content top

2010-06-19

රස්තියාදු ගහන Couple පොලීසියෙන් අල්ලන් යනවලුනේ

මාරම වැඩක් මෙහෙ වෙන්නේ.. මෙහේ තමයි කළුතර. ඔන්න ඊයේ පංතියේ ඉන්නකොට හොල්මන් වෙන ආරංචියක් ආවේ. පංතිය ලග තියෙන පාරක හිටපු කපල් එකක් පොලීසියෙන් අල්ලන් ගිහින්.. අපේ සෑර්ට ආරංචිය ඇවිත් අපිටත් කිව්වා.. හී හී මාරම වැඩේ. අපිත් හොයලා බැලුවා. සිරා කතාව. දැන් ඉතින් එකට පාරේ යන්න බැරි තත්වයක්නේ උදා වෙලා තියෙන්නේ. අපේ එවුන් ඉතින් පාරවල් ගානේ මල් කඩන්න ගියාම කෙලවරක් නෑනේ. ආපෝ ආපහු නම් ඇවිදින්නවත් යන්නේ නෑ. අනිත් එක පොලිසියට මෙහෙම කරන්න තියෙන අයිතිය මොකද්ද? ඔය ගැන කතා කරන්න ගියොත් පිස්සු හැදෙනවා.

කාලයක් මෙහෙම නීතියකුත් තිබුනා. ස්කොලේ යන කොල්ලොන්ගේ බැජ් එක තියෙන්වද බලනවා. කලිසම ඉන ලගට තියෙනවද බලනවා. හි හි දවසක් මාවත් අල්ලගත්තා.. මහ ටවුන් එකේ කෙල්ලෝ ගොඩක් මැද්දේ. වස නෝන්ඩිය. මොනා කරන්නද ශේප් එකේ කලිසම උස්සගත්තා. තව කෙල්ලොන්ගේ ඉන පටිය, බැජ් එක එහෙම බලනවා.

අනේ මන්දා මෙයාලට වැඩක් නැද්ද කොහෙද. අපේ තියෙන මානව අයිතිවාසිකම් කඩ කරන්නේ ඇයි මෙහෙම? ඒකට ජර්මනිය, පෙම්වෙතුන්ට වෙන්වුනු Red City කියලා නගරයකුත් තියෙනවා. කොහොම උනත් ලංකාවේ මේ නීති ටික කාලෙකින් නැති වෙලා යනවා. එතකම් පරිස්සම් වෙලා ඉන්න ඕනා. ඉතිං ඔයාලගේ පැත්තෙත් මෙහෙම නීතියක් එහෙම තියෙනවද?

24 ප්‍රතිචාර:

ඉලංදාරියා said...

මොන මගුලද්ද මේ

පාරේ ආදරේ කරන්නත් බැහැලු...
පාක් එකකට යන්නත් බැහැලු...
වැව රවුමක යන්නත් බැහැලු...

........

ජංජාල චාමර said...

මුන්ට පිස්සු බං!!!පොලිසියේ එවුන්ට වෙන වැඩ නැද්ද!!!ලංකාව කොහාටද මේ යන්නේ කියලා හිතාගන්නවත් බෑ මචෝ!!

Anonymous said...

මුන්ට වෙන වැඩ නැද්ද බන්

lakmal8888 said...

කොච්චර අපරාද ලන්කාවෙ වෙනවද!ඒවා හොයනවට වඩා අහින්සක කොල්ලෙකුයි,කෙල්ලෙකුයි අල්ලන1ලොකු දෙයක් කියල හිතනව ඈති මේක නම්ම් මහා ලොකු අපරදයක්.......!
පෙම්වතුනි නෑගිටිව්!.....නෑත්නම් පොලිසියට ගෙනියයි.........!

Anonymous said...

වෘෂණ කෝෂ නැති‍ පොලීසියයි පාල‍කයොයි. උන්ට ජන්දෙ දෙන ඡන්දදායත පිම්පියොයි.

