්. ඒ කාලේ ඉතිං යලුවොත් එක්ක ෆන් එකක් ගත්තා ඇරෙන්න වෙන දෙයක් නෑ. හික්ස්. O/L වෙන්න වුවමනාවක් තිබුනෙත් නෑ. ඔහොම කාලේ ගෙවිලා යනකොට විභාගෙත් ලං වුනා. යංතං හරි පාස් වෙන්න කියලා සාපෙළ දවස් වල උදේ 2ට විතර නැගිටල 6 වෙනකම් පාඩම් කරා. ලිව්වා. හික්ස්. රිසාල්ට් ආවා කියමුකෝ. B 2යි, C 4 යි , S 2 යි තිබුනා. W 3කුත් තිබුනා. ඒ අතරේ ගණිතය විශයත් ඇතුලත්. හික්ස්. මොනවා කරන්නද.?

ඉතිං දෙන්නම් කාසි වලට ART කරන්න පටන් ගත්තා. ඒත් මම COMMERCE කරන්න හිටියේ. ඒත් ඉතිං ස්කෝලේ යන්නත් එපැයි. අනිත් එක මම හද පුරා ආදරේ කරපු කෙල්ල කරෙත් ARTනේ.. ඉතිං ඔයාලට හිතාගන්න පුලුවන්නේ. ART කරා කිසිම බලාපොරොත්තුවක් නැතිව. නොහිතපු විදියට මම ආදරේ කරපු සුරංගනාවිය එක්ක යාලුවෙන්න මට පින තිබුනා. ඒත් ඉතිං ART නම් තිත්තයි. සිංහල ආපෝ.!!! හික්ස්.

ඉතිං ඔහොම යනකොට ගණනුත් කොහොම හරි පාස් උනා කියමුකෝ. ඔය අතරේ COMMERCE කරන උණ ඇගට ගහලා තිබුනේ. JOB එකක් ගැන හිතන්නත් එපැයි. ඉතිං කිසිම හෙවිල්ලක් බැලිලක් නැතුව ART කරන එක නැවැත්තුවා. ඒත් මම ආදරේ කරන කෙල්ල හැමදාම මාත් එක්ක. ඉතිං මම ඕන දෙයක් වෙන්න කියලා ඊලග අවුරුද්දේ ඉදලා COMMERCE කරන්න හිතාගත්තා. ඒ කියන්නේ 2011. කාගෙන්වත් ඇහුවේවත් නෑ. මිස්ලත් කිව්වා හා පුලුවන් කියලා.

ඉතින් ඔහොම යනකොට ස්කෝලෙට APP එකකුත් දැම්මා. ලියුමකුත් ගෙදරට ආවා. INTERVIEW එකට එන්න කියලා. ගියා කියමුකෝ. ඔහොම ඉන්නකොට කිව්වා කලාප අධ්‍යාපන කාර්්‍යාලයෙන් ලියුමක් ගෙන්න කියලා. ඒ මම පණ්ඩිත කමට මාස 6ක් ආට් කරපු නිසා. ඉතිං මාත් ගියා. එතන හිටපු ප්‍රධනියා මතක් වෙනකොට............. මේ යකා කිව්වනේ දැන් මාස 6ක් ආට් කරපු නිසා දැන් කොමස් කරන්න අලුත් BATCH එකට යන්න බෑලු. ඒත් පරණ BATCH එකට යන්න පුලුවන්ලු.. ඒ කියන්නේ 2010 සෙට් එකට. හැබැයි ඒ ගැන නම් උනන්දුවක් තිබුනේ නෑ.

ඉතිං මේ වෙනකොට මගේ මානසිකත්වය හිතාගන්න පුලුවන්නේ. ඉතිං ඔහොම ඉන්නකොට මගෙයි මගේ සුරංගනාවියගෙයි 1st year anniversary එක ලං වුනා. ස්කොලෙට ගිහිල්ලා කේක් එහෙම දීලා, ස්කෝලෙන් අස් වෙලත් නෑනේ. කාටවත් මුකුත් කියන්නත් බෑනේ. හික්ස්. ඔය අතරේ මිස් කෙනෙක් අඩගහල ඇහුවා 2010 COMMERCE සෙට් එකට එන්න කැමතිද කියලා. ඉතිං මාත් කැමතියි කිව්වා.. එහෙනම් ඒකටත් කලාප රෙද්දෙන් ලියුමක් ගෙන්න කිව්වා. කාපි යකා කිව්වලු..

