content top

2010-06-01

මගේ ආදරේ එයාට කියපු හැටි..

මේ විදියට නම් කවුරුත් ආදරේ කියලා නැතුව ඇති. මම කෙටියෙන් කියන්නම්කෝ. මම 11 වසරේ ඉදලාම මගේ පැංචි ගැන ඉහටත් උඩින් බලාපොරොත්තු තියාගෙන හිටියේ. හිත ගිය තැන මාලිගාව කියනවනේ. ඒත් කියන්න බයයි.. අපේ යාළුකම තියාගෙන හරි ඉන්න මං හරි ආසාවෙන් හිටියේ. එයා ලග ඉන්න මං හරි ආසයි. 11 පංතියෙදි වැඩ කරනකොට එහෙම අපි එකට වැඩ කරනවා. මං සමහර වෙලාවට කෝල් දීලා එයා හෙලෝ කිව්වම කට් කරනවා. එයාගෙ කටහඩ අහන්නත් හරි ආසයි. ඒත් කෝල් කරාම ගොළු වෙනවනේ. අපි දෙන්නා ගොඩක් හොද යාළුවෝ වෙලා හිටියේ. එයා කාටවත්ම යාළුවෙක්ට් Birthday Card එහෙම දීලා නෑ.. ඒත් එයා මට දුන්නා. මට ඉගිලෙන්න හිතුනා. කදුලු පිරුනා ඇස් වලට. අනේ මේ ආදරේ කියන්නේ කොහොමද කියලා හිතුනා.....

ඔහොම ඉන්නකොට O/L ලං වුනා.. ඒකත් කරා කියමුකෝ. ඊට පස්සේ මාස 4ක්ම Result එනකම් ගෙදරට වෙලා ඉන්න වෙනවනේ. ඒත් දෙයියනේ එයාව නොදැක ඉන්නේ කොහොමද දෙයියනේ. ඉතින් විනාඩියක විතර කෝල් එකක් තමයි. අනේ මේ දුක කාට කියන්නද? දැන් ගෙදර ඉන්නකොට Course වලට එහෙම යනවනේ. මං එයාගෙන් ඇහුවා පංතියකට එහෙම යන්නේ නැද්ද කියලා. එයා කිව්වා Computer Course එකකට යමු කියලා. මං ඉතින් පැනගෙන ගියා. අපි දෙන්න එකට ගියා, එකට ආවා, එකට බස් එකේ ආවා.... අම්මා සතුට... වැඩේ කියන්නේ එයාට පංතිය හරි නෑලුනේ.. මට නම් ඉතින් හරි නැති උනත් මොකද. ඒත් ඉතිං එයා එන්නේ නෑනේ. මොනා කරන්නද දුක තමයි. මං ඉංග්‍රීසි පංතියකටත් ගියා. මං එයාට එන්න කිව්වට එයා ආවේ නෑනේ.

ඔහොම ඒ මාස 4ත් ගෙවිලා ගියා. Result ආවා. අපි මේ දවස් වල ස්කෝලෙට ඇප්ලිකේශන් දානවා. දැන් දාලා ගෙදර ආවා. ඉන්නකොට YFM අහගෙන හිටියා. යවන්න හිතුනා එකට SMS එකක්.

Type කරේ මෙන්න මෙහෙමයි. "mama shan my dream girl varu lassana sinduwakata ekatu karaganna" කියලා.

දවසකුත් මෙහෙම යවලා තියෙනවා. එදත් කියෙව්වා.. ඉතිං අදත් යවන්න හිතුනා. දන්නවනේ Sony Ericsson වල SMS යවන ක්‍රමේ.. Recent Numbers තමයි උඩින්ම තියෙන්නේ. උඩින්ම තිබුනේ කෙල්ලගේ නම්බර් එක. මලා SMS එක SEND වුනේ එයාට.. මාව දැන් ගැහෙනවා...එයා කෝල් කරා. අම්මෝ Answer කරන්න නම් බෑ. මං ගෙදර ෆෝන් එකයි මගේ ෆෝන් එකයි Off කරලා හිටියා. සෑහෙන දවසක් ඔහොම හිටියා... ආපහු On කරා. එයා කෝල් කරා ආපහු. SMS එක ගැන ඇහුවා. හැබැයි කෙල්ල ඇහුවේ එච්චර අවුලකින් නෙමෙයි කියලා නම් තේරුනා. ඉතින් මාර Happy.