සෑම් said...

මල කෙලියයි...

Geekhunter said...

කට්ටියම කොමන්ට් කරලා තියෙන්නේ..

@ඉලංදාරියා
අනේ ඒකනේ බංස්.. මොන මගුලක්වත් කරගන්න දෙන්නේ නෑනේ. ශේප් ඒකේ මලක් කඩන එකටත් මුන් කෙල කරනවනේ...

@චාමර
මුංට පිස්සු නේන්නං බං.. නැත්තම් මේ කාටවත් කරදරයක් නැති කට්ටියක්ව අල්ලන් යන්නේ අහවල් දේකටද? මේවා කාගේ නියෝගද මන්දා බං...

@දුෂාන්
වෙන වැඩක් නැතු ඇති බං.

@lakmal
ඔව් බං මේවා කාට කියන්නද? මේ ලොකු අපරාධ හොයනවට වඩා මුන්ට මේ වැඩේ ලේසියිනේ. ඒකයි වෙලා තියෙන්නේ. මේ ලස්සන ලංකාවේ පෙම් කෙලීමත් දැන් තහනම් වෙලා.

@Anonymous
හ්ම්ම්.. ඒකනේ අපි ඔය ඡන්ද පස්සේ යන්නේ නැත්තේ..

@සෑම්
මල කෙලියයි නේන්නම් බංස්... ශේප් ඒකේ මලක් කඩාගෙන ඉවරයි.

කොහොම උනත් අපි පව්.....

Anonymous said...

පලවෙනි ඇනියා වෙතටයි.....

පොලීසියට වෘෂණ කෝෂ නැති එකද හොර ලව් කරණ එකද කියල තමයි අහන්න වෙන්නේ.. කට්ටිය පොලීසියට බනිනවා.. මොකද ඔය අල්ලන ලව් පලහිලව් ‍ගෙවල් වල අය දන්නේ නැති නිසා... දන්නවනම් ප්‍රශ්නයක් නෑනේ... බොරුවට කෑ නොගහ ඉන්නවා....
පුලුවන්නම් මේකට විරුද්ධව නැගී ඉන්නවලකෝ... ගෙවල් වලින් එලවයි තොපි.. ඉගන ගන්න කාලේ ලව් කරනවා කියල... :D :D :D

Geekhunter said...

දෙවෙනි අනියා වෙතටයි..
මචන් ඒක ඇත්ත වෙන්න ඇති.. ඒත් මේ දේ පොලිසියට අදාල නැහැනේ.. කාටවත් කරදරයක් නැති අයට ඇයි මේ අය මෙහෙම කරන්නේ. අනිත් එක ඒ සිද්දියෙන්, ඒ කෙල්ලට වෙන නින්දාව.. ආපහු ඒ කෙල්ල පාරේ බැහැලා යන්නේ කොහොමද? ඉගෙනගන්න කාලෙත් කොල්ලෙක් සාර්ථකත්වය පි‍ටුපස කෙල්ලෙක් ඉන්නවා මිත්‍රයා.

C0de BlUe said...

"කොහොම උනත් ලංකාවේ මේ නීති ටික කාලෙකින් නැති වෙලා යනවා. එතකම් පරිස්සම් වෙලා ඉන්න ඕනා. ඉතිං ඔයාලගේ පැත්තෙත් මෙහෙම " ; ලබන ආත්මේ වෙනකම්ම ඉන්න වෙයි ~ :P

Anonymous said...

කල්ල එක්ක යන්නෙ නතු පොලිසියෙ උන් එක්ක yannada ? බන්......

අනුරාධ said...

මේ ගැන ඔන්න මමත් පහුගිය දවසක හෙන හෑල්ලක් ලිව්වා. කැමතිකෙනෙක් ඉන්නවනම් ගිහිල්ල කියවනවා හොඳයි.

http://ananthayata.blogspot.com/2010/06/blog-post_13.html

Madhawa Niyarepola said...