දැන් ඉතිං ගියා. මේ යකා මගෙන් O/L රිසාල්ට් අහපි. මම ඉතින් ගණන් දෙවෙනි සැරේනේ දාගත්තේ. මේ යකා කිව්වා අලුත් රිසාල්ට්ස් වලින් පරණ BATCH එකට යන්න බෑ කියල. ඉතින් ඒ වෙලාවේ මට ඇති වුන දුක, තරහා, කේන්තිය මට ලියාගන්නවත් බෑ. මට මැරෙන්න හිතුන තරම්. ඒ පාර මම ඇහුවා පුද්ගලිකව අයදුම් කරන්න පුලුවන්ද කියලා. මේ යකා ඒකත් බෑ කිව්වනේ. හිතාගන්න පුලුවන්නේ. හර්ර්ර්ර්ර්.

ඔහොම ඉන්නකොට මගේ ආදරේ දේව්දුව (වරූ) මට පිහිට වුනා. හොද කෙල්ලො ටිකක් ඉන්න මේ ලොකේ මටත් හොද කෙල්ලෙක් ඉනනවා. ගොඩක්ම හොද. එයා මට කිව්වා ඔයා බය නැතුව පන්ති යන්න. A/L පුද්ගලිකව අයදුම් කරන්න පුලුවන් කියලා. ඒක මට ලොකු ශක්තියක් වුනා.

ඉතිං මම අලුත් සිලබස් වලට පන්ති ගියේ. ඒත් හිතේ තියෙන බය, සැකය.. පාඩම් කරන්න හිතෙන හැම වෙලාවකම අනෙක් පැත්තෙන් හිතෙනවා අනෙ මට විභාගේ කරන්න පුලුවන් වෙයිද කියලා. සුදුසුකම් තිබිලත් මිනිහෙක්ට දෙයක් නැති වෙනවා කියන්නේ ලොකු පවක්.. ඉතිං මට හැමදේම එපා වෙනවා. ඔහොම කරගෙන යනකොට වරූට එයාලගේ බිසී සර් කියලා උසස් පෙළ අලුත් සිලබස් 1st shai පුද්ගලිකව අයදුම් කරන්න බෑලූ... එල නේඩ? ඒත් ඉතිං පරණ සිලබස් 1st shai පුද්ගලිකව අයදුම් කරන්න පුලුවන්ලු. ඉතින් මම ඒ ගැන හොයලා බැලුවා. ඒකේ විස්තර මෙහෙමයි.

පළාත් අධ්‍යාපන දෙපර්තුමේන්තුවේ රෙජිස්ටර් වෙලා, එහෙන් දෙනව ලියුමක්. අපිට ස්කෝලයක් දෙනවා. අපි ස්කොලෙට ඒ ලියුම දීලා ප්‍රොජෙක්ට්, ඇගයීම් බාර දෙන්න ඕනා.ඒ අතර විභාග දෙපාවට APP එකක් දාන්නත් ඕනා. ඊට පස්සේ අපි ප්‍රොජෙක්ට්, ඇගයීම් කරා කියලා දෙනවා සහතිකයක්. ඒකේ ෆොටෝ කොපියක් විභාග දෙපාවටයි, පළා දෙපාපටයි යවන්න ඕනා. ඔන්න ඔහොමයි වැඩේ. ඊට පස්සේ විභාගේ කරන ඒකයි තියෙන්නේ.


පස්සේ කාලෙක ආරංචි උනා ඉතිං මම 2010 COMMERCE සෙට් එකට සෙට් වෙන්න යද්දී, COMMERCE අංශය භාර මිස්ට ප්‍රින්සිපල් කියලා කැමති නම් ගන්න කියලා. කලාපෙන් ලියුමක් නැතුවත්.. ඒ පාර ඒ මිස් කියලා දැන් මෙයට විශය කරුණු අල්ලගන්න බැරි වෙයි කියලා. බලන්න මේ සමාජයේ තරම. ඔන්න ඔහොමයි මට ස්කෝලෙන් උසස් පෙල කරන්න තිබුන චාන්ස් එක ඒ මිස් නැති කරේ.. කමක නෑනේ.. මං දැන් හිත හදාගෙන ඉවරයි.