දැන් ඉතින් අපි ස්කෝලේ යනවා.. මට ඉතිං හිතුන ඉවසුවා දැන් ඇති කියලා. මං ඇහුවා. හරියටම, 2008-07-02. එයා එක පාරටම උත්තරයක් දුන්නේ නම් නෑ. ඒත් මට හොදටම තේරුනා ඒ කෙල්ල මට ආදරෙයි කියලා. 2008-10-14 එයා මට කිව්වා ආදරෙයි කියලා. ඉගිලෙන්න හිතුනා... යේ.... එදා ඉදන් අපි හරි ආදරෙන් ඉන්නවා.. හිතාගන්නවත් බැරි තරම් දැන් අපි ලංවෙලා... මේ කෙල්ල මගේ A/L ජිව්තේදී උදවු කරපු තරම් මගේ A/L ජීවිතේ පෝස්ට් එකෙන් බලගන්න පුළුවන්.

කොහොම වුනත් අර SMS එක නැත්නම් අද අපි මෙතන නෑ.

23 ප්‍රතිචාර:

පබලු said...

SMS එකක් ගිය දුරක්... :)
ඔයාලගේ මේ සුන්දර ආදරේ විවාහයකින්ම අවසන් වේවා!!කියල සුභ පතනවා..

ඔබ මගේ ජීවයයි
මා හදේ රිද්මයයි
කුලුදුලේ සිත් මලයි
ආදරේ....... <3 <3

Geekhunter said...

බොහොම ස්තූතියි පබළු....
පාසල් බිමේ හමු වූ සුරකුමරියේ........

Anonymous said...

ela ban ... ela

ගීත් (සහෘදයා) said...

හිහ්.....මාරයි ආහ්......මගේ ආදරයත් මතක් උනා. එදා තමයි ජීවීතේ බියකරුම දවස :D

පිස්සා පලාමල්ල said...

මම උබේ උසස් පෙල ගැන ලිපිය කියෙව්වම ඔය දෙන්න එකතු උන හැටිත් ලියන්න කියන්න හිටියේ... ඔය ලියල තියෙන්නේ...

සුබ පැතුම්...

ඒකත් ලස්සන කතාවක්...

Kasun Nadeeshana said...

"ඒත් කියන්න බයයි.. අපේ යාළුකම තියාගෙන හරි ඉන්න මං හරි ආසාවෙන් හිටියේ."
ඔන්න ඔය කියාගන්න බැරි බය නිසා තමා මට කෙල වුනේ. නමුත් මොකක් හරි වාසනාවකට SMS එකක් ඔයාට වාසනාව ගෙනවා. සුබ පැතුම්.

Namila said...

මරු බන්ස්....අපිත් කරමුකො...මේකටට්IT සිංහලෙන් ඇවිල්ල යන්න. ;)

Anonymous said...

What a way to express ur feeling... Jaya wewa!!

Matath mathak una mama yaluwenna ahapu heti..
Api denna poddak aduranawa me wenakota and I told her that I have a girlfriend kiyala about few weeks ago...

Me : Nangi, Oyata boy friend kenek innawada kiyala ara aiyalagen kenek ahanawa..

She : Mona aiyada ahanne ?

Me : Oya mona aiya ahuwoth da "no" kiyanne mona aiya ehuwoth da "innawa" kiyanne ?
(She was stucked with no answer)
so the again I said.."Api hithamu mama ahanawa kiyala.."

She : Oyata GF kenek innawa kiuwe ?
Me : eeka boruwatane kiuwe..
She had a "lovely" smile on her face that told me everything!!

CBTBlogger said...

මරු කතාව හොදේ,මටත් ඔයවගේ මුලින්ම ටිකක් බය හිතුන,නමුත් පස්සෙ වැඩේ කරගත්ත

පසන් Sid said...

මාත් sms 1k යවලා බලන්න ඕනේ

Anonymous said...

හුටා.....!පබලු කියල තියෙන්නෙ ආදරේ විවාහයකින් අවසන් වේවා කියල.එතකොට විවාහයට පස්සෙ ආදරේ නැද්ද...........?

Ruwan bhagya said...

ela kolla ela aaaaaaaaaaa

Geekhunter said...

දැනුයි කොමන්ට් පේලිය දැක්කේ.. පංති ඇරිලා ආවා විතරයි..