ලන්කාවෙ වෙන දෙවල් නවත්තන්න වැඩිහිටියන්ට දඩුවම් කරල වැඩක් නෑ.. උන්ව දැන් හදන්න බෑ... හොදම දේ තමයි ඉස්කොලෙ යන කාලෙදිම හදන්න ඔනෙ...පොලිසියෙ මෙ වැඩ වලදි රිදෙන්නෙ එක්කො එ වගෙ ඉස්කොලෙ කාලෙ පාරවල් ගානෙ ලව් කරන ලව් එකෙන් අන්ද උන එඋන්.. නත්නම් ආන්ඩුව හරිදෙ කරත් වැරදි දෙ කරත් හැම දේටම වැරදියි කියල කෑගහන උන්...

Geekhunter said...

@හිගන්නා
හ්ම්.. ලංකාවේ නිති ගැන නම් මොන කතාද මචන්.. වැඩිහිටියන්ට පමණයි ‍ෆිල්ම්ස් මොකද වුනේ.. අතිගරු ජනාධිපති තුමා කෑ ගහලා කිව්වේ...

@අනුරාධ
ආහ් මම කියෙව්වා. ඇත්ත තමා කතාව..

@Madhawa Niyarepola
මචන් බලහන්. මෙහෙම අරන් යන්නේ ස්කෝලෙ යන එවුන් විතරක් නෙමේනේ.. 18+ වැඩියි නම් ඊටත් මොකද කියන්නේ. ස්කෝලෙ යන පොඩි එවුන් අරන් ගියා නම් කමක් වත් නෑ.

Hasitha Gunasinghe said...

ලංකාවේ මේ වෙද්දී අපරාධ ඔක්කොම නැතිවෙලා දූෂණ, භීෂණ නැතිවෙලා තියෙන්නේ. පොලිසියේ මහත්වරු නිකන් නේ ඉන්නේ. ඒක නිසානේ පොලිසියෙන් දැන් සදාචාරේ රකින්න ඇවිත් තියෙන්නේ. අනේ අනිච්චං :)

බොස් said...
This comment has been removed by the author.
බොස් said...

හුටා...මටයි ජබොස් නංගිටයි කෙල වෙයිද දන්නේ නෑ!!

Namaldanushka said...

අනේ මන්දා..මේ උසස්පෙල හින්ද මාස ගානක් යාලුවාව හමු උනේ නැ...හිතගෙන හිටියේ විභාගයෙන් පස්සේ මල්වත්ත පැත්තේ වත් එක්කන් යන්න...දැන් හරිනේ ඒකටත් කෙලවේවි වගේ.....මුන්ට හෙන ගහන්න ඕන...උන්ගේ වයසෙදි කරන්න ඕන හැම නින්දිත වැඩක්ම කරල....දැන් එනව අසොභන ගැන කියන්න...ඇත්තටම මේ යක්කුන්ට අතීතයක් කියලා දෙයක් මතක නැති හැටි....එක අතකට පුදුමයකුත් නැ...මොකද මේක ශ්‍රි ලංකාවනේ..

Anonymous said...