දැන් ඉතින් මගේ වැඩ ඉවරයි. දැන් මට තියෙන්නේ විභාගේ ලියන්න විතරයි. හැබැයි මම අවුරුද්දක් කලින් කරන්නේ. (2010) මම 2011 නේ කරන්න හිටියේ. දැන් ඉතින් 2010 ත් කරලා, 2011 ත් කරනවා. හැබැයි හොදට මහන්සි වෙනවා. මේක ලියනකොටත් මම LIBRY එකේ. 2010 කරන්නේ, අත්දැකීමක් ගන්නත් එක්ක. 2011 කරන්නෙත් මම පරණ සිලබස්. ඒත් අලුත් සිලබස් වලට පන්ති යන්නේ. හික්ස්. ඉතිං මේ වෙච්ච දේවල් එක්ක මම කොහොම හරි ජිවිතේ ජයගන්නවා. එච්චරයි. මගේ පුංචි සුරංගනාවිය හැමදාම මාත් එක්ක. එයයි මගේ ශක්තිය. ජීවය.

ඉතිං මම මේ දේවල් ඔයාලට කිව්වේ ඔයාලගේ ජීවිතේට දෙයක් ගන්න. මතක තියාගන්න. අපි හැම දෙයක්ම දැනගන්න ඕනා. රජයේ ආයතන හැම එකක්ම එකයි. ඒ ගොල්ලෝ දන්නෑ. අපි දැන ගන්න ඕනා. ව්‍යවස්ථා, චක්‍රලේඛණ හැමදේයක්ම. රජයේ මහත්වරුන්ට බැනල වැඩක් නෑ. ඒක රටේ වැරද්ද, ආණ්ඩුවේ වැරද්ද. උන්ගේ වැඩ උන්. අපි තමයි හැම පැත්තෙන්ම තැලෙන්නේ.

මම ඉතිං දැන් මේක ඉවර කරනවා.මොකද ඉතිං දිගත් වැඩියිනේ. තවනම් ලියන්න දේවල් ඕන තරම්. ඉස්සරහට ලියන්නම්කෝ. විභගෙට පාඩම් කරන්නත් ඕනනේ. ඔයාලා එක දෙයක් මතක තියාගන්න ජීවිතේ වැරදීම් තියාගන්න එපා. විදවන්න වෙනවා හැමදාම. ජීවිතේ හරියට 20 යි 20 Match එකක් වගේ. හැම පන්දුවක්ම හුගක් වැදගත්. ජීවිතෙත් හැමදෙයක්ම වැදගත්. හුගක්ම වැදගත්. ඒ දේවල් ‍රැකගන්න.


ඔයාට ජය...

11 ප්‍රතිචාර:

Unknown said...

අපොඉ.. කාලා තියෙන කට්‍ට.. මටත් වෙන්න යන්නෙ ඔය සිද්ධියමයි...

Hasitha Gunasinghe said...

ජීවිතේ කියන්නේ ඔහොම දෙයක් තමා මල්ලි. තැලෙන්න තැලෙන්න හොඳ පන්නරයක් ලැබෙනවා :)

පිස්සා පලාමල්ල said...

ඕවයෙන් වැටෙන්න එප කොල්ලා.... හොදට මහන්සි වෙලා වැඩ කරල විබාගෙ ගොඩ දාන එක තමා හොදම උත්තරේ.

ඔච්චර හොද කෙල්ලෙකුත් ලගින් ඉන්නවනේ උබට... ජය.

C0de BlUe said...
This comment has been removed by the author.
Geekhunter said...

@ Hasitha අයියා.
අනිවා අයියා... එහෙම වෙන එකෙන් හොදම පන්නරයක් ගන්න පුළුවන් තමයි. අනික් අයටත් වඩා දුර ගමනක් යන්න පුළුවන්.. අනිවා යනවා.....

@ පිස්සා අයියා...
වැටෙන්නේ නෑ අයියා.. හොදට මහන්සි වෙනවා.. ඒක නම් ඇත්ත. දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්, මට ඉන්නවා කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඒ පුංචි කෙල්ල ගැන හිතලා තවත් හොදට විභාගේ කරනවා.