@ ගීත්,
නැතුව ගීත්, ආදරේ කියන දවස තමයි ජිවිතේ බියකරුම දවස.. අම්මෝ තාමත් මතක් වෙනකොට පිස්සු හැදිලා, ආපහු හැදෙනවා.

@පිස්සා අයියා,
අයියගේ දිනිතිගේ ආදර කතාව අහලා තමයි මතක් වුනේ ලියන්න.. කතා නම් ලියන්න දන්නේවත් නෑ.. ඒත් මෙහෙම සුන්දර අත්දැකීම් ඉබේම ලියවෙනවා...

@Kasun
බොහොම ස්තූතියි කසුන්. අනිවාර්යෙන්ම හැමදේටම ඉස්සර වෙන්න ඕනා. නැත්තම් පසු තැවෙන්න වෙනවා.

@නමිල & පසන්
හැමෝටම වෙනස් වුන ආදර කතාවක් තියෙනවා මිත්‍රයා.

@ලසිදු
තැන්කූ ලසිදු. කොහොම හරි ගොඩදාගන්න ඕනනේ. හිත ගියාම එහෙම ලේසියෙන් අත අරින්න පුළුවන්ද.. කොහොම හරි ආදරේ ජය ගන්න ඕනා...

@Anonymous
හී හී. නෑ මං හිතන්නේ පබළු කියන්නේ හුගාක් ආදරෙන් ඉදලා විවාහයකින් අවසන් වෙන්න කියලා.. හුගක් ඒවයි මගින් නතර වෙනවනේ ඉතිං. විවාහයට පස්සේ තවත් ආදරෙන් ඉන්න එපැයි.

@රුවන්
එලම තමයි මචන්..

තීර්ථ යාත්‍රිකයා said...

සුභ පැතුම්!

මහ බඹා මගෙ නලලෙ කෙටු හැටි
කියන එක හරි මදිද මන්දා
රටේ හැමතැන කරක් ගහලා
ඈට හිතගියෙ මොකද මන්දා
උපන් වසරට වසක් කලියෙන්
නොඉපදුනේ කරුමයද මන්දා
ඒ වැරැද්දට අහිංසක මට
ලැබුන පිළිතුර "අනේ මන්දා"

ඔන්න මට වෙච්චි දේ

Hasitha Gunasinghe said...

Y FM එකට ජය වෙන්න ඕනේ. දැන් කාලේ තියෙන Original Youth FM එක කියන්නේ නිකම් ද?

සිරකරුවා said...

එල එල.. කමෝන් YFM

Geekhunter said...

@ තීර්ථ,
ඒවයින් සැලෙන්න එපා මිත්‍රයා.

@ Hasitha & සිරකරුවොත් මනුෂයයෝ ය.
ඒකනේ.. ඒකට SMS යවන්න හිතුන නිසානේ අද මේ විදියට ඉන්නේ

C0de BlUe said...

SMS එක හොයාගත්ත දෙයියව අදහන් අද ඉඳලා !!!:P

Geekhunter said...

හී හී එහෙම කරන්න වටිනවා නේන්නන් හිතලා බැලුවම.

ජංජාල චාමර said...

මරු!!! එල!!! පට්ට!! :) සතුටුයි!!!

හැමදාම ආදරෙන් හිටපල්ලා!!! මෙන්න සුබ පැතුවා!!!!

Geekhunter said...

@ චාමර
බොහොම ස්තූතියි මචන්.. හැමදාම ඒ කෙල්ලත් එක්ක ආදරෙන් ඉන්නවා..

Anonymous said...

පට්ට සිද්දිය අයියා ඹයා මගේ සිරා යලුවනේ මාර සතුටුයි අයියාගේ සයිට් එක දැකලා මේ කවිය මයාට හොදේ

ලස්සන ශාන් අයියා හරි වැඩකරුවා
පිස්සුවක් කෙලලා හරියට වැඩකෙරුවා
ලක්ෂ‍නයි ‍වැඩෙ අයියගේ පේම් බබරා
ලස්සන ශාන්අයියට සුබ පතමි මෙමා
.................උම්මා..
මම ලස්සන මල්ලි

Geekhunter said...

අප්පට සිරි දුෂාන්ත මල්ලී... තැන්කූ, තැන්කූ. කවිත් ලියනවද? හි හී.. බ්ලොගයකුත් පටන් අරන් තියෙන්නේ.. ජය වේවා.. ය යා.. අපි එහෙම තමයි....

Post a Comment

content top