ඔය දැන් පොලිසියට විරුද්ධව කතා කරන, ටියුෂන් යනවා කියල ගෙදරින් ඇවිල්ලා අහුමුළු අස්සෙ රිංගගෙන පොඩි පොඩි සිල්ලර වැඩ කරන (ඒකටලු 'ආදරේ කියන්නෙ! පුහ්!) උදවිය, තව අවුරුදු 10-15 කින් තමනුත් දෙමාපියො වෙලා, තමන්ටත් ලොකු මහත් වෙච්ච දරුවො (විශේෂයෙන් දූලා) ඉන්න කාලෙකත් ඔය අදහස් ආකල්ප ඔය විදියටම තියාගන ඉන්න පුලුවන් වෙයිද කියල බලමුකො. අනික දැන් ඔය පොලිසියට බනින මේ චූටි මල්ලිලාට පුලුවන් තමන්ගෙ දෙමාපියන්ගෙන් ඔය ගැන අහන්න. පොලිසිය කරපු වැඩේ හරිද වැරදිද කියල. කවුරු හරි ඉන්නවද එහෙම අහපු කෙනෙක්? 'අම්මෙ , තාත්තෙ, මං අද ටියුෂන් යන්නෙ නෑ කෙල්ල එක් පාක් යනවා' මෙහෙම කියල ගෙදරින් ආපු කෙල්ලවයි, කොල්ලවයි පොලිසියෙන් අල්ල ගත්තනම් අන්න වැරදියි. මොකද අම්ම තාත්තාට කියලනෙ ආවෙ. මේවා තේරුම් ගන්න උඹලා තාම පොඩි වැඩියි. දරුමල්ලො ඉන්න කාලෙක තේරෙයි. එතකන් අහුමුලු අස්සෙ රිංග රිංග ආදරේ කරපල්ලා.

ගිහාන් said...

එතකොට දැන් පොලිසීයෙ අය ලව් කරන්නෙම නැද්ද???? හික්ස්..

Geekhunter said...

@Hasitha
ඒකනේ මේ අයටත් වැඩක් තියෙන්න එපැයි.

@බොස්
බය වෙන්න එපා. ලංකාවේ නීතී ටික කාලයයි නේ...

@Namaldanushka
අනිවා මචන්...

@ඇනියා.
මිත්‍රයා ඔයා කියන්නේ දෙමව්පියෝ හොයලා දෙන කෙනෙක් බැදලා ඔහේ ඉන්න කියලද? සිගිති ආතල් කතා කියන්න එපා. මේ ලෝකෙ ප්‍රේමය කියලා දෙයක් තියෙනවා. මේ ගොල්ලෝ මෙහෙම කරන්නේ අවුරුදු 18-24 අතර අයටනේ.. ගෙවල් වලින් දන්නවද කියලා හොයලා බලන්නේත් නෑ. නමක් ඇතුව ලිව්වොතින් නමෙන් පිළිතුරු දෙන්න පුළුවන්... ඒක නිසා නමක් දානවා නම් හොදයි. කොහොමත් පොලිසියට බනිනකොට සමහර අයට වැදෙන එක අරුමයක් නෙමයි... සිගිති ආතල් කතා එපා..

@ගිහාන්
නෑ මේ අය උඩින් පාත් වෙච්ච කට්ටියක්නේ. හික්ස්

Writer3744186549 said...

අනේ මචන් මම නම් මේ වගේ මල ඉ (ලව්) කතා කියවන්න ආස නැහැ. කාව පොලිසියෙන් අල්ලන් ගියත් කමක් නැහැ. ඔයාගෙ Posts වලට අර "විශිශ්ටයි, හොඳයි, නරකක් නැහැ" කියල Vote කරන්න තියෙන්නෙ. අන්න ඒ සෙට් එක දාගන්න හැටි කියල දෙනවකො.

පිස්සා පලාමල්ල said...

දැන් කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කරන එක තමා රටේ තියෙන ලොකුම අපරාදේ.. ඕකුන්ව අල්ලලා එල්ලන්න ඕනි කරන වැඩ වලට...

කුඩු විකුනන එක.. මිනී මරන එක... හොර මැරකම් නම් මොනවද නේද බන්...

ඒ වගේද ලව් කරන එක.. සහ ගහන අපරාදයක් නේ

Geekhunter said...

@පිස්සා අයියා
අනිවා අයියේ.. දැං මේ පැත්තේ ලොකුම වරද තමයි ලව් කරන එක. අයියට දැන් ලංකාවට එන්න කලින් දෙපාරක් හිතන්න වෙයි.. මෙහේ වෙන්නේ නියම වැඩ..

Post a Comment

content top