@ Ashan Kodagoda (හිඟන්නා)
අපෝ ජීවිතේ වැදගත් දේවල් වලදී පිස්සු කෙලින්න එපා.. පේනවනේ මට වෙලා තියෙන දේ.. විදවන්න වෙනවා... ඒක නිසා හැමදේකදීම පිස්සු කෙලින්න නම් යන්න එපා.

ජංජාල චාමර said...

පිස්සු කෙලින එක නවත්තලා , විභාගේ ගොඩ දාපන් මචෝ!!!!උඹට මහමෙරක් ආදරේ කරන කෙල්ලගෙ අනාගතේ හදල දෙන එක උඹේ වගකීමක්!!!ඒ නිසාවත් මහන්සිවෙයන්!!!

මොනවාවුණත් උඹ නියම පොරක්!!! :)))

Geekhunter said...

@ චාමර
අනිවා මචන් විභාගෙනම් ගොඩදාගන්නවා. ඔව් ඒ පැංචිගේ අනාගතේ හදලා දුන් නැත්තම් මට පව් සිද්ද වෙනවා... ඒ කෙල්ලගේ ආදරේ නාමෙන් මම ගොඩ එනවා මචන්...

Unknown said...

අප්පා අදයි කොල්ලො මේ පැත්තට ආවෙ. සිංහලෙන්ම ගූ කට්ටක් කාලා තියනවනේ..

ගණන් ගන්නෙපා.. වැටෙන්නත් එපා..


ජය!

Anonymous said...

ලක් එක තියනව නම් ගොඩයන එක සක්කරයටවත් නවත්තන්න බැහැ. එළටම වැඩ ටික කරනවකො !

Unknown said...

මේක කියවනකොට මට මගේ කතාවත් මතක් වෙනවා...!! මාත් ඔහොමම තමා කොල්ලෝ .....!!

මම පලවෙනි අවුරුද්දෙ A/L වලට ලොක්කා වගේ මැත්ස් කරා...! කෙල වුනේ නැතේ හොදටම...!!! පස්සෙ මැත්ස් අතඇරලා කොමස් කරන්න ගියා...!! ඒත් එතකොට සර්ලා කියාපි 2010 A/L බැච් එකට ගන්න බෑ කියලා....!! හෆොයි එතකොටනම් මම මානසිකව අන්තෙටම වැටිලා හිටියේ...!! ඒත් කට්ටියම කිව්ව නිසා 2011 A/L බැච් එකට ගියා..!! ඒත් හිතට මොකක්ද වගේ...!! මේ ජනවාරි(2010) වෙනකොට මම A/L කියන එක හිතෙන් අතඇරලා දැම්මා...!!

ඉස්කෝලෙනුත් අයින් උනා...!
දැන් ඔක්කොම එපා කියලා ඩිග්‍රී කට්ටක් කරනවා.( කම්පියුටර් සිස්ටම් ඩිසයින්)...!!! ඒකනම් සිරාවට කරගෙන යනවා....!!!...!! කට්ටිය කිව්වට A/L නැතුව මොනවත් කරන්න බෑ කියලා ... මම ඒක කවදා හරි බොරු කරල කට්ටියටම පෙන්නනවා බන්....!!


ඔයාටත් තියෙන්නෙ ඔය ටිකම තමා..! හැමෝටම එක වගේ ඉගෙන ගන්න බෑ...! එහෙනම් හැමෝම ඉන්ජිනේරුවෝ, දොස්තරලා වෙයි...! තමන්ට පුලුවන්දේ තෝරගෙන කරන්න පුලුවන් නම් එච්චරයි...!! ඒ පැත්තෙන් අන්තෙටම යන්න අපිට පුලුවන්....!! 3 ඊඩියට්, තාරේ සමීර් පර්, වගෙ ෆිල්ම් බලලා ඇත්නේ..!!



෴ අනාගතයට සුබපැතුම් ෴

Unknown said...

මචන් උබේ කතාව මාව motivate කරා බන්.. මත් 2011 A/L commerce කරන්නෙ.. කට්ට කාලා එපාම වුන තැන තමයි.computer එක දැම්මෙ.. ජීවිතේ හරි පුදුමයි බන් කෙලින්ම දැක්කෙ මෙ උබේ blog එක මට මාර සතුටුයි. ගොඩක් ස්තුතී..

Post a Comment

